ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට භාවනාවට ඉස්සෙල්ලා ම මට පටන් ගන්නෙයි කියලා මට කලින් පෙන්නුවා, කලින් කරපු භාවනාවක්. ඒකේ තියෙන්නේ අර, ඒ සඤ්ඤාවේ ඉඳන් අපි චේතනාවට යනකොට A කියලා ගත්තොත් ඒක, මරණයේ ඉඳන් අපි ව්‍යාධියට යනවා කියන එක තියෙනවා ඒක තමයි අපි B කියලා අපි ඉස්සෙල්ලා සඳහන් කළේ. එතකොට අර vector එක වාගේ. සඤ්ඤාවෙන් චේතනාවට යනවා, මරණයෙන් ව්‍යාධියට යනවා කියන එක. ඉතින් ඕක සිද්ධ වෙන්නේ, ඒ කියන්නේ සඤ්ඤාවෙන් අපි චේතනාවට යනවා කියලා කියන්නේ, එතනින් අපි අර උඩ සංස්කාර cross එක තියෙනවා නේ. ඒ උඩ සංස්කාර cross එකේ අපි දැන් මේ බාගයක් දුර ඇවිල්ලා. Cross එක තියෙන තැනට අපි ඇවිල්ලා. තාම සුභයි කියලා ඇවිල්ලා නෑ. එතකොට එතන චේතනාව වෙනකන් ඇවිල්ලා.
දැන් ඊට පස්සේ එන්නේ මොකද, අර චේතනාවෙන් තමයි අනිත් ඒවා coordinate කරලා එහෙම එන්නෙ. එතකොට අර, අපි දන්නවා අපි නන්දිය නිසා ඇති වුණා වූ ඒ push එක නාමරූපත් එක්ක ඇවිල්ලා අර කාමේසු තිබ්‌බසාරාගො කියන්නේ, අන්න ඒකෙන් එතකොට push කරලා ගිහිල්ලා තමයි අපි සුභයි කියලා ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි රවුමක් ගිහිල්ලා මේ වෙනකොට. එතකොට මේ වටය ආවාට පස්සේ, ඕක තමයි අපි අර bell shaped curve එකක අපි අර A කියලා point එකක් ගැන කිව්වෙ. විඤ්ඤාණයේ සකස් වීමක් කියන එක.
ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ අපේ දැන් විඤ්ඤාණයක් සකස් වුණා. ඒ විඤ්ඤාණය සකස් වෙලා ඒ ආපහු අර සංස්කාර cross එකේ දැන් උඩ ඉඳන් පල්ලෙහාටයි ඇවිල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලා ආවේ පල්ලෙහා ඉඳන් උඩට. දැන් ඇවිල්ලා තියෙනවා උඩ ඉඳන් පල්ලෙහාට සංස්කාර cross එකට. දැන් මෙන්න මේ අගය තමයි අර push කරන්න යන්නේ, නෑ පදුට්ඨමනසඞ්කප්පය කියන එක. පදුට්ඨමනසඞ්කප්පය කියන එක එනවා පරාමාසකායගන්ථයට. අන්න ඒ කෑල්ලයි අපි දැන් බලන්නේ. දෙවනි රවුමේ කතාව.
ඒ පදුට්ඨමනසඞ්කප්පයෙන් ඒක එනකොට, ඒ කියන්නේ අපේ අර bell shaped curve එකේ අර B කියන point එකට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අගය ම ඕගොල්ලන්ට පේනවා A ඉඳන් B වලට ගියා කියන එක තමයි රහතන් වහන්සේ අර්ථ දක්වන්නේ ජාතිය කියලා. දැන් ඔය විඤ්ඤාණයේ ඉඳන් ඒ සංස්කාර cross එක, පදුට්ඨමනසඞ්කප්පය, මේක දික් කරගෙන ගියොතින් එන්නේ ජරාව කියන තැනට.
එහෙම නම් අපි ජරාව කියන එකට reach වෙලා ඉවරයි. එතකොට ඒක තමයි අර bell shaped curve එකේ අර B වල ඉඳන් Cවලට යනවා කියලා කියන්නේ. මොකද අර gap එක දැක්කා. ඒ කෑල්ලේ ඒ flow එක දැන් ඔන්න ජරාවට කියන එකට ආවා. ඒ ජරාවට කියන එකට මෙතෙන්ට එනකොට, දැන් ඉතින් විඤ්ඤාණය ඉපදිලා විඤ්ඤාණයේ අර නැති වීම කියන එක සිද්ධ වෙලා නේ. එතකොට මරණයේ ඉඳන් දැන් අපි එනවා, දැන් හිතන්නකො අර පල්ලෙහා පැත්තෙන් සංස්කාර කොටුව කියලා හිතන්න. එතකොට මේක පැහැදිලි වෙනවා.
පල්ලෙහා පැත්තෙන් අපිට පේනවා ඔය මරණය, එතකොට අර නිත්‍යයි කියන කතාව අපි මුලින් ඇති වෙලා තියෙනවා, එතකොට එතන දෙවනි රවුම නේ. දැන් මෙතනින් එනවා ඔය තුන් වෙනි රවුම C කියන point එකට ඇවිල්ලා තියෙනවා. ඒ පල්ලෙහා සංස්කාර කොටුවෙන් දැන් මේක යනවා පල්ලෙහාට භයේ අගතිය කියන තැනට.
අන්න එතකොට තමයි අපි කිව්වේ අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට ගියා ම මේ මරණයේ ඉඳන් අපි ව්‍යාධියට එනවා කියන එක. එතකොට මේ point එක තියෙන්නේ මේ ව්‍යාධිය වෙන්න ඉස්සෙල්ලා අපි ජරාවට පත් වෙලා තියෙන්නේ. ජරාවට පත්වුන්නැත්තන් මෙතන ව්‍යාධිය කියන එක නෑ. ඉතින් මේ භාවනාව ටිකක් අමාරුයි. මොකද අර කාරණා ටික සිහි වෙන්න ඕනෙ. එතකොට අපිට පේනවා අපි විඤ්ඤාණය මෙහෙම සකස් වුණා, හටගැනීමක් තිබුණා, ජරාවට පත් වීමක් කියන එක තිබුණා, ඒකත් එක්ක ම ඊට පස්සේ අපි අර ව්‍යාධිය කියන තැනට ඇවිල්ලා මරණය කියන එක.
ඒක තමයි මම මේ භාවනාවට කළේ. ඉතින් බොහොම ගැඹුරු, අමාරු භාවනාවක්.