ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අර ඊයේ භාවනාව ම දිගට කරගෙන ගියා. ඒ භාවනාවේ අපි දන්නවා 4.2 කියලා කිව්වහම මරණය. 4.3 කිව්වහම ව්‍යාධිය, වේදනාවේ ඒ ජරාවට පත් වීම කියන එක ව්‍යාධිය. ඊළඟට 4.4 කිව්වහම ආපහු ජාතිය. ඊට පස්සේ අපි දන්නවා 4.5 කිව්වහම යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. 4.6 කියලා කිව්වහම අප්‍රියේහි සම්ප්‍රයෝගය. 4.7 කියලා ගත්තහම ප්‍රියේහි විප්‍රයෝගය කියන එක දන්නවා.
ඊට පස්සේ අපි ඊයේ බැලුවා 5.3 කියන එක. ඒ කියන්නේ අර නිත්‍යභාවය කියන එකයි අපිට එන්නේ. ඒ නිත්‍යභාවය කියලා කියන්නේ අර ඒ සඤ්ඤාවේ ජරා වීම කියන එක ඒ ජරාව තැනින් තමයි ඒක ලියන්න ඕනෙ. ඉතින් ඒක හරි අපිට අර නිත්‍යයි කියලා යමක් අපි හිතනවා, කල්පනා කරනවා. ඉතින් නමුත් ඒ නිත්‍යභාවය කියන එක, ඒකේ වෙනස් වීම ම තමයි ඒ ජරාව කියලා කියන්නේ. එතකොට ඒක සඤ්ඤාවේ ජරාව.
ඔන්න ඔය සඤ්ඤාවේ ජරාව කියන එක ඔය විදිහට බැලුවහම හරියට රූප පේන්න ගන්නවා. එක එක අය, මේ ගෙදර අයගෙ රූප, අතීතයේ ඒවා, විවිධාකාර වූ රූප වැලක් එනවා. මෙහෙම ඉතින් මේවා දැකලා දැකලා, නිකන් නවත්තගන්න බැරි තත්වෙට ම මේක එනවා.
මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ මං රහතන් වහන්සේගෙන් ඇහුවා උපායාසය තියෙන තැන. දැන් ඒක විතර නේ ඉතුරු වෙලා තියෙන්නේ. එතෙන්ට එන්නේ මොකද්ද කියන එක. ඒ පාර රහතන් වහන්සේ කිව්වා “ඒක 7.7” කියලා. ක්‍රෝධ උපායාසය කියන්නේ. ආන්න ඒ විදිහට මෙතන්ට ඇවිල්ලා තියෙන්නෙ.
ඉතින් පේනවා ඔය උපායාසය කියන එක ලියවෙලා තියෙන්නෙත් රහතන් වහන්සේ අඳිනකොට ඔය දෙවනි පාරේ කිට්ටුව තියෙන්නේ. එතකොට අනිත් අතට ගත්තහම අපිට පේනවා 7.7 කිව්වහම නන්දිය කියන කතාවකුත් තියෙනවා. ඉතින් නන්දිය කියලා තියෙන්නේ මැරිච්ච එකක් ආපහු උපද්දවන්න.
ඉතින් දැන් ඕකේ අනිත් පැත්තට ම මේක තියෙනවා නේ. මැරිච්ච මනුස්සයාට දැඩි වූ වෙහෙසක් එතන ඒකේ තියෙනවා. මේක මේ frustrated නෙ මේක උපද්දවන්න හදනවා, උපද්දවන්න හදනවා ඒක ආපහු මැරෙනවා. උපද්දනවා, ආපහු මැරෙනවා. ඉතින් උපායාසය, දැඩි වෙහෙස කියන එක ඒක හොඳ ලස්සනට පැහැදිලි වෙනවා එතන ඒ කාරණයෙන්. එතකොට ඕක තමයි අපි අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා වෙත් අර පුටුව අල්ලලා විසි කරනවා කිව්වේ. මේකත් එක්ක පවත්තන්න බැහැයි කියලා.
ඉතින් ඕක තමයි මං කරපු භාවනාව.