Date: 08/11/2014 Name: Naama Rupa bhavana

ඒ පූජාවෙන් පස්සෙ මම කල්පනා කළේ කලින් කරපු භාවනාවක්. ඒ කියන්නේ ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන්නා වූ භාවනාවක් පෙන්නුවා රහතන් වහන්සේ කලින්. දැන් ඔය ප්‍රමාදවිහාරී සූත්‍රයේ පෙන්නනවා ඔය ධම්මමච්ඡරිය කියන එක, ඒ කියන්නෙ දැන් අපි මොකක් හරි එකක් අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියලා ගන්නවා නම් ඒකෙන් ප්‍රමාදය වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ප්‍රමාදවිහාරී, යැයි කියනවා කියලා.

එතකොට දැන් එහෙම නම් කල්පනා කළා ඔය ධර්මයත් අපි අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියලා ගන්නවා. එතකොට ඒ ධර්මය අභිනන්දනා කරනවා නම් ඒ කොයි අවස්ථාවේ ද කරන්නේ කියලා බැලුවා. ඒක ඔය අට වෙනි රවුමේ දී තමයි එතන ඒක සිද්ධ වෙන්නේ. අර වේදනාවයි චේතනාවෙයි අතර තමයි ඒ ධම්මමච්ඡරිය කියන එක තියෙන්නේ. එතකොට දැන් ඒ ධර්මය අභිනන්දනා කරනවා නම් අපිට පේනවා එතනින් අර චේතනාවට ආවා, චේතනාවෙන් අපි එනවා අවිද්‍යා ආශ්‍රවයට. අවිද්‍යා ආශ්‍රවයට ආවා නම් අවිද්‍යා ආශ්‍රවයෙන් එනවා දිට්ඨි ආශ්‍රවයට. දිට්ඨි ආශ්‍රවයෙන් පල්ලෙහාට යනවා දිට්ඨි සල්ලය. දිට්ඨි සල්ලයෙන් ගිහිල්ලා අර සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා.

ඉතින් ඕක, ඒක කලින් බලපු අවස්ථාවේ දී ඉතින් ඒ වෙලාවෙම එකපාරට ම ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගියා. ඉතින් දැන් මං මේ වෙලාවෙදි මේ බැලුවේ, මේ විදිහට මේ ඒ සඤ්ඤාවන් අභිනන්දනය කරන පුද්ගලයා ඒ කිරීම හේතු කොටගෙන, ඔය විදිහට ඔය සල්ලයෙන් අල්ලගෙන ඉඳලා, ඒ විඤ්ඤාණයේ ධාරාව එයා කොහොම හරි අර පකප්ප පාර හරහා 50% ක් ඒක පවත්වලා තමයි මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා, ඒ කප්ප පාර, ඒ විදිහට යන්නේ. එතකොට දැන් එහෙම නම් මේ ධාරාව පවතිනවා කියන එක රහතන් වහන්සේ මට පෙන්නුවා ඔතන බලන්න කියලා අර, ඒ සඤ්ඤා චේතනා පරාමාස, ඊළඟට පල්ලෙහායින් අර අහංකාරය තිබෙන්නා වූ ඒ කොටුව. ඒ කියන්නේ පරාමාස භය අගතිය, ඊළඟට අර පරිදේවය ඇති වෙන්නා වූ ඒකේ.

එතකොට මේකේ, විඤ්ඤාණයේ ධාරාව පවත්වනවා නම්, ඒ කියන්නේ අපි දන්නවා අර උඩින් එන්න ඕනෙ, විඤ්ඤාණය සකස් වුණා, පරාමාසයට ඇවිල්ලා ඒක හරහා අර පදුට්ඨමනසඞ්කප්පය කියන එක, ඒක පාර දිගේ එන්න ඕනෙ කියලා. එතකොට දැන් මේක දිගේ ආවා නම් ඉතින් අපි අන්තිමට යන්නේ ජරාව කියන තත්වයට නේ ඇවිල්ලා තියෙන්නේ ඒක දික් කරායින් පස්සේ. ඉතින් අන්න එතෙන්දි මට මතක් වුණා අර බොජ්ඣඞ්ගයේ කොටස් තුන. ඒ කියන්නේ ජරාවට පත් වෙනවා නම් ඉතින් නිත්‍යභාවයක් කොයින් ද?

එතකොට නිත්‍යභාවයක් නැත්තන් අර අත්තා ඉඳන් නිත්‍යට යන කතාව ඇදගෙන වැටෙනවා, එහෙම නම් ඉතින් අත්තෙක් කොයින් ද? අත්තෙක් කොයින් ද කියලා බැලුවහම රූපය කියන එක තමයි පවිචාරයට ආවේ. එතකොට එහෙම නම් මට කල්පනා වුණේ මේ නිත්‍යභාවයක් නැත්නම් මේ නාමරූප දෙක ම බොරු. ඒක තමයි key point එකට ආවේ. නාමයයි රූපයයි කියන අපි ගන්න එක ධර්මය නිසා හෝ ගන්නා වූ ඒ දේ, ඒක සම්පූර්ණයෙන් බොරු.

එතකොට මෙතනින් පිටත තමයි අර නිර්වාණය කියන එක තියෙන්නේ. අපි අර යමක් අභිනන්දනා කරමින් ඒක පවත්වනවා. පවත්වන තාක් ඒ ධර්මය වුණත් ඉතින් ඒ ගලාගෙන යනවා. ඒක කවදාහරි කෙනෙක් තේරුම් ගත්තා නම් මේකත් fake කියලා, අර අනාශ්‍රව චිත්තය කතාවට තමයි එන්නේ නාමරූපය fake කියලා කියන එක ආවහම. එතකොට ඒක නිසාවත් කෙනෙක් අභිනන්දනා කරන්නෙ නැත්තන් ඉතින් එහෙම නම් අර නිවන කියන එක ඒ පුද්ගලයාට පවතිනවා. එහෙම නැත්තන් අපි ධර්මය හරි අභිනන්දනා කරගෙන යනවා නම් මේක දුවනවා.

ඔන්න ඔය භාවනාව තමයි මම කළේ.