Date: 14/11/2014 Name: Dukka Nirodha 2

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම මෙනෙහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව පටන් ගත්තා. ඒ හැබැයි පටන් ගන්නකොට අර සප්ත බොජ්ඣඞ්ගය දක්වා යමි කියන පන්සිල් ගන්න විදිහට කරලායි කළේ. ඒ ඊයේ භාවනාවේදි අපි ඉගෙන ගත්තා නේ 4.2 කියනකොට මරණය. 4.3 කියනකොට වේදනාවේ ජරාව. 4.4 කිව්වහම ජාතිය. එතකොට මේක ජරාවට පත් වුණා කියලා රූපයෙයි වේදනාවෙයි අනුව තමයි අපි මේක සකස් කරන්නේ. ඊට පස්සේ 4.6 වෙනකොට ව්‍යාධිය. එතකොට වේදනාවේ ව්‍යාධිය.

අන්න ඒ point එකට ආවහම ඒක මට හරියට තදට වදිනවා. තදට වදිනවා කියලා කියන්නේ බලන්න, 4.3 වේදනාව ජරාවට පත් වුණා. ආපහු විඤ්ඤාණයක් උපද්දවනවා නම් 4.4ට නිත්‍යයි කියලා, මේ මනුස්සයාට තියෙන්නේ ආපහු වේදනාවේ ජරාව. 4.3 ඉඳන් 4.6ට. එතකොට මේක අර මුනිවරයාට පේනවා, මේකේ ඇති වැඩේ මොකද්ද?

මෙතනින් මම ගිය ගමන්, මේක හදපු ගමන් ම මම වේදනාවේ ව්‍යාධියට පත් වෙනවා. එතකොට ජරාවේ ඉඳන් තමයි මම ව්‍යාධියට යන්නේ. මේ වේදනාව සඳහා නේ මේ චිත්ත සංස්කාර හදන්නේ. එතකොට මෙතන මේක බලපු ගමන් මං දන්නෑ ඒක පුදුමාකාර විදිහට මගේ මනසේ ඒක වදිනවා. ඒක, රහතන් වහන්සේ එතන්ට “සාධු සාධු” කියපු තැනක් තමයි, ඒකත් එක්ක සිත නතර වෙනවා.

මේ සිත ගලවගන්න හරි අමාරුයි. එතනින් එහා පැත්තට කරකවනවා කියන එක කරන්න හරි ම අමාරුයි. එහෙම්ම ම නතර වෙනවා ඒක, එහා පැත්තට යන්න බෑ. ඉතින් ඔහොම ටිකක් ඉඳලා මම ආපහු ඔය, භාවනාවට ඉස්සෙල්ලා ම මට ඕකෙ අදහස ආවා අද අර පස් වෙනි රවුම තමයි බලන්නෙ කියන එක. ඒක නිසා චුට්ටක් බැලුවා අමාරුවෙන්. ඒ කියන්නේ ඔතන තියෙන්නේ මොකද්ද අපි දන්නවා, දැන් ගන්න ඕනෙ අර 1 යි 4යි triangle එක. අපි දන්නවා 5a කියලා පල්ලෙහාට යනවා අර අත්තා කියලා. ඒ ගත්තාට පස්සේ අර රූපයට අපි ලාභයි කියන එක.

MM_26_07_2014.jpg

ඒකේ වෙන්නේ මොකද්ද මෙතන අත්තා, දිට්ඨි අනුසය කියන එක 4.6 දී අතන අනුසය කියන එක තියෙනවා, අර රූපයට ඇඟිල්ල දික් වෙනවා, ඒක ලාභයි කියලා ගන්නවා. ඕක නේ සිද්ධ වෙන්නේ. එතකොට 5b කියන තැනට එනවා, මේ ගිද්ධිලෝභය කියන තැනට.

එතකොට ඔතෙන්දි කල්පනා කරන්න අර දැන් අතන වේදනාව තියෙනවා නේ දැන් හතරෙ ඉඳන් අපි කිව්වේ අර අපි, 4.6 වෙනකොට අපි ව්‍යාධිය ඇති වෙනවා කිව්වේ අතන 4.5 වෙනි රවුම වෙනකොට අත්තා කියලා අරගෙන. අර වේදනාව නිසා අත්තා කියලා අරගෙන තමයි මේක වෙලා තියෙන්නේ. දැන් ඉතින් අර මුනිවරයාගේ කතාව බලපු මනුස්සයාට මෙතන පේනවා, මෙතනින් එහා පැත්තට යන්න බෑ. මොකද මේ වේදනාව තමයි අත්තා කියලා මම ගත්තෙ. ඔය වේදනාව ගැන ම නේ අපි පස් වෙනි රවුමේ දී කතා කරන්නේ. අලුත් දෙයක් නෙමේ කතා කරන්නේ. අර කලින් ගත්ත එක.

ඒක ඉතින් මට උදාහරණයට ආවේ නිකන්, අපි හිතමු මේ හොඳ ලී කෑල්ලක් ඕගොල්ලෝ ගෙනත් තියෙනවා. ඒකේ මේ පොඩි chip එකක් ගිහිල්ලා. ලොකු ගානක් දීලා ගත්තා වූ ලී කෑල්ල. දැන් ඕගොල්ලෝ මේකට හරි මනාපයි නේ. දැන් මේකට, මේ මොනවා හරි board එකක් වාගේ ඒ වගේ එකක් හිතන්නකෝ.

ඒ පාර දැන් මේකේ chip එකක් ගිහිල්ලා දැන් මොකද කියන්නේ. මේකට මේ කල්පනා කරනවා මේකට අපි පොටි ටිකක් ගාලා හරි මේක පාවිච්චි කරමු. ලී කෑල්ල විසි කරනවා කියලා කතාවක් නෑ. එතකොට මේ මනුස්සයා අර වේදනාව අත්තා කියලා කලින් ගත්ත එක ම තමයි මෙතනින් උඩට ගිහිල්ලා තියෙන්නේ. අර මගේ කලින් ලීය ගත්තා ඉතින් මං මේකට ලාභයි කියලා ඒක දානවා කියන එක තියෙනවා.

දැන් මට යන්න බෑ. අර ඉස්සෙල්ලා අර අදහස ගත්ත නිසා මට මෙතන්ට, ඔය තත්වෙට හරි යන්න පුළුවන් වුණාට. මේක පුදුම භාවනාවක්. හොල්ලන්න බෑ. සිත හොල්ලන්න බෑ. ඉතින් මං කිව්වා, මොකද මේ? මේක මේ මට යන්න බැරි එක කියන එක.

ඉතින් රහතන් වහන්සේ කිව්වා “අපිටත් එහෙම වුණා” කියලා. ඒ step එක, අරක තේරුම් ගත්ත එක්කෙනාට එතනින් එහා පැත්තට මෙනෙහි කරන්න බැරි වෙනවා. එතනින් සිත දුවන්නේ නැති වෙනවා. ඉතින් මේක හරි ගැඹුරුයි නේ. මේක මේ වේදනාව කියන එක තමන් තේරුම් ගත්තා නම්, 4.3 දි තමන්ට ජරාව කියන එක ඇති වෙලා, ඉපැද්දුවා නම් උපද්දපු ගමන් ම ඉවරයි. ව්‍යාධිය. ඉතින් ඒ පුද්ගලයා, මුනිවරයා මේක මේවා කරන්න යන්නේ නෑ.

ආන්න ඒක තමයි මං කරපු භාවනාව.