ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අර ඊයේ භාවනාව ම ආපහු පටන් ගත්තා. ඒ ඊයේ භාවනාවේ තියෙන්නේ අර අපි දන්නවා මේ, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා කියන එක අපි A කියලා බැලුවා නේ. ඊට පස්සේ අපි බලලා තියෙනවා මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා කියන එක B වශයෙන් බලලා තියෙනවා. එතකොට ඕක වෙන හැටි තමයි ඊයේ අපි සිහි කළේ. ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් අපි ඒ චේතනාව දක්වා අපි යනකොට, ඒ පරාමාසයේ ඉඳන් අර උඩ තියෙනවා නේ cross එකක්. අන්න අපි ඒ තැන කිව්වොත් X කියලා, ආන්න එතෙන්ට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. සඤ්ඤා චේතනා වුණා කියන්නේ පරාමාසයේ ඉඳන් cross එක දක්වා ආවා, සංස්කාර cross එකට.
එතෙන්ට ආවාට පස්සේ අපි දන්නවා අර කාමයේ තිබ්බසාරාගය කියන එක නිසා ඉදංසච්චයට ඇතුල් වෙනවා. එතකොට ඕකට නේ අපි සුභයි කියලා කියන්නේ. එතකොට දැන් අපි අර A කියන point එක, අර bell shaped curve එකේ A කියන point එකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ A කියන point එකට ආවාට පස්සේ දැන් අපිට පේනවා විඤ්ඤාණයේ සකස් වීමක් කියන එක සිද්ධ වෙලා තියෙනවා, ඒ විඤ්ඤාණය arising කියන එක නේ ඔය කියන්නේ. විඤ්ඤාණය සකස් වුණා, දැන් මේක එනවා පල්ලෙහාට පරාමාසයට අර පදුට්ඨමනසඞ්කප්ප අගයයි කියලා අපි කිව්වා. එතකොට ඒ පදුට්ඨමනසඞ්කප්ප අගය අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය මගින් තමයි මේ පල්ලෙහාට අපි මේවා කරන්නේ.
එතකොට පරාමාසගත වුණෝතින් අපි ඕක නිත්‍යයි කියලා කියනවා. ඒ කියන්නෙ විඤ්ඤාණ ධාරාව ගලන නිසා නිත්‍යයි කියලා අපි කියනවා. දැන් මෙන්න මේ තත්වෙට ආවාට පස්සේ දැන් අපිට පේනවා මේක දික් කරෝතින්, පදුට්ඨමනසඞ්කප්ප අගය දික් කරගෙන ගියොත් ඔය ජරාව කියන එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් A ඉඳන්, අර bell shaped curve එකේ A ඉඳන් B දක්වා ගියා කියන එක, අපි කියනවා ඒක තමයි ජාතිය. B වල ඉඳන් Cවලට යනවා කියන එක තමයි මේ ජරාව කියන්නේ.
ඉතින් ඕක අද මම බලනකොට ඉතින් මගේ සිත නතර වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා ඔහොම ඉඳලා මං ආපහු ඉතුරු ධර්මයත් බලන්නෙයි කියලා මෙනෙහි කළා. ඒක මෙනෙහි කළා ම අර දැන් අපිට පේනවා දැන් ඔය පදුට්ඨමනසඞ්කප්පයෙ අගය ආවා නේ පරාමාසයට. අපි ඔන්න ඔය කෑල්ලට කිව්වොත් 1 යි කියලා, ඊට පස්සේ අර සුභයි කියලා ගන්න එක අපි කියමු 2 යි කියලා. ඉතින් දැන් සුභයට දැන් නිත්‍ය කතාව ඇවිල්ලා නේ තියෙන්නේ, 1 කියන්නෙ නිත්‍ය කතාව. ඉතින් ඕක ම තමයි අපි අර පල්ලෙහායින් ලකුණු කරන්නේ නිත්‍යයි කියලා. පල්ලෙහා සංස්කාර කොටුවේ අර 2B diagram එකේ නිත්‍යයි කියලා දැම්මේ ඔන්න ඕක තමයි.
ඊට පස්සේ දැන් ඔය නිත්‍ය කතාවට ආවායින් පස්සේ දැන් අපි ආපහු එනවා ඔය පරාමාසකායගන්ථයට. එතන තමයි අපේ අර සුඛ කතාව කියන එක තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන්ට පේනවා 1 යි 3 යි කියන එක සමානයි. නිත්‍ය කතාව තියෙන්නේ. ඒ වගේ ම තමයි ඔය 2 යි 4යි කියන එක. 2 කියන්නේ සුභයි කියලා ඇදුණා කියන එක, 4 හැටියට එනවා අර පරාමාසයට ආවා කියන එක නේ. එතකොට එතෙන්දි අර ආපහු සුඛයි කියලා, සුඛය පරාමාසයට ඇවිල්ලා, ඒ සුඛය ඇදෙනවා ඉදංසච්චයට. ඕක නේ අපිට සිද්ධ වෙන්නේ තුන් වෙනි රවුමේ දී අර බෝල කූඩුව ඇකිලෙනවා වාගේ. එතකොට ඉදංසච්චයට මේක ඇදෙනවා කියන එක තියෙනවා.
දැන් ඔන්න ඔය ධර්මය මට තේරුණා 1 යි 3 යි සමානයි, 2 යි 4යි කියන එකේ දෙක ම එකයි තියෙන්නේ කියලා, අර මේ පැත්තට ගියා කියන්නේ අතෙන්ට ඇතුල් වුණා කියන එක. එතකොට ඔන්න ඔය අවස්ථාව වෙනකොට, ඒ කියන්නේ අපි අර C කියන point එකට ඇවිල්ලා තියෙන්නේ. ජරාව කියන එක සිද්ධ වෙලා තියෙනවා. එහෙම නම් අපිට පේනවා ඔය තුන් වෙනි රවුමේ ආරම්භයේ දී ගත්තහම අර සුඛයි කියන අවස්ථාවට පත් වෙනවා කියන එකේදි ජරා ධර්මය සිද්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ ඒ තුන් වෙනි රවුමේ අවසාන කොටස කියන එක වෙනකොට, ඒ කියන්නේ හය, හය විතර, හයෙන් පස්සේ ව්‍යාධි ධර්මය සිද්ධ වෙලා තියෙනවා.
ඉතින් ඕක ගැළපෙනවා තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක්ක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, රොගං වදති අත්තතො, කියලා. It is a sickness that call oneself. තමන් අත්තා කියලා ගැනීම ම රෝගයක්. ඒ කියන්නේ අර 5A වල අපි දන්නවා නේ අත්තා කියලා පල්ලෙහාට යනවා කියලා. එතන ම නේ ව්‍යාධිය කියන එක තියෙන්නේ. ඒ අත්තා කියලා ගැනීම ම තමයි එතන ව්‍යාධිය කියන එක තියෙන්නේ. එතකොට මේ තුන් වෙනි රවුමේ දී තමයි මේක, ජරාවයි ව්‍යාධියයි කියන එක දෙක ම ඒක ඇති වෙන්නේ කියන එක මෙතෙන්දි ආවා.
එතකොට අපි තුනේ දී ගන්නවා, තුන් වෙනි රවුමේ මුල හරියෙදි, තුන් වෙනි step එක වෙනකොට අපේ ජරාව කියන එක තියෙන්නේ. තුනේ අන්තිම කෑල්ල ගත්තහම ඒ හරියෙදි තියෙන්නේ ව්‍යාධිය කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්