Date: 13/11/2014 Name: දුක්ඛ නිරෝධ

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. ඒ පූජාවෙන් අනතුරුව මම, අර සිඛී බුද්ධ ගාථාව මම කිව්වා. ඒක කියාගෙන ගියහම, ඒක මට කියන්නෙයි කියන එකත් කිව්වා. එතකොට, එතෙන්දි ඕගොල්ලෝ දන්නවා සිඛී බුද්ධ ගාථාවෙ තියෙන්නේ, එතන පෙන්නනවා “යං කිඤ්චි දුක්ඛං සම්‌භොති, සබ්බං සඞ්‌ඛාර පච්චයා” මේ ලෝකේ යම්කිසි දුක්ඛයක් ඇති වෙනවා ද ඒක සංස්කාර නිසා ය ඇති වෙන්නේ. “එතං ආදීනවං ඥාත්වා, දුක්ඛං සඞ්‌ඛාර පච්චයා” මේ සංස්කාර නිසා තමයි මේ දුක්ඛය ඇති වෙන්නේ කියන ආදීනවය දැකලා, “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා, එවං දුක්ඛක්කයො හොති එවං ඥාත්වා යථා තථා”. සියලු සංස්කාරයන් සමථයට පත් කරලා, “සඤ්ඤා උපරෝධනා” සඤ්ඤාව නැවැත්වීමෙන් මෙන්න මේ දුක්ඛය නැති කරගන්න පුළුවන් ය කියන එක. ඉතින් ඔය ගාථාවේ තව චුට්ටක් දිගට තියෙනවා.

එතකොට මෙන්න මේක මම ඊයේ කරපු භාවනාවත් එක්ක මං සම්බන්ධ කළා. දැන් අපි දන්නවා 4.2 කියලා කියන්නේ අර මරණයයි කියන එක. විඤ්ඤාණ ධාරාවේ මැරීම කියන එක. 4.3 කියන එක අපි ඉගෙන ගත්තා වේදනාවේ ජරාවට පත්වීම කියන එක. 4.4 කියලා කියන්නේ ආපහු ඉපදවීම කියන එක. ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉපදවීම කියන එක. එතකොට එහෙම නම් මං කල්පනා කළා, ඔය අපේ, අපි හිතමු මේ ආහාර ගන්නකොට මේ කටේ රස, taste buds මෙහෙම වෙලා තියෙනවා නම්, බැහැලා ගිහිල්ලා තියෙනවා නම් අපි කොහොම හරි අර ලුණුමිරිස් ටිකක් හරි sauce ටිකක් දාලා හරි ඒ රසය ගන්න අපි උත්සාහයක් කරනවා. ඒ කියන්නේ අපි කාය කියන එක ජරාවට පත්වීම නිසා අපි මේ උත්සාහය කරනවා. අනිත් අතට මං අල්ල ගත්තා අර 4.3. අර වේදනාව වෙනස් වීම නිසා, වේදනාව ජරාවට පත්වීම නිසා අපි මේවා කරනවා. ඒ වෙලාවේ මට බොහොම තදින් ආවා, එහෙම නම් මේ කයේ ජරාවයි, වේදනාවේ ජරාවයි නිසා තමයි අපි මෙන්න මේ විඤ්ඤාණය නැවතත් අපි උපද්දවන්නේ කියන එක.

එතකොට දැන් ඒක බොහෝ ම, ඒක හොඳට තදින් මට වැටහුණා, ඒ වෙලාවේ, ඊට පස්සේ මං කල්පනා කළා මේක නැති වෙන්නේ කොහොම ද කියන එක. එතකොට මේක නැති වෙන්නේ කොහොම ද කියන එක “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා” සංස්කාරය සමථයට පත් වෙන්න ඕනෙ. ඒක සිද්ධ වෙන්නේ නිර්වාණයේ දී විතරයි. “සඤ්ඤා උපරෝධනා” stopping of perception. සඤ්ඤාව නැති කිරීම කියන එක. මොන සඤ්ඤාව ද? එතකොට ඒ රහතන් වහන්සේත් මගෙන් ඇහුවා. “මොන සඤ්ඤාව ද දරුවා?” කියන එක. එතකොට මට මුලින් ම ආවා, මං කල්පනා කළේ සුඛ සඤ්ඤාව කියන එක නැති වෙන්න ඕනෙ. සුඛ සඤ්ඤාව විතරක් නෙමෙයි. මොකද අර රූපය නිසා නැති වුණත්, වේදනාව නිසා නැති වුණත්, සඤ්ඤාව නිසා ඇති වෙන්නා වූ දේ තියෙනවා. එහෙනම් මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙන්නා වූ ඒ සඤ්ඤාව, ඉතින් අන්න ඒ වෙලාවේ රහතන් වහන්සේ “සාධු සාධු” කියලා කිව්වා.

එතකොට මෙන්න මේ සඤ්ඤාව නැති වීමෙන් මේක නැති වෙනවා කියන එක තියෙනවා. ඉතින් එතෙන්දි අර කූඤ්ඤෙට එනකන් ම වැදිලා තියෙන්නේ. ඒ වෙලාවේ මම කියනවා කවුරුහරි කෙනෙක් මැරිලා ඒ, ඒ කියන්නේ විඤ්ඤාණය මැරිලා, නැවතත් මේ පුද්ගලයා මේ 4.4 කියන එකේදි උපද්දවන්නේ නැත්තන් ආන්න ඒ පුද්ගලයා මුණිවරයා. මුණීන්ද්‍රයා පහළ වෙනවා කියලා මම කිව්වා. එතකොට එතන ඒ, ඉතින් ඒ ඒක මම දැක්කා, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ම ඒක පහළ වෙනවා කියන එක ඒක මම දැක්කා.

ඊට පස්සේ, ටිකක් වෙලා ඔහොම ඉඳලා ආපහු මම මේ බැලුවා ඒ ඒක වෙන්නේ, දැන් මට විමුක්තීන් ඔක්කොම පත්තු වෙලා තියෙන්නේ, මං බැලුවා ඒක එහෙම කරගන්නේ කොහොම ද කියන එක. ඒ කොයි එක්කෙනා ද ඒක කරගන්නේ කියන එක. ආන්න ඒ වෙලාවෙදි මම, මට, මේ මම රහතන් වහන්සේගෙන් ඇහුවා මේක මෙහෙම නැති වෙන, කරන එක්කෙනා, අරක නිසා react කරන්නේ නැති එක්කෙනා නේ නේ ද කියන එක. රහතන් වහන්සේ කිව්වා මේ “ඒක පහසු වෙන පුද්ගලයා” කියලා. ඒ කියන්නේ ජරාවට, රූපය ජරා වෙනවා කියලා දඟලන්නේ නැති පුද්ගලයා. වේදනාව ජරාවට පත් වුණා කියලා දඟලන්නේ නැතිකම, ඒකට පහසු වෙච්ච පුද්ගලයා ඉන්නවා නේ. හැම එකකින් ම. දැන් මදුරුවෙක් කනකොට අපි හරියට ඕකට දඟලනවා නේ ද? වේදනාවක් වෙනස් වෙච්ච ගමන් අපි එතන හරියට, එතකොට අන්න එහෙම දඟලන්නේ නැති පුද්ගලයා, අර ඒකට react කරන්නේ නැති පුද්ගලයා, ආන්න ඒ පුද්ගලයා තමයි ඒ විදිහට ඒ විඤ්ඤාණයක් පිහිටවන්නේ නැතුව ඉන්නේ. ඒක easy වෙන්න ඕනෙ. පහසු වෙන්න ඕනෙ.

ඒක තමයි මං කරපු භාවනාව.