ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මං අර ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා ඒක කල්පනා කරන වෙලාවේ මට සිහියට ආවා අර බොජ්ඣඞ්ගයේ පෙන්නන, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යන එක, මේක ලෝභ දෝස මෝහ තුනට වැටෙනවා නේ කියලා. 1 අර කබලිංකාර ආහාරය කියන එක ලෝභ කොටසට වැටෙනවා. 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක ඒක මෝහ කොටසට වැටෙනවා. ඒ 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක ද්වේෂ කොටසට වැටෙනවා. මං මේ විදිහට බැලුවහම මට මනසට ආවා මේ අවිද්‍යා ඕඝය කියන එක. අවිද්‍යා ඕඝය කියන එක ආවහම මට කල්පනා වෙනවා ඒ අවිද්‍යා ඕඝය, කොහොම ද හැදෙන්නේ?
ඒක flood එකක්. එතකොට මට, මං රහතන් වහන්සේලාගෙන් ඒ, මට තේරුණේ ඒක ධාරාව වශයෙන් ගලනවා කියන අර්ථයයි. රහතන් වහන්සේගෙන් උදව් ඉල්ලුවහම රහතන් වහන්සේලා පෙන්නුවා මට අතන පරාමාසකායගන්ථයේ ඉඳන් යනවා ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට සුභයි කියලා. එතකොට එතනින් පල්ලෙහාට එනවා, ඕඝය දක්වා එන්නා වූ line එක ගත්තා. එතනින් ආපහු ඒක සම්බන්ධ වෙනවා පරාමාසකායගන්ථයට. Triangle එකක්. එතකොට මේ triangle එකේ දැන් සුභයි කියන එක අර ලෝභයත් එක්ක එන්නා වූ ඒ කොටස තමයි එතන තියෙන්නේ. මොකද කබලිංකාර ආහාරය නිසා.
එතකොට පළවෙනි සතිපට්ඨානය, පළවෙනි කොටසට ඒකට වැටෙනවා. ඊළඟට අර ඕඝය ඇති වෙන්න ඉස්සෙල්ලා ආශ්‍රවය තියෙනවා. අවිද්‍යා ආශ්‍රවය. ඒ කියන්නේ අර අත්තා කියලා ගත්තා. එහෙනම් දැන් සුභයි මගෙයි කියන කතාව මෙතන තියෙනවා. සුභයි මගෙයි කියන කතාව ආවාට පස්සෙ මේක යන්න ඕනෙ පරාමාසයට. දැන් මේක ධාරාව වගේ ගලනවා. සුභයි, මගෙයි, අර ඕඝයේ ඉඳන් අවිද්‍යා ඕඝයේ ඉඳන් පරාමාසයට ඒ triangle එකේ ඇතුල් වීමක් කියන එක තියෙනවා. ඕක නිකන් ම ඇතුල් වෙනවා නෙමේ. ඔතනින් වෙන්නේ අර පදුට්ඨමනසඞ්කප්පයයි, අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයයි අර උඩින් එන්නා වූ අර්ථය තමයි මේ පෙන්නන්නේ.
එතකොට මේකේ විඤ්ඤාණ ධාරාව ගලනවා. ඒක නිසා ඉතින් අර සෝකයට යනකන් එවෙනවා කියන අර්ථය තියෙනවා. එතකොට එහෙම නම් අපිට පේනවා, දැන් අර බලකොටුව ඇතුළේ ඉන්න එක්කෙනා වුණත් කල්පනා කරන්නේ මේක සුභයි, මේ බලකොටුව මගේ. ඔන්න ඔය අර්ථයන් තමයි එයාගේ තියෙන්නේ. එතකොට දැන් අපි අයින් කරනවා නම්, අර ලෝභය නැති කරමී කිව්වහම සුභ කතාව කියන එක එතනින් අයින් කරනවා. ඊළඟට ගත්තහම මෝහය නැති කරමී කිව්වහම අර මගේ කියන කතාව නැති කරනවා. එතකොට මේ දෙක නැති කරනවා නම් ඉතින් අර, මේ දෙක තියාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා නේ හිතන්නේ. එතකොට, දැන් ධාරාව ගලනවා නම් මනුස්සයෙකුට හිතෙනවා මම ඉන්නවා කියලා. එතකොට දැන් ද්වේෂය නැති කරමී කිව්වහම මෙහෙම ඉන්න බෑ කියන එක තේරුම් අරගෙන, අර අදෝසය කියන එකේ තේරුමට ඇවිල්ලා මෙහෙම ඉන්න බෑ කියලා මේ ධාරාව මේකේ පරාමාසයට ඇතුල් වීමක් කියන එක ඉඩ දෙන්නේ නෑ. එතකොට සිතට ස්ථාන වන දේ කියන එක, ඒක පවතින්නේ නෑ කිසිම ආකාරයකින්. ඔන්න ඕක තමයි ඒ කරපු භාවනාව.
ඒකේ අර වැදගත්කම තියෙන්නේ අර, රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වේ අර පරාමාසයට ආපහු එනවා කියන එක අර අවිද්‍යා ඕඝය නිසා මේකට ආපහු එනවා කියන එක, පරාමාසයට එනවා කියන එක තමයි ඒක වටහා ගන්න ඕනෙ. එතකොට පරාමාසයෙන් ඉදංසච්චයට ගියා. ඉදංසච්චයේ ඉඳන් මගේ කියලා අරගෙන මේ ධාරාව හරහා අපි ආපහු පරාමාසයට ඇතුල් වුණා. ඉතින් ඒක තමයි ඒ මං කරපු භාවනාව.