Date: 26/11/2014 Name: Anasavacitta bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම මුලින් ම පටන් ගත්තේ, රහතන් වහන්සේ මට මුලින් ම කිව්වා ඔය කාම ආශ්‍රව ඇති වෙන භාවනාව බලන්නෙයි කියන එක. ඒ කියන්නේ අර, අපි දන්නවා 4.4 කියලා කියන්නේ කාම ආශ්‍රවය කියන එක. 4.4 කියන එක. ඒ කියන්නේ හතරෙන් පස්සේ තමයි කාම ආශ්‍රවය කියන එක ඇති වෙන්නේ. දහයෙන් පස්සේ තමයි අවිද්‍යා ආශ්‍රවය කියන එක තියෙන්නේ. එතකොට අටෙන් පස්සේ දිට්ඨි ආශ්‍රවය කියන එක. ඒ පාර මම බැලුවා මට එකපාරට ම click වුණේ 4.4 කියන්නේ ජාතිය. 4.4 ජාතිය.

එතකොට එහෙනම් මේ දෙක සම්බන්ධයි කියන එක. එතකොට කාම ආශ්‍රව කියනකොට බලන්න ඒකේ ලක්ෂණයක් තියෙනවා අජ්ඣත්තාය අල්ලීනාය කියලා කියනවා. එතකොට අර අභ්‍යන්තරයේ බැස ගැනීමක් කියන එක තියෙනවා අර ආයතනවලින්. ඒ කියන්නේ දැන් අපිට පේනවා අර සුඛයි කියලා ගත්තා නේ අපි 4.3. දැන් ඒකත් එක්ක තමයි මේ බැස ගැනීම කියන එක ඔතන තියෙන්නේ. එහෙම නම් අපිට පේනවා මේ පරාමාසකායගන්ථය වටේ යමක් කැරකවීමක් තමයි මේ තියෙන්නේ. අර සුඛය කියලා මේකට ඇතුල් වෙනවා. එතකොට 4.4 තමයි ඔය අපි දන්නවා එතන ඉඳන් පස්සේ 4.5 වෙනකොට අත්තා කියලා පල්ලෙහාට යෑමකුත් තියෙනවා. එතකොට මේකේ, ඒකේ වටේ රවුමක් කැරකිල්ල වාගේ එකක් තමයි මෙතන තියෙන්නේ.

එතකොට මේක බැලුවාට පස්සේ මට දැන් කල්පනා වුණා එහෙම නම් මේ ජාතිය කියන එක අපි දන්නවා අර A වල ඉඳන්, bell shaped curve එකේ A ඉඳන් B දක්වා ගියා කියන එක තමයි අපි ජාතිය කියලා කියන්නේ. එතකොට දැන් කාම ආශ්‍රවය කියන එක නිසා තමයි මෙතන, අපිට පේනවා මේ ජාතිය කියන එක අපි ඇති කරගන්නේ කියන එක. දැන් ඒ පාර මං බැලුවා ඕකට, දැන් අපි දන්නවා අපිට අවිද්‍යා ආශ්‍රවය තියෙනවා නම් කාම ආශ්‍රවයට එනවා. ඒ කියන්නේ රවුම් දහයක් අපි කරකවලා තියෙනවා නම් ඒක නිසා අපිට ඔය කතාව තියෙනවා. ඊළඟට දිට්ඨි ආශ්‍රවය තියෙනවා නම් කාම ආශ්‍රවය වෙනවා, එතකොට දිට්ඨි ආශ්‍රවය කිව්වහම 8න් පස්සේ කියන එක.

එතකොට අර මුලින් අපි ජාතිය ඇති කරගන්න කාම ආශ්‍රවයට තිබුණා නේ යම්කිසි අර සුඛයක් ඇතුල් වෙලා ආදී වශයෙන් තිබෙන්නා වූ ඒක වටේ එතන ගතියක් තියෙනවා නේ. එතකොට දැන් ඒක තමයි මේ push එක හැටියට ඒක තියෙන්නේ දැන් ඒකට support කරනවා අවිද්‍යා ආශ්‍රවයයි දිට්ඨි ආශ්‍රවයයි කියන දෙක. එතකොට එහෙම නම් මේ මනුස්සයාට කොයි ම වෙලාවකවත් මේ, දැන් කාම ආශ්‍රවය කියන එක නැති කරා කියලා කෙනෙකුට කතාවක් ඇත්තේ නෑ මොකද අර අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයෙන් මේක push කරනවා කියන එක තියෙනවා මොන ආකාරයකින් හරි. මොකද නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් 50%ක් රූපය ස්පර්ශ කරනවා. එතකොට එයාගේ අර කාම ආශ්‍රවය කොහොමත් පවතිනවා.

ඉතින් මං මේක කල්පනා කරා එතකොට මේක නැති වෙනවා නම් මේ තුන ම නැති වෙලා තමයි මේක නැති වෙන්නේ කියන එක. එතකොට අර ඒ තුන ම නැති වෙනවා නම් ඉතින් නිර්වාණයයි කියලා අර “එතං සන්තං එතං පණීතං” කියලා නිකන් හැඟීම ආවා විතරයි ඒ එක්ක ම අර අනාශ්‍රව චිත්තය කියන එකට මෙච්චර මේ සද්ද තිබුණත් එතෙන්දි ආවා. එතෙන්දි මට දැන් එනවා කියලා මට තේරෙනවා, දැන් මං දන්නවා මේක එන්නයි එන්නේ මේක මෙහෙමයි කියන එකත් මං දැන් වටහාගෙන තියෙනවා. ඉතින් ඒ තත්වෙට පත් වුණා. ඊට පස්සේ මම එතනින් ආපහු මේක පොඩ්ඩක් මෙනෙහි කරලා, ඒ ධර්ම කාරණාවන් කියන්න මෙනෙහි කරලා එතනින් නැවැත්තුවා.

ඒක තමයි මං කරපු භාවනාව.