Date: 19/11/2014 Name: සුඛභාගිය ධම්ම 2

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ මම අර ඊයේ විදිහට ම භාවනාව පටන් ගත්තා අර ලෝභය නැති කරමි කිව්වහම ලෝභයේ ඒ කොටස කැරකීම, කාමච්ඡන්දය, ඒ කාමච්ඡන්දය නිසා ඔයා දන්නවා රවුම් දෙකක් යනකොට අපි ඒ ජරාවට යනවා. එහෙනම් ඒ කියන්නේ ඒ කොටස අයිති වෙන්නේ ද්වේෂය තියෙන කොටසට. ඒක බැලුවා.

ඊට පස්සේ ආපහු රවුම් හතරක් යනකොට ඉතින් මරණය කියන එක ඇති වෙනවා. මෝහ කොටසට වෙනවා කියන එක බැලුවා.

බලලා ඉවර වෙලා අර ඊයේ විදිහට ම ඒ මරණය කියන එක 4.2 නම් 4.3 ව්‍යාධිය. ඊට පස්සේ 4.4 කිව්වහම ජාතිය. 4.5 අර අත්තා කියන එක ගන්නවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක. ඊළඟට 4.6 කියන එක අප්‍රියේහි සම්ප්‍රයෝගය. ඒ කියන්නේ අර වේදනාවේ ව්‍යාධිය කියන එක. එතකොට ඒ කොටස මම හොඳට බැලුවා. ඉතින් සමාධිය බොහොම හොඳයි.

ඒ විදිහට පැවතිලා ඊට පස්සේ මම බැලුවා, ඊළඟට තියෙන්නේ ප්‍රියේහි විප්‍රයෝගය කියන එක. එතකොට ප්‍රියේහි විප්‍රයෝගය හතරෙ කීය ද කියලයි බැලුවේ. ඉතින් එතකොට දැන් බලන්න, දැන් තියෙන්නේ ඊළඟට 4.7 කියන එක තියෙනවා. 4.7 කියන එකේ තියෙන්නේ නන්දිය. එතකොට ප්‍රියේහි විප්‍රයෝගය කියන එකේ තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ බබා වාගේ රූපයක් තිබිලා, ජරා වෙලා, ව්‍යාධියට පත්වෙලා, මරණයට පත් වුණා. මේකෙන් වෙන් වුණා. එතකොට වෙන් වීම තමයි ප්‍රියේහි විප්‍රයෝගය. මේකට තියෙන කැමැත්ත නේ නන්දිය කියන්නේ. මළාට පස්සේ ආපහු ඉපදෙන්න තියෙන කැමැත්ත.

එහෙම නම් 4.7 කියන්නේ ප්‍රියේහි විප්‍රයෝගය. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. බොහෝ ම හොඳට අර කාරණා ටික දැන් ගැළපිලා ගැළපිලා එනවා. නැවත නැවතත් අර ඊයේ භාවනාවේත් ඉතින් යම් ආකාරයකට නොපෙනුන දෙයක් තියෙනවා ද ඒක වැටහීම කියන එක ඇති වුණා.

ඒක තමයි භාවනාවේදි කළේ.