Date: 15/11/2014 Name: Kaamachanda bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා නමස්කාර කළා.

එතකොට මේ භාවනාව කරන්න ඉස්සෙල්ලා ම මට කිව්වා මේ, කාමච්ඡන්දය ගැන භාවනාවක් මං කලින් කරලා තියෙනවා, ඒක කරන්නයි කියන එක.

එතකොට ඒ කාමච්ඡන්ද භාවනාවේ තියෙන්නේ, පළවෙනියට අපි දන්නවා අර දැන් සුභයි කියලා පළවෙනි රවුමේ කතාව අපි දන්නවා නේ. ඊට පස්සේ දෙවනි එකේදි අපි දන්නවා අර නිත්‍යයි කියලා ඇති වීම කියන එක තියෙනවා. එතකොට මේ දෙක, ඒ රවුම් දෙකේදි අපි දන්නවා මේ පළවෙනි රවුමයි දෙවනි රවුමයි මේ දෙකේ gap එකක් තිබුණා. එතකොට මේ gap එක fix කරන්නයි කියලා තමයි අපි මේ විඤ්ඤාණයේ පිහිටීම කියන එක කරන්නේ. ඕක තමයි කාමච්ඡන්දය කියලා කිව්වේ.

එතකොට ඕක ඒ බලපු අවස්ථාවේ දී මම ඒ භාවනාවේදි දැක්කේ අර දැන් සුභයි කියලා ආවා, නිත්‍යයි කියලා ආවා, එතකොට අපිට ආවා සඤ්ඤාව සුඛ වශයෙන් අපිට ආවා. ඔය සඤ්ඤාව සුඛ වෙනකොට වේදනාව ඇවිල්ලා තියෙන්නේ දෝමනස්සය. වේදනාව දෝමනස්සය සඤ්ඤාව සුඛයි කියන එක.

එතකොට ඒ අවස්ථාවේ දී අපිට පේනවා අර නිත්‍යයි කියලා අර සංස්කාරයන් කියන ඒවා, ඒක සුඛ වෙනවා. Cutlet තියෙනවා වාගේ සංස්කාරයන් සුඛ වීම කියන එක තියෙනවා. ඉතින් ඕක අපි ඔය ඊයේ පෙරේදා කරපු භාවනාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් අපි දන්නවා අර නිත්‍යයි කියලා මේ සංස්කාරය පරාමාසයට ඇදෙනවා කියන්නේ අර පදුට්ඨමනසඞ්කප්පය නේ ද? එතන ඒක නේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔය අවස්ථාවේ දී අපි කිව්වා ජාතියයි කියලා. දෙවනි රවුම ජාතිය.

දැන් අර curve එකේ B කියන point එකට ආවා. දැන් තියෙන්නේ අපි C කියන එකට යන්න. එතකොට කාමච්ඡන්දය වෙනවා කියන්නේ මේ C කියන point එකට යනවා කියන එකයි තියෙන්නේ.

එතකොට එහෙනම් අපිට කාමච්ඡන්දය තියෙන්නේ මොකකට ද? ජරාවට. ජරාවට තමයි කාමච්ඡන්දය තියෙන්නේ. ඕක මට භාවනාවට ඉස්සෙල්ලා ම, ඒක රහතන් වහන්සේ කිව්ව ගමන් බැලුවා ම මට මේක ආවා.

දැන් ඔන්න මං බුදුපියවරුන්ට අර නමස්කාර කරගෙන යනකොට මට ලැජ්ජයි. ලැජ්ජයි කියලා කියන්නේ මේ ජරාවකට පත් වෙන දේකට තමයි කාමච්ඡන්දය. ඒ බුදුවරු දෙතුන් දෙනෙක් සිහි කරනකොට මට ලැජ්ජයි හිත එහෙම්ම ම නතර වෙනවා. කිසිම ආකාරයකින් දුවන්නේ නැතුව මේකේ ඉතුරු ටික බුදුපියවරුන්ට කියා ගන්න මේකක් නෑ. ඒ පාර දැන් ඔන්න මං දෙවිවරුන්ට පින් දෙන්න ගත්තා නේ. ඒ දෙවිවරුන්ට පින් දෙනකොට මට තේරුණා මේක මෙහෙම නෙමේ. මේක දුවනවා.

එතකොට මං එතෙන්දි කල්පනා කළා දැන් මේකෙදි එහෙම නම්, දැන් අපි බලන්න මේ, දැන් දෙවිවරු ඒක නවත්තපු අය කියන එක නෙවෙයි නේ. එතකොට රහතන් වහන්සේලා නවත්තපු අය. එතකොට මට තේරුණා මේ cutlet වාගේ දෙයක් දිහා බලනකොට, රූපයක් දිහා බලනකොට මනුස්සයෙක් අර සංස්කාර නවත්තන්න නෙවෙයි බලන්නේ. රහතන් වහන්සේලා දෙස බලනකොට සංස්කාර නවතපු අය, නවත්තන අය දිහා බලනකොට අපේ සිත අර නතර වෙන ස්වභාවය තියෙනවා.

එතකොට අර නවත්තපු නැති අය දිහා බලනකොට, නවත්තපු නැති cutlet වාගේ දෙයක් දිහා බලනකොට මේක දුවනවා කියන එක තියෙනවා. එක ම ධර්මය. හරි ලස්සනට ඒ වෙනස මම දැක්කා.

එතකොට මේක මේ විදිහට මේ වෙනවා කියන එක මම දැක්කාට පස්සේ මං කල්පනා කළා එහෙනම් මොකද්ද මේකේ මේ වෙනස? ඇයි මෙහෙම වෙනසක් වෙන්නේ? සංස්කාරය කියන එක. එහෙම නම් අපි මේ බලන දිට්ඨියේ නේ වෙනස තියෙන්නේ. පළවෙනි එක සම්මා දිට්ඨිය සහිතව බලන්නේ. සම්මා දිට්ඨියේ තියෙන්නේ මොකද්ද? ඇති වෙනවා නම් ඇති වෙන්නේ දුක්ඛය. එතකොට මේක නැති වෙනවා නම් දුක්ඛය තමයි නැති වෙන්නේ කියන දෘෂ්ඨිය. ආන්න ඒක දිහා බලාගෙන බලනකොට අරක නතර වෙනවා කියන එක තියෙනවා. මිච්ඡා දිට්ඨියෙන් බලනකොට අරක දුවනවා.

ඔන්න ඕකයි ඉතින් එතෙන්දි රහතන් වහන්සේ අර “Excellent” කියන එක, එතන ඒක කිව්වා “සාධු සාධු” කියලා.

අන්න ඒක තමයි මං කරපු භාවනාව.