Date: 25/11/2014 Name: Anasava Chitta

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැන්දා.

එතකොට මම ඊයේ කරපු භාවනාව ම නැවතත් මෙනෙහි කළා. ඊයේ කරපු භාවනාවේ තියෙන්නේ දැන් අපි, පේනවා මේ ලෝභය නැති කරමි කිව්වහම ගිද්ධිලෝභය කියන එක, ඒක ගන්න. ගිද්ධිලෝභය කියන එක තේරුම් ගත්තා ඒක ඉස්සෙල්ලා භාවනාවක දී අර කාරණා තුනක් තියෙනවා නේ.

ඒ කියන්නේ වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභයට එනවා කියන එක ලාභයි කියලා ගන්න එක. දෙවනි කාරණේට තියෙනවා කාමච්ඡන්දය. අනිත් පැත්තෙන් තියෙනවා නන්දිය. ගිද්ධිලෝභයට කාරණා තුන. ඔය කාරණා තුන, ඒ කියන්නේ ලාභයි කියලා ගත්ත එක මච්ඡරිය. කාමච්ඡන්දය, නන්දිය කියන ඔන්න ඔය තුන තමයි ගිද්ධිලෝභය කියලා කියන්නේ.

එතකොට දැන් අපි දන්නවා නේ කාමච්ඡන්දය කිව්වහම අර අපිට තියෙනවා නේ ඡන්දය ඇති වෙලා තියෙන්නේ ජරාවට පත් වෙන දේකට. එතකොට එහෙනම් ජරාවට තමයි මේ ඡන්දය තියෙන්නේ කියලා කියන්නේ. ඊළඟට නන්දිය කියලා කිව්වහම අර මැරිලා ඉපදෙන්න තියෙන කැමැත්ත. ඉතින් මැරිලා ඉපදෙන්න තියෙන කැමැත්ත කියන එක, බලන්න දැන් ඔය ගිද්ධිලෝභ භාවනාවේදි තථාගතයන් වහන්සේ දෙන උදාහරණය.

බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේ මේ සිහිනයක් දුටුවේ, පිබිදියේ කිසිවක් නැතෙයි කියලා. එතකොට එතෙන්දි කල්පනා කරන්න ඒ නිදා ගත්තා කියන එක මරණය. පිබිදියේ කියලා කියන්නේ ජාතිය. අර කාමච්ඡන්දයේදි එයා එක එක ආකාරයෙන් හිතුවා මෙන්න මේ ආකාරයට දැන් බලන්න දැන් ලී ටිකක් අරගෙන මේසයක් හරි හදන්න හිතන්නේ තිබිච්ච මේසේ කැඩිලා ගිහිල්ලා. ජරාවට පත් වෙලා නිසායි ඒක කරන්නේ.

එතකොට මේ මනුස්සයා මේ එක එක ආකාරයට හිතුවා. මෙන්න මේ ලාභයන්ගෙන් මේ විදිහට අරගෙන මම ජීවත් වෙලා මේක පවත්වාගෙන ඉන්නවා කියලා එක එක විදිහට එයා හිතුවා. විවිධාකාරයෙන් එහෙම තිබිලා දැන් අන්තිමට එකක්වත් හරි ගියේ නෑ. දැන් නන්දියේදි පෙන්නනවා මෙයා හිතනවා මේ ඊට පස්සේ මැරිලා ඉපදුණාට පස්සෙ හරි යයි කියලා. හැබැයි ඒ අර ඉස්සෙල්ලා එක ම තමයි. බලන්න ඒ උදාහරණේ හරි වැදගත්. ඒ බුදුහාමුදුරුවෝ දීපු උදාහරණේ පෝතලිය සූත්‍රයේ. සිහිනයයි කියන එක.

ඒ භාවනාව ඊට ඉස්සෙල්ලා දවසෙයි කළේ. දැන් ඊට පස්සේ මට ඊයේ භාවනාවේදි ඕක සම්බන්ධ වුණා මේ වාගේ මේ තුන් ධර්මයක්, ඕක පොඩි ධර්මයක් නෙවේ ඔය දැන් කිව්ව එක. ඕක ඒ පළවෙනි පාර ඒක කළහම රහතන් වහන්සේ, මිනිත්තු දහයයි මං භාවනා කළේ මාව නැවැත්තුවා. ඕක ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවර. මොන ආශ්චර්ය අද්භූත ධර්මයේ ද? තුන් වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවර. ඒ තරම් ගැඹුරු භාවනාවක් ඒක. ඒ ගිද්ධිලෝභ කියන එක.

ඒ පාර දැන් ඔය වාගේ ධර්මයක් මම ඊයේ භාවනාවේදි දැක්කා, මෙතන මේ තුන් ධර්මයෝ වාගේ ම තව තුන් ධර්මයක් එහා කෙළවරේ තියෙනවා. ඒ කෙළවරට තියෙන්නේ සංස්කාරයි, එතනින් උඩ තියෙනවා විඤ්ඤාණය, මේ පැත්තෙන් මෝහය. එතකොට එතන බලන්න ඔය මැද්දේ ඔය වගේ ඉදංසච්චයට ඇවිල්ලා තියෙන්නේ උඩ අවිද්‍යාව, මේ පැත්තෙන් මෝහය කියන එක. එතකොට ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර පෙන්නන එක, මේ පැත්තට මේක ඇදෙනවා කියන ඒ තුන් ධර්මයත් එක්ක එතන සම්බන්ධ වෙනවා.

දැන් අද බැලුවේ ඕකේ එහා කෙළවරයි මේ කෙළවරටයි සම්බන්ධ වෙනවා නේ, විචිකිච්ඡාව මගින්. ආන්න ඒක තමයි මං බැලුවේ. ඉතින් ඕක බලන්න ගිහිල්ලා ඉතින් මුලින් මිනිත්තු දහයක් පහළොවක් විතර මං හොඳට කරගත්තා අර මේක පටන් ගන්න ඉස්සෙල්ලා.

කාමච්ඡන්දය කියන එක මම හොඳ ගැඹුරට කල්පනා කළහම අර ජරාවට තිබෙන්නා වූ කැමැත්තයි කියන එක, ඉතින් මට කල්පනා වුණේ ඉතින් ජරා වෙනවා නම් ව්‍යාධිය වෙනවා, මරණය කියන එක ඇති වෙනවා. ඒක අනිවාර්යයි. එතකොට එහෙනම් මේ ඔක්කොට ම තමයි මෙයාගේ මේ කැමති වෙලා තියෙන්නේ. මේ දේවල්වලට. ජරා වුණා නම් ඉතින් ව්‍යාධිය මරණය වෙනවා නේ. ඒකටයි කැමැත්ත ඇති වෙලා තියෙන්නේ කියන එක බැලුවා.

ඒක බලනකොට ම ඉතින් මට මනස බොහෝ ම හොඳයි මේ, බොහෝ ම සැරට ගිහිල්ලා නතර වෙන්න වාගේ යන්නේ. ඒ පාර මං කොහොම හරි ආපහු තව චුට්ටක් බැලුවා, කාමච්ඡන්දය ඉතින් දැන් ව්‍යාපාදය, ථීනමිද්ධය, දැන් එතන ආවා ඊට පස්සේ අර අවූපසන්තචිත්තයට එනවා. එතෙන්ට එනකන් ආවා. ඇවිල්ලා එතනින් ආවා ඔය විචිකිච්ඡාව කියන එක. ඉතින් දැන් මේ එකක්වත් මෙයාට පවතින දෙයක් නෙවෙයි කියන එකයි වුණේ. මොකද අර ජරා, ව්‍යාධි, මරණය වුණා කියන අර්ථය කල්පනා කළහම අර විදිහට, මං මේකටයි කැමති වුණේ එහෙම නම් මං ව්‍යාධියට කැමති වුණා, මරණයට කැමති වුණා කිව්වහම ඉතින් ථීනමිද්ධය ව්‍යාධිය කියන ස්වභාවය එතන ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් අවූපසන්තචිත්තය. මේක අර එක ම අදහස මේක දිගේ දැන් යනවා.

මේක දිගේ ගිහිල්ලා ඒ පාර මං ආවා විචිකිච්ඡාව කියන එක. ඉතින් අර ඡම්භී භීරුකජාතිකා ඒවාත් මට මතක් වුණා. එතෙන්ට ඇවිල්ලා කල්පනා කළා දැන් මේ, විචිකිච්ඡාව කියන එකේ තියෙනවා නේ දැන් අපි, මේක ආපහු, ඒ චිත්තය, මැරිච්චි චිත්තය ආපහු හදන්න පුළුවන් ද? අපි පරිදේව නොවන්නේ ද? කියන එක.

මෙතන්ට බැලුවහම ඔය විචිකිච්ඡාව කියන එක එනකොට දහතුන් වෙනි රවුම නේ. දහතුන වෙනකොට තමයි ඔය විචිකිච්ඡාව කියන එක තියෙන්නේ. එතකොට එහෙම නම් දැන් මෙතන ඉඳන් අපි යන්නේ නන්දියට. ඇයි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට මෙයා jack එක ගහලා නන්දිය තියෙන කොටුවට යන්නේ.

දැන් මෙතන රහතන් වහන්සේ පෙන්නුවේ මේකේ දැන් තුන් පාරක් මැරිලා. ඇයි දොළහක් ගිහිල්ලා නේ. වට දොළහක් ගිහිල්ලා. තුන් පාරක් මේකට පුරුදු වෙලා. පළවෙනි එක මුලින් හැදුවා. දෙවනි එකේදි ඒ පාර ඒක මැරිලා ගියාට පස්සෙ දැන් මෙයාට sample එක ආවා ඔන්න මළා මේක උපදිනවා කියලා. දැන් ඉතින් මෙයාට අර සැකයන් සහිතව මේකට පුරුදු වෙලා තියෙන්නේ අර පුරුදු වීමක් කියන එක ඇති වෙලා. තුන් පාරක් කරාට පස්සේ අරක හොඳට පුරුදු වෙලා තියෙනවා කියන එක. ඉතින් ඔන්න ඔතෙන්ට එනකන් තමයි මගේ භාවනාව මං කරගත්තේ.