ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම ඊයේ භාවනාව ම කරා. එතන අර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගොස් චතුත්ථධ්‍යානයට යමි කියන තැනින්, මං එතනින් පටන් ගත්තෙ. ඒක පටන් අරගෙන දැන් ඊයේ මං බැලුවා නේ උපසමාධිට්ඨානය. එතකොට එතෙන්දි කිව්වා නේ අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ වාගේ ඒ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි ඒ කොටස් තුනට බැලුවා එකක්වත් එන්න දෙන්නේ නෑයි කියන එක. එතකොට මොන ම ආකාරයකින්වත් ඉදංසච්චයට පරාමාසකායගන්ථය ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නෑයි කියන එක. එතකොට දැන් මෙතන හරියට මේ, ඔතන මං බැලුවේ විමංසාව ඉද්ධිපාදයයි මේකයි අතර වෙනස කියන එක.
මෙතෙන්දි උපසමාධිට්ඨානයේ දී අපිට පේනවා හරියට නිකන් මේ බලකොටුවකට මනුස්සයෝ තුන් දෙනෙක් ඇතුල් වෙන්න හදනවා දොරටු 3 න්. එන්න හදනකොට එන්න දෙන්නේ නෑ. එන්න දුන්නෙ නැතෙයි කියන එක තමයි ඒ උපසමාධිට්ඨානය කියන එකේ තියෙන්නේ. විමංසා ඉද්ධිපාදයේ දී අර ඇතුළේ ඉන්න කට්ටිය ඉඳන් කියනවා හොඳයි ඒ අයට එන්න දීපු නැති එක කියලා. ලෝභයයි ද්වේෂයයි මෝහයයි එපා කියන එක, ඒක එන්න නොදිය යුතුයි කියන එක ඇතුළෙදි අනුමත කිරීමක් කියන එක තියෙනවා වාගෙ.
ඊට පස්සේ සබ්බනිස්සග්ගය කියන එක බැලුවා. ඒ සබ්බනිස්සග්ගය බැලුවහම, එතකොට අර රූපය නිසා ඇති වෙන්නා වූ කොටස් ටික අපිට පේනවා අර රූපය අල්ලගෙන විඤ්ඤාණයේ පැවතීමක් නේ තියෙන්නේ. ඒකට ඉඩ දෙන්නේ නෑ අර ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන නිසා. ඊළඟට වේදනාව අල්ලගෙන විඤ්ඤාණයේ පැවතීමක් තියෙනවා නේ. එතන ඉද්ධිපාද 4ම භාවිතා කරලා ඒකට ඉන්න දෙන්නෑ කියන එක. ඊළඟට තුන් වෙනි පාරේ සප්ත බොජ්ඣඞ්ගය භාවිතා කරනවා අපි, සඤ්ඤාව අල්ලගෙන ඒ විඤ්ඤාණයේ පැවතීමක් තියෙනවා. ඒකට එතකොට උපෙක්ඛාවට යනකොට අර වඩු බාසුන්නැහැගෙ කතාව එනවා, ඒ වඩු බාසුන්නැහැ දැන් මේ සංස්කාර බිඳෙනවායි කියන අර්ථය දන්න නිසා එයා සඤ්ඤාවට සලකන්නේ නැහැ.
ඊළඟට හතර වෙනි පාරේදි අපිට තියෙන්නේ සංස්කාර අල්ලගෙන විඤ්ඤාණය පවතිනවා කියන එක. එතකොට සබ්බ නිස්සග්ගයෙදි මේ සංස්කාර අල්ලගෙන විඤ්ඤාණයට පවතින්නට දෙන්නේ නෑ. මොකද මෙතනදි අර සංස්කාරයන්ගේ නිරෝධය පිළිබඳව තමයි මෙයාගේ ගිහිල්ලා තියෙන්නේ, මොකද අර ලෝභ ද්වේෂ මෝහ එපා කියලා මොකද ඒවා, අලෝභ අදෝස අමෝහයෙන් තමයි අපිට ආවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙන් තමයි අපි උපසමාධිට්ඨානයට ඇවිල්ලා, එතනින් විමංසා ඉද්ධිපාදයට ආවේ. දැන් මෙයා කියන්නේ සබ්බනිස්සග්ගය කියන අවස්ථාවේ දී අර සංස්කාර, කිසිම ආකාරයකින් සංස්කාර අල්ලගෙන ඉන්නේ නෑ. එතකොට මෙතෙන්දි අපිට පේනවා මේ මොන සංස්කාර ද, මේ ඇතුළේ මේ බල කොටුවක් ඇතුළෙ නේ මේ ඉන්නෙ.
එතකොට මේ බලකොටුව නිසාවත් ඇති වෙන්නා වූ සංස්කාර, මම ඉන්නවා කියලා කියන එක නිසා හෝ ඇති වෙන්නා වූ සංස්කාරයන්, ඒවා කරන්නේ නැහැයි කියන එකයි මෙතන තියෙන්නේ. එතකොට ඉතින් අර මානය, අපි දන්නවා නේ ඔතන, ඔය ඔතන්ට හතුරෝ හැටියට තියෙන්නේ ඒ මානය කියන එකයි, ඒ විමංසා ඉද්ධිපාදයට හතුරො දෙන්නා හැටියට ඉන්නේ මානයයි අවිද්‍යාවයි. එතකොට මේ බලකොටුව කියන එක නිසා හරි ඇති වෙන්නා වූ දේ අපි පහ කරනවා කියන එක මේකේ තියෙනවා. ඉතින් ඒක තමයි ඒ මං කරපු භාවනාව.