ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම මෙනෙහි කරලා වැඳ නමස්කාර කළා.
මං අර ඊයේ භාවනාව ම තමයි දිගට කරගෙන ගියේ. අර ලෝභය, බුද්ධං සරණං ගච්ඡාමි කිව්වම ලෝභය නැති කරනවා කියනවා නේ. ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කිව්වහම කෙළින් ම මං ආවේ අතන හතර වෙනි step එකට.
ඒ කියන්නේ, අපි කිව්වා නේ 4.2 මරණය කියලා. එතකොට අර නිත්‍යයි කියලා පල්ලෙහාට බහිනවා ඕක මරණය කියන එක. ඊට පස්සේ දැන් ඒ මරණයේ ඉඳන් අපි ආපහු යනවා සංස්කාරය 4.4 පරාමාසයට ඇතුල් වෙනවා කියන එක. ඒක නේ අපි ජාතියයි කියලා කිව්වෙ. ඉතින් එතකොට මට පේනවා දැන් මරණය, මෙතෙන්දි සංස්කාර කොටුවට ආවා, අතනින් පල්ලෙහාට බැස්සා, ආපහු ව්‍යාධිය. එතකොට දැන් තුනේ දීත් තියෙන්නේ ඉතින් එතන ව්‍යාධිය. ඊට පස්සේ 4.6 වෙන කොටත් ආපහු ව්‍යාධිය. 4.6 වෙන කොටත් ව්‍යාධිය, කියන එක තියෙනවා.
ඉතින් මේක බැලුවායින් පස්සේ ඉතින් මම ඒ ව්‍යාධිය කියන එක කල්පනා කළහම මං එහෙම්ම ම යනවා. ගිහිල්ලා මං, ඊට පස්සේ මට එලියට එනකොට මම දකිනවා ඔය රූපයන් එහෙම පේනවා, මේ ස්ථානය ගැන එහෙම, එහෙම පේනවා.
ඊට පස්සේ මං ආපහු දැන් කල්පනා කළා මේ, දැන් 4.2 වෙනකොට මරණය, දැන් 4.6 වෙනකොට ව්‍යාධිය, දැන් කොයි එකේ ද ජරාව තියෙන්නේ කියලා. ඉතින් රහතන් වහන්සේ කිව්වා “4.3 කියලා.” එතකොට එහෙම නම් මරණය වෙලා 4.3 වෙනකොට අපිට ජරාවට පත් වෙලා. මරණය වෙලා, ජරාවට පත් වෙලා, තමයි මේ ව්‍යාධිය කියන එක තියෙන්නේ. ඉතින් මේක ටිකක් අමාරුයි නේ හිතන්න, මොකද්ද මේක කියන එක.
එතකොට 4.3 කියන එක මට කල්පනා වුණා 4.3 යි කියලා කිව්වහම අර නිත්‍යයි කියලා ආපු එක මෙතනින් පරාමාසයට ඇදෙනකොට මෙතනින් අපේ තියෙනවා අර සුඛය කියන කතාව.
එතකොට එහෙම නම් මේ කතා කරන්නේ, අර වේදනාව සුඛයි කියලා කියන අවස්ථාවේ දී තමයි මේ ජරාව. ඒ කියන්නේ එහෙම නම් වේදනාවේ තමයි ජරාව. අර මුලින් තිබුණේ අර කයත් එක්ක රූපයත් එක්ක නේ. එතන තිබුණා ජරාව. දැන් වේදනාවේ ජරාව. අර විපරිණාමයට පත් වෙලා. ඒ වේදනාව තමයි මෙතෙන්දි මේක සිද්ධ වෙන්නේ.
ඉතින් අන්න ඒක තමයි. හරි ගැඹුරුයි. ඒ කියන්නේ අපි හිතන විදිහට ම නෙවේ මේකේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් බලාගෙන යනකොට ජාති ජරා ව්‍යාධි මරණ නේ ද. මෙතන ඊට පස්සේ මේ වේදනාවේ ජරාවක් තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.