Date: 20/11/2014 Name: Sukabhagiya dhamma 3

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මං අර ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඊයේ අපි දැක්කා නේ 4.2 කියලා කිව්වහම මරණය. 4.3 කියලා කිව්වහම වේදනාවේ ජරාව, ඒක තමයි ව්‍යාධිය වශයෙන් ගත්තේ.

ඊට පස්සේ අපි ආවා 4.4 කියන එක එතන තමයි ජාතිය. 4.5 කියන එක අත්තා. ඒක තමයි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක.

ඊට පස්සේ 4.6 කියන එක අපි බැලුවා අප්‍රියේහි සම්ප්‍රයෝගය.

ඉතින් 4.7ත් අපි දැක්කා නේ ප්‍රියේහි විප්‍රයෝගය කියන එක.

ඉතින් අද මං කල්පනා කළේ ඔය 4.6ට අපි ආවා නම් දිට්ඨි අනුසය. එහෙම නම් අනුසයේ අපි දන්නවා අර පල්ලෙහා ඉඳන් වේදනාවටයි යන්නේ. ඒ වගේ ම අපි 4.6ට ආවා නම්, තියෙන්නේ පල්ලෙහා, ඒ අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් අපි උඩට අර ජරාව කරා ගමන් කරන්න ඕනෙ.

ඔන්න ඕක තමයි මං බැලුවේ. ජරා දෝමනස්සය කියන එක අතෙන්ට එනවා කියන එක. ඉතින් මේකේ number එක මොකද්ද කියන එක තමයි මම හුඟක් ම මං උත්සාහ කළේ. ඔය භව බලන අවස්ථාව වෙනකොට මට විවිධ පැත්තෙන් පේනවා මට සමාධියන් කියන ඒවා ඇති වෙනවා. ඒ ඇති වුණාට number එක නම් හොයාගන්න අමාරු වුණා.

ඉතින් ඒ, මොකද ඒකෙ විවිධාකාරයෙන් පේනවා අර පල්ලෙහාට දිට්ඨි ආශ්‍රවය හරහා නිත්‍ය කතාවකුත් ඇවිල්ලා තියෙනවා. ඒක ගිහිල්ලා තියෙනවා ඔය පහළ තියෙන අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට. ඒක පහළට බැසීමක් නේ තියෙන්නේ.

එතකොට අනිත් අතට අත්තා කතාවකුත් තියෙනවා. ඉතින් දැන් මේවායින් ගත්තහම කොයි එක ද කියන එකයි කල්පනාව. ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවහම රහතන් වහන්සේ කිව්වා 5.3 කියලා. ඒ 5.3 කියලා කියන්නේ ඔය සඤ්ඤාවේ ජරාව. 4.3 වේදනාවේ ජරාව වෙනවා වගේ ම 5.3 සඤ්ඤාවේ ජරාව වෙනවා කියන එක තමයි එතන තියෙන්නේ.

එතකොට ඒක සඳහා අපි triangle එකක් වශයෙන් හිතනවා නම් ඒ ජරාව තියෙන තැනයි, ඊළඟට ව්‍යාධියයි, පල්ලෙහායින් තියෙන අප්‍රියේහි සම්ප්‍රයෝගයයි කියන එක තමයි හිතන්න ඕනෙ.

අනිත් අතට පේනවා පල්ලෙහායින් තියෙන ප්‍රියේහි විප්‍රයෝගයයි, දකුණු අත පැත්තට අප්‍රියේහි සම්ප්‍රයෝගය, උඩ ජරාව. දෙතුන් පැත්තකින් එතන සම්බන්ධතාවයක් එනවා. ඉතින් දැන් අපි දන්නවා 5.3 කියලා කිව්වා නම් අර සුභයි, නිත්‍යයි කියලා

ඊට පස්සේ ඒ සඤ්ඤාවේ සුඛභාවය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සඤ්ඤාවේ සුඛභාවය කියලා අපි ගන්නේ ජරාව. ඒක තමයි එතන ඒ භාවනාව හැටියට තියෙන්නේ. එතනින් තමයි නැවැත්තුවේ.