ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කරමි, නමස්කාර වේවා. මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට ඒ භාවනාව කරනකොට අද මම කල්පනා කරේ අර ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන එක. එතකොට ලෝභය නැති කරමි කියන එක කල්පනා කළහම ඉතින් ලෝභය කිව්වහම මම ආවා අර කබලිංකාර ආහාරය, ජාතිය, ඒ වගේ ම උඩට අර මනොසඤ්‌චෙතනා ආහාරය තියෙන ඒ කොටසට. ඒ කොටසට ආවහම කල්පනා කළා දැන් මේකේ, මේක ඇතුළේ ගිද්ධිලෝභය තියෙනවා. එතකොට එහෙම නම් දැන් ඔන්න පළවෙනි කාරණේ ගත්තහම, කාරණා දෙකයි. රවුම් දෙකක් කැරකෙව්වා, ඒක නිසා අපිට කාමච්ඡන්දය ඇති වෙනවා. ඒ කාමච්ඡන්දයෙන් අපිට පේනවා අපි කාමච්ඡන්ද වෙලා තියෙන්නේ ජරාවට යන්න. එහෙම නම් ඒ කොටස වැටෙනවා ද්වේෂය තියෙන කොටසට.
ඊළඟට වට අටක් කැරකෙව්වහම රවුම් දෙකයි, ඒ කියන්නේ විඤ්ඤාණය එක පාරක් මළා, රවුම් දෙක කියන එකෙන් අදහස් කළේ විඤ්ඤාණය මළා, මළාට පස්සේ ආපහු උපද්දවනවා. මේ සංසාරයේ රවුම නේ මේ කියන්නේ. එතකොට විඤ්ඤාණය ආපහු උපද්දවනවා. එතකොට මේ වෙලාව වෙනකොට ඉතින් අර මරණය කියන එක සිදු වුණා කියන අවස්ථාවේ දී ම පේනවා එහෙනම් අපි මෝහ කොටසට ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ කෑලි දෙක බැලුවා. ඉතින් ඒ කොටස එකක් ජරාවට යන්නේ ඡන්දය, මරණය වෙලා ආපහු ඉපදෙන්නේ නන්දිය. මේක බලාගෙන ගියා ම ඉතින් ඒ සිත බොහොම සාමකාමියි ඉතින් එක එක රූපත් පේන්න ගත්තා.
ඊට පස්සේ ඔය අතරේ ඉතින් එක එක අදහස් ඔය එන්න පටන් ගත්තා ඔය කලින්, ඔය ඊයේ හවස එහෙම සාකච්ඡා කරපු කාරණාත් උඩ. එතකොට මේ බුද්ධ ශාසනය ගැනත් ඉතින් කල්පනා කරන්න ගත්තා. ඉතින් මේ, එහෙම නම් රූපයන් විතරක් නෙවේ මෙතන ජරා වුණේ. ශාසනේ වුණත් ඉතින් ජරා වෙලා තියෙනවා නේ. ඒ ජරාවට පත්වීම ගැන ඉතින් එතකොට ඡන්දයක් ඇති වෙනවා මනුස්සයෙකුට. ඒකේ මරණය ගැන තියෙනවා, ඉතින් එතන ඒ නන්දිය කියන එක එතන ඒක තියෙනවා කියන එක ඒ පැත්ත ධර්මය වශයෙනුත් එතන බැලුවා.
බලලා ඉවර වෙලා ආපහු කල්පනා කළා, දැන් ඉතින් ඔය කාරණා ගැන කියනකොට රහතන් වහන්සේ කිව්වා නේ අපි මේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න උත්සාහ කරනවා කියලා. එතකොට මං අන්න ඒක සිහි කළා. ඒක සිහි කළා ම, ඉතින් රහතන් වහන්සේලාගේ වචන ඉතින් ගැඹුරු වචන නේ.
එතකොට එනවා අපි දැන් 4.2 කියලා ලියාගත්තොතින්, ඉස්සෙල්ලා මං ධර්මයෙන් දැක්කා මේක ලියන්න ඉස්සෙල්ලා, 4.2 කියන එක අපි ලියාගත්තොතින් එහෙම ඔය මරණය තියෙන තැනින්, ඊළඟට එතන ඉඳන් අපි එන්නේ අර ව්‍යාධි ධර්මය කියන එක. එතන අපිට කියන්න පුළුවන් මේ 4.3 යි කියලා. ඒ කියන්නේ වේදනාවේ ජරාව කියන එක නිසා තමයි අපි රෝගී වෙලා තියෙන්නේ. එතකොට එහෙම නම් 4.3 කියන එක අපි ලියනවා ව්‍යාධිය තියන තැන. ඊට පස්සේ, අපි ඒ 4.4 කියලා කියන්නේ අර ජාතිය තියන තැනට. දැන් උපද්දවන්නයි කියන එකයි තියෙන්නේ.
එතකොට ඒක ඉපැද්දුවාට පස්සේ, දැන් එහෙම නම් අපිට එනවා ඔය 4.5 කියන එක යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන තැන. ඊට පස්සේ එනවා අපි 4.6. වේදනාවේ ව්‍යාධිය කියන එක. වේදනාවේ ව්‍යාධිය කියන එක ගත්තහම අර අප්‍රියේහි සම්ප්‍රයෝගය. වේදනාවේ ව්‍යාධිය උඩින් ලියන්නැතුව මේක යටින් ලියනවා. එතකොට දැන් අපිට පේනවා අපි අර ජරාවට පත්වෙලා, මේකට තමයි කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ, ඉතින් මේක ආපහු උපද්දවන්න තමයි මේ මනුස්සයෙක් උත්සාහ කරන්නේ. එතකොට අර ජරා දෝමනස්සය තියෙනවා නම් අප්‍රියේහි සම්ප්‍රයෝගය කියලා කියන්නේ. ආන්න එතෙන්ට ඒක සම්බන්ධ වෙලා එනවා. ඉතින් අන්න එහෙම ධර්මයක් තමයි මම දැක්කේ. භාවනාව බොහොම හොඳයි.
4.5 වෙනකොට අර අත්තා කියන කතාව තියෙනවා නේ. දැන් ඉතින් බලන්න අර X and Y කියලා සම්බන්ධ කරලා තිබුණේ. 4.5 අත්තා කියලා කිව්වේ. අතනින් අපි එනකොට 1-3 මෝහයට එනකොට X කියන කතාවේදි, පල්ලෙහායින් එනවා අපි ව්‍යාධියේ ඉඳන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට.
එතකොට අර අත්තා කතාව ගියේ, අත්තා කියලා සඤ්ඤාවක් අරගෙන නේ 1-3 වලට ගියේ. ඒක ම තමයි පස්සේ ව්‍යාධියේ ඉඳන් අපි එන්නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට එන එක Y එක කියලා ගත්තේ. එතකොට එහෙම නම් අත්තා තමයි මෙතන්ට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට.
ඉතින් ඒක නේ දැන් මැරෙන මනුස්සයා කල්පනා කරනවා අනේ අපි මැරෙන්නේ නැත්නම්. ව්‍යාධියට පත් වෙන මනුස්සයා අනේ අපි ව්‍යාධියට පත් වෙන්නේ නැත්නම්. එතකොට එහෙනම් මේ අත්තා ඉන්නවා. මේක මොකද්ද මේ පවත්වන්න හදන්නේ? අත්තෙක් නේ. ඔන්න ඔය එක දැක්කා මං.