ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කළා. ඊයේ භාවනාවේදි මතකයි නේ ඒ ගිද්ධිලෝභය භාවනාව, උඩින් කාමච්ඡන්දය, අනිත් පැත්තෙන් ගත්තහම අර ලාභයි කියලා ගන්න එක ලාභමච්ඡරිය, පල්ලෙහායින් තියෙනවා නන්දිය කියන එක. එතකොට මේ තුන් ධර්මයෝ නැවතත් හොඳට මෙනෙහි කළා. මේ ලාභ, රූපය අපි ලාභයි කියලා අරගෙන මෙතන ඒක නිසා මේ කාමච්ඡන්දයන් ඔය විදිහට අපිට ඇති වෙලා තියෙනවා නේ. ඉතින් ඒක අපිට පේනවා ඉතින් අපි මේ ජරාවට යන දේකට තමයි අපේ මේ කාමච්ඡන්දයක් ඇති වෙලා තියෙන්නේ.
ඉතින් ඒ පාර අනිත් පැත්තට බැලුවා මේ නන්දිය කියන එක. ඒ මැරිලා ඉපදෙන එකට තිබෙන්නා වූ කැමැත්ත කියන එක. ඉතින් දැන් මේකේ බලාගෙන යනකොට මං කල්පනා කළා මේ ජරාවයි කියන එක දැන් තුන් වෙනි රවුම වෙනකොට වෙලා නේ. රවුම් දෙකක් ගැහුවා, තුන් වෙනි රවුම වෙනකොට ඒ ජරාව කියන එක, එතකොට ඒක රූපයේ ජරාව හැටියට නේ අපි ගන්නේ, තුන් වෙනි එක. එතකොට ඒකේ 3.6 වෙනකොට ඒ රූපයේ ම අර ව්‍යාධිය කියන එකට එනවා. එතකොට හතර වෙනි රවුමේ දී අපි ගන්නේ වේදනාවේ ජරාව 4.3 කියන්නේ, 4.6 කියලා කිව්වහම වේදනාවේ ව්‍යාධිය. ඒ 5.3 කිව්වහම සඤ්ඤාවේ ඒ ජරාවයි කියන එක ඒ විදිහට අර වටත් එක්ක ඒක සම්බන්ධතාවය බැලුවා.
බලලා ඉතින් මට තේරුණා ඉතින් මේ ධර්මය බොහොම ගැඹුරුයි කියන එක. අර ඊයේ රහතන් වහන්සේ කිව්ව එක මට තේරුණා ඒකේ ඒ මනස හරියට clear වෙනවා ඔය තුන් ධර්මය බැලුවහම.
ඊට පස්සේ මට කල්පනා වුණා මේ වගේ ම ධර්මතාවයක් අනිත් පැත්තෙත් තියෙනවා කියලා. මෙතන මේ තුන universally joined කියන එක ආවහම, ඒ කියන්නේ ඔතන ඔය වේදනාවත් එක්ක මේ පැත්තෙන් ජාතිය, මේ පැත්තෙන් කබලිංකාර ආහාරය. Universally joint. ඒක නේ ඔය පෙන්නුවේ. සර්වලෝක පූට්ටුව.
ඉතින් ඒක බොහෝ ම සැරට වැදුණහම මං ඒ වගේ ම ධර්මයක් අනිත් පැත්තෙත් තියෙනවා ය කියන එක, මොකද මේ පැත්තේ නැති වුණාට, මේ පැත්තේ ඒවා කපලා දැම්මා වුණත් එහා පැත්තෙන් තියෙනවා කියන අර්ථය තියෙනවා නේ. ඉතින් එතනදි ඒ ධර්මය ම දැන් මම ඒක එහෙම මං කිව්වේ සංස්කාරයයි, විඤ්ඤාණයයි, අර මේ ඉදංසච්චය මැද්දේ ඉන්නවා, මේ පැත්තෙන් මෝහයේ අගතිය කියන එක. ඔය තුන් දෙනා තමයි ඔය ඕක කරන්නේ කියලා.
එතනත් ආපහු join වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉදංසච්චය. ඉතින් දැන් මෙතන ඒ වෙලාවේ රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා. එතකොට දැන් මං බැලුවා මේකේ වැඩි ම සුදුසු වෙන්නේ ඒ පරාමාසය හැටියට ගන්න එක ද, කුක්කුච්චය හැටියට ගන්න එක ද, සංස්කාරය හැටියට ගන්න එක ද, මේ පැත්තේ කෙළවර කියන එක. ඉතින් රහතන් වහන්සේ මට ම හිතන්න ඉඩ දුන්නා.
දීලා, එතකොට සංස්කාරය කියන එක ම තමයි හරි කියන එක ඒක එතෙන්ට ආවේ. මොකද අතන මේ පැත්තෙන් වේදනාව නේ තියෙන්නේ. අර වාගේ ම මෙතනත් මේ චිත්ත සංස්කාර. එතකොට ඒ සංස්කාරවලට තමයි ඉතින් අපි ඇලෙනවා කියන එක එහෙම තියෙන්නේ. අභිනිවේසය තියෙන්නේ. එතකොට ඒ සංස්කාර, අභිනිවේස, ඉදංසච්චය කියන ඒ කතාව තියෙනවා.
ඒ අනිත් පැත්තෙන් ගත්තහම ඉතින් අපි දන්නවා අර උඩ අවිද්‍යාව තියෙන්නේ. ඒ උඩ මේවා එකට අවිද්‍යාව එනවා. පල්ලෙහා එකට අර මෝහය කියන එක එනවා. ඉතින් එතනදි අර අපේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ තියෙන මේ ධර්මය ම නේ නේ ද මේ කියන එක මට ආවා.
ඉතින් මේක ආපු ගමන් ම මට තේරුණා ඉතින් දැන් මේක සම්බන්ධ වෙන්නේ මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට, කියන කෑල්ලෙන් මේ දෙක යටින් පැත්තෙන් සම්බන්ධ වෙනවා කියන එක. ඕක වෙනකොට ම මට තේරුණා මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය එහෙම වෙනවා කියලා මේ, ඒ රූප පේන්න ගත්තා. Off යනවා on වෙනවා කියන එක ඒක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.