ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන් නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මට මුලින් ම කිව්වා කලින් කරපු නන්දි භාවනා 2, ඒක කරන්නයි කියලා. ඒ නන්දි භාවනා 2 තියෙන්නේ අපිට දැන් ඔය අභිජ්ඣාව නිසා අපිට ලෝභය ඇති වෙනවා. එතකොට අභිජ්ඣාවෙන් අපි දන්නවා අර, අභිජ්ඣාවෙන් කාමච්ඡන්දයට යනවා, අභිජ්ඣාවෙන් නන්දියට යනවා කියන එක අපි දන්නවා. එතකොට ඒ නන්දිය ඇති වුණායින් පස්සෙ ඒක දිගේ අපි යනවා නේ චේතනාවට එනකන් යනවා. අනිත් පැත්තෙන් ගත්තහම ඕගොල්ලන්ට පේනවා අර සඤ්ඤාව නිසා දැන් අපි ඔය විදිහට කැරකිලා වට කැරකි කැරකි ගිහිල්ලා අපි හිතමු නම වෙනි රවුමට අපි ආවා කියලා.
ඒ නම වෙනි රවුමට එනකොට අපි දන්නවා අර ආපහු පළවෙනි රවුම වාගේ. ඒ කියන්නේ අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා අර උඩ සංස්කාර කියන කතාව ඇති වෙනවා, එතන ඒ සංස්කාර කියන කොටුවට ගිහිල්ලා ඊට පස්සේ ඒක push කරනවා ඉදංසච්චයට. එතකොට මේ වෙලාව වෙනකොට අපිට පේනවා අර value එක කියන එක copy වෙනවා. Copy වෙන්නේ කොහොම ද, අර චේතනාවේ ඉඳන් පල්ලෙහාට පරාමාස පැත්තට බැහීමක් කියන එක තියෙනවා.
ඊට පස්සේ ඒක, කලින් කරා මේ භාවනාව. එතකොට ඊට පස්සේ ආපහු පේනවා ඒ චේතනාව පැත්තේ ඉඳන් අර 1-3 මෝහයට යනවා කියනවා නේ. එතකොට එතන්ට ගියා කියලා කියන්නේ අර සුභය කියන value එක අතෙන්ට, ඉදංසච්චයට ගියා. ඉතින් value එක copy වීමක් තමයි ඕක තියෙන්නේ. එතකොට ඒ කලින් කරපු භාවනාවේදි දැක්කා මේක මෙහෙම වෙනකොට, දැන් අර අපි අභිජ්ඣා නිසා අපිට මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියන එක තියෙනවා. ඉතින් ඕක සම්බන්ධ වුණා අර triangle එකත් එක්ක. අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු triangle එක තියෙනවා නේ. සම්මා දිට්ඨි ප්‍රඥා ශ්‍රද්ධා, අනිත් පැත්තෙන් ඉන්ද්රිය අසංවරය, අපිට තියෙනවා අභිජ්ඣාව, පල්ලෙහායින් දෝමනස්සය කියන එක. එතකොට අභිජ්ඣාවයි මිච්ඡා දිට්ඨියයි එතන සම්බන්ධ වෙනවා.
එතකොට ඊළඟට අපිට පේනවා මෙතන මේ ප්‍රඥා කියන කොටස කල්පනා කළහම, ඒක අපේ වැහිලා යන්නේ කොහොම ද අපේ අර ඉද්ධිපාද diagram එකේ තියෙන්නේ. කාමච්ඡන්ද පැත්තෙන් ආවා, එතන දුස්සීලභාවය, දුස්සීලභාවය නිසා මානයෙන් ඉස්සුවා, එතනින් ප්‍රඥාව නැති වෙනවා කියන එක.
එතකොට ඔය සම්බන්ධතාවය කලින් බලලා තිබුණේ. එතකොට ඒක මම ආපහු මෙනෙහි කරලා ඉවර වෙලා මම බැලුවා දැන්, මේ අවස්ථාව වෙනකොට කාමච්ඡන්දය කියලා කියන්නේ, දැන් අපි ඊයේ භාවනාවේදි පෙන්නුවා මේ ජරාවට යනවායි කියන එකට අපේ තිබෙන්නා වූ කැමැත්තක් තමයි මෙතන වෙලා තියෙන්නේ. එතකොට වට දෙකයි. වට දෙකක් ගහලා තුන් වෙනි රවුම වෙනකොට මේ කතාව කියන එක තියෙනවා.
එතකොට එහෙනම් අභිජ්ඣා වෙන් කාමච්ඡන්ද කතාව ඔන්න වට දෙකේ තියෙනවා. ඊළඟට ආපහු ගත්තහම ඒ රහතන් වහන්සේ, දැන් වට හතරකින් නේ මෙතන මළා කියලා කිව්වේ අපි. 4.2 කියන්නේ මරණය. දැන් එහෙම නම් ආපහු රහතන් වහන්සේ කියනවා පොඩි වෙනසක් විතරයි තියෙන්නේ ඉතින් 8.2 කියන එක මරණය වශයෙන් බලන්න ඕනි. ඒ කියන්නේ ආපහු විඤ්ඤාණය ආපහු අර හතරක් යනවා නේ. හතරක් ගිහිල්ලා ඒ මැරීම කියන එක තියෙනවා.
එතකොට දැන් බලන්න, දැන් අපි මරණයට පුරුදු වුණා. පළවෙනි වටේ විඤ්ඤාණය මළා, ඔන්න ඒකට පුරුදු වුණා. ඊට පස්සේ ආපහු අට කතාවේදිත් විඤ්ඤාණය මළා. දැන් අර කටට බත් කටක් දැම්මා ම මෙතන ඉඳන් මෙතන්ට ගියා, මළායින් පස්සේ ආපහු පුරුදු වුණා කියන එක නේ කිව්වෙ නේ ද? රවුම් දෙකක් ගහනකොට ජරාවට අපි පුරුදු වුණා. කාමච්ඡන්දය ඒකට. වට අටක් යනකොට එතන විඤ්ඤාණය දෙපාරක් මැරිලා ඔන්න නන්දිය දැන් තියෙනවා. මොකද අර වට අටක් ගියායින් පස්සෙ තමයි අපේ තණ්හාව, තථාගතයන් වහන්සේ පෙන්නන්නේ තණ්හාව කියලා, නේ ද?
එතකොට දැන් වට අටක් ගියායින් පස්සේ මෙතන ඔන්න නන්දි කතාවට අපි ඇවිල්ලා තියෙනවා. ඇයි දැන් හතක් ම යන්න එපැයි ඒ නන්දිය වෙන්න. එතකොට අර හැම step එකේ ම හැම රවුමෙම significant වෙන්නේ නෑ නේ. දැන් පළවෙනි එකේදි සුභ, දෙවනි එකේදි නිත්‍ය, ඔහොම ගිහිල්ලා නන්දිය significant වෙනකොට වට අට ගිහිල්ලා තියෙන්නේ කියන එක.
එතකොට මෙතන මෙන්න මේ කාරණා දෙක, දැන් එහෙනම් පේනවා වට දෙකයි, කාමච්ඡන්දය, ජරාවට කැමති වීම. වට අටයි, විඤ්ඤාණය මළා, ඔන්න නන්දිය කියන එක. එතකොට දැන් මේ අභිජ්ඣාවෙන් තමයි මේ දෙක ම ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔන්න ඔතන connection එක පේන්න ඕනෙ.
ඊළඟට අපේ තියෙනවා ගිද්ධිලෝභය කියන එක. ගිද්ධිලෝභයේ දෙපැත්තට නේ ඒක තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ගිද්ධිලෝභය ඇති වෙලා තියෙන්නේ. ගිද්ධිලෝභය ඇති වෙලා තියෙන්නේ ඔය විදිහට මේ පැත්තෙන් අර දෙකේ කතාවයි මේ පැත්තෙන් අටේ කතාවයි, ඒ නන්දිය. එතන අපි ගිද්ධිලෝභය අර සිහිනයයි කියලා කිව්වට අපි තාම ඒක හරියට දන්නේ නෑ. ඒක මොකද අන්තිමට ඒක ජාතියයි කබලිංකාර ආහාරයයි නෙ connect කරන්නේ, join කරන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක වෙන්නේ කියන එක තමයි ඒ භාවනාවෙදි මං බැලුවේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්