Date: 23/11/2014 Name: Giddhiloba bhavana

මේක ගිද්ධිලෝභ භාවනාව. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.

ලෝභය නැති කරමි කියනකොට මට, ගිද්ධිලෝභය ම මම සිහි කළා. ඒ ගිද්ධිලෝභය ගත්තහම අපි දන්නවා අර අභිජ්ඣා එක, කාමච්ඡන්ද තියෙනවා, නන්දිය තියෙනවා, අනිත් පැත්තට පේනවා අර රූපය ලාභයි කියලා අපි ගන්නවා ලාභමච්ඡරියත් එක්ක.

එතකොට රූපය ලාභය වශයෙන් ගත්තාට පස්සේ ඒකෙන් අපි භාණ්ඩයක්, මේසයක් හරි මොකක් හරි එකක් හදනවායි කියලා සිතන අර උදාහරණෙකට මං පෙන්නන්නේ ලී බඩු ගත්තායි කියලා. ඒක සිතීම තමයි කාමච්ඡන්දය වෙන්නේ. එතකොට මේකේ යටි අර්ථය තියෙන්නේ ජරාවට කැමති වීම කියන එක අපි කලින් භාවනා කළා. කාමච්ඡන්දය කියන්නේ රවුම් දෙකක් කැරකෙව්වා, අර දෝමනස්සය, දෝමනස්සයට තියෙන කැමැත්ත.

නන්දිය කියලා කියන්නේ මැරුණාට පස්සේ ඉපදීමට ඇති කැමැත්ත. දැන් සිහින මවමින් හිටපු මිනිසා මැරුණායින් පස්සේ ඒක හොඳ වේවි යැයි කියලා හිතාගෙන විඤ්ඤාණය පිහිටවනවා.

දැන් අර උදාහරණයට තථාගතයන් වහන්සේ පෙන්නනවා. හෙතෙම පිබිදියේ, කිසිවක් නොලබයි, කිසිවක් නැත. අන්න ඒ උදාහරණයත් එක්ක අපි හිතන්න ඕනෙ.

පිබිදියේ කියලා කියන්නේ ජාතිය. නින්ද කියලා කියන්නේ මරණය. එතකොට නැවත උපදී බලන්නේ පෙර ලෙස ම දුක් විඳිනවා. මේ කාරණා තුන මගින්, ඒ කියන්නේ ඔය ලාභයි කියන කතාවයි, කාමච්ඡන්දයයි, නන්දියයි මගින් ගිද්ධිලෝභය කියන එක දක්වන්න ඕනෙ. ඉතින් මේ භාවනාව මිනිත්තු දහයයි කළේ, රහතන් වහන්සේ මාව නැවැත්තුවා. මගේ නළල පත්තු වෙලා තිබුණේ.

ඉතින් මං එහෙම නැවැත්තුවායින් පස්සේ ඉතින් මං ඇහුවා මේක දරුණු ද කියන එක. රහතන් වහන්සේ කිව්වා “මේක මේ ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවරයි” කියලා. ඒ පාර කුමන ආශ්චර්ය අද්භූත ධර්මය ද? කියලා ඇහුවහම “තුන් වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය” කියලා කිව්වා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය.

ඒක තමයි මං කරපු භාවනාව.