ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් නමස්කාර කළා. ඒ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අර ඊයේ භාවනාව ම නැවතත් කළා. එතකොට ඊයේ භාවනාවේ මතකයි නේ කොහොම ද අපේ සුභයි කියන එක ඇති වෙන එක අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යනවා කියන්නේ සඤ්ඤාවේ ඉඳන් අර සංස්කාර කොටුව තියෙන්නේ උඩ, අන්න ඒ කොටුව කරා ගමන් කරා. ඊට පස්සේ කාමේසු තිබ්බසාරාගය නිසා මේක තල්ලු කරා අර ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට. අන්න එතෙන්දි තමා සුභයි කියන එක ඇති වුණේ.
ඊට පස්සේ දැන්, දැන් ඔතනදි අර දෙවනි රවුමට එනවා. දැන් විඤ්ඤාණය ඇවිස්සිලා සැකසීමක් එතන උඩින් ඇති වෙලා ආපහු සංස්කාර කොටුවට, උඩ සංස්කාර කොටුවට උඩින් එනවා. උඩින් එනකොට අර නාමරූපයයි පටිඝසම්‌ඵස්‌ස අගයයි ඔන්න තල්ලු කරා පරාමාසයට. අන්න ඒ අවස්ථාව වෙනකොට ඔන්න ජාතිය කියන එක අපිට සිද්ධ වුණා. පරාමාසයට ආවා කියන්නේ අර bell shaped curve එකේ A ඉඳන් B දක්වා අපි ගමන් කිරීමක් කියන එක වුණා.
දැන් මේක තව ටිකක් දික් කරගෙන ගියා ම අපි දන්නවා ජරාව කියන තැනටයි එන්නෙ. එතකොට අර අපි C කරා ගමන් කරනවා. ඒ curve එකේ ම C කරා ගමන් කරනවා. ඒ කියන්නේ දැන් ජරාව කියන එක අපිට සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපි ඊයේ බැලුවා නේ ඕකේ අර ඊළඟට 1 යි කියලා ගත්ත අර නිත්‍යභාවය. ඒ කියන්නේ නිත්‍යයි කියන එක, සංස්කාර නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වීම 1, 2 අපි ගත්තා සුභයි කියන කතාවට, 3 යි කියලා කියන්නේ නිත්‍යයි කියලා ආපහු අර පල්ලෙහාට අපි අඳින එක, පල්ලෙහා සංස්කාර කොටුව. එතකොට ඊට පස්සේ අපි කිව්වා 1 යි 3 යි එක වගේයි කියලා. ඊට පස්සේ 2 යි 4යි. ඒ කියන්නේ මෝහයේ ඉඳන් පරාමාසයට එන එක එක විදිහයි කියලා කිව්වා.
එතකොට ඊට පස්සේ අපි පෙන්නුවා ඔය තුන් වෙනි රවුමේ තුන වෙනකොට සුඛය කියන කතාව ඒක වෙන අවස්ථාවේ දී අපිට ජරාව වෙලා ඉවරයි. ව්‍යාධිය කියලා කියන්නේ අත්තා කියලා ගත්තට පස්සේ, ඒ කියන්නේ පහෙන් පස්සේ, හය. හය කියන එක තමයි රහතන් වහන්සේ කියන්නේ, හයෙන් පස්සෙ කියන එකයි කියන්නේ. එතකොට එතන ව්‍යාධිය කියන එක තිබුණා.
අද බැලුවා මරණය කියන එක. ඉතින් මරණය කියන එක හතරේ කියන එක, හතර වෙනි රවුමයි කියන එක මට ඊයෙම ආවා ඔය පස්සෙ වෙලාවක. එතකොට, ඔය චීන මිනිස්සුත් හතර මරණය හැටියට නේ ගන්නේ. එතකොට ඒ හතරට ආවාට පස්සේ දැන් මං මේක analyse කරලා බැලුවා කොයි අවස්ථාවේ ද මේකේ මරණය කියන එක තියෙන්නේ කියන එක.
දැන් අපිට පේනවා අපේ මේ ලීයක් එහෙම කැඩිලා තියෙනවා නම් දැන් මනුස්සයෙක් කියනවා, ඉන්නකො මං හොඳ වැඩක් කරන්න මං මේක මීට වඩා හොඳ ලීයක් දාල හදනවා මේක. දැන් කැඩෙනවා කියන්නෙ උළුවස්ස කැඩිලා නම් හොඳ ලීයක් දාලා හදනවා කියලා. එතකොට එහෙනම් අපි එතෙන්දි නිත්‍යභාවයකට යනවා. මොන නිත්‍යභාවයකට ද, සංස්කාරයේ නිත්‍යභාවයකට යනවා. එතකොට මට පේනවා මේ 4.4 තමයි මේ කතාව. හතරෙදි සංස්කාරයේ නිත්‍යභාවයකට අපි ගමන් කරන්න උත්සාහ කරනවා, අර පලාස අවස්ථාව නේ.
මේක වෙන් කරලා මේකට වඩා මේ හොඳ ලීය දාන එක ලාභයි කියන අර්ථයට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මරණය වෙන්නේ කොතනදි ද කියන එකයි. මේක දැන් ආපහු මේ ජාතිය නේ මේ කියන්නේ. සංස්කාර නිත්‍යයි කියලා පල්ලෙහා සංස්කාර කොටුවෙන් පරාමාසයට ඇතුල් වීම තමයි මේ කියන්නේ.
දැක්ක ද අර ඉස්සෙල්ලත් සංස්කාර නිත්‍යයි කියලා පරාමාසයට උඩින් ඇතුල් වුණා, ජාතිය. සංස්කාර පල්ලෙහා කොටුවෙන් මෙතෙන්ට ඇතුල් වෙනවා ආපහු ජාතිය. දැන් මරණය කොතෙන්දි ද සිද්ධ වෙන්නේ එතකොට?
ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවහම රහතන් වහන්සේ පෙන්නුවා අර මෝහයට යන තැන. මෝහයට යන තැන. දැන් මෙතන ඇතුල් වෙන්න ඉස්සෙල්ලා මෝහයට යන්න එපැයි. මෝහයට යනවා කියලා කියන්නේ උඩ විඤ්ඤාණයේ නිත්‍යභාවයයි කියලා අරගෙන එන්න ඕනෙ.
එතකොට විඤ්ඤාණයේ නිත්‍යභාවය තමයි අපි මේ මරණය කියලා කියන්නේ. ඒක හරි ලස්සනයි බැලුවහම. අතන ජරාවට යනකොට අපි ගන්නවා නිත්‍යයි කියලා. විඤ්ඤාණයේ නිත්‍යභාවය තමයි මේකේ මරණය. එතකොට 4.2. 4.2 දි මරණය, 4.4 වෙනකොට ආපහු මේක ඇති වෙනවා.
එතකොට එහෙනම් අර bell shaped curve එකක A, B, C වෙනකොට ජරාව. අර පල්ලෙහා, දැන් ඒ curve එකේ තව චුට්ටක් යන්න තියෙනවා නේ. ඒක 4.2. ආපහු උඩට ඉස්සුවා, අර A හා සමානයි, අන්න එතෙන්දි ආපහු ජාතිය. ඔන්න ඔය විදිහටයි ඒක සිද්ධ වෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.