ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඒ භාවනාවට පෙර ම මට කිව්වා මේ පෙර මං බලපු භාවනාවක්, ඒක බලන්නෙයි කියලා. ඒ භාවනාවේදි තියෙන්නේ දැන් අපි අර මේ මුලින් කරලා තියෙන භාවනාවේ ඒක පෙන්නන්නේ රූපය ස්පර්ශ නොවෙන්න, සඤ්ඤාව මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න කියලා භාවනාවක් කළා. ඒ භාවනාවේදි මම දැක්කා ඔය රූපය ස්පර්ශ කරනවා කිව්වොත් අපේ කබලිංකාර ආහාර ප්‍රශ්න දිගේ පල්ලෙහාට බහිනවා. අර ඊට පස්සේ ඒක නිසා අපිට පේනවා අර area 1 එක නිසා area 4 එක ඇති වෙලා අර වේදනා, පරාමාස, භය අගති කියලා අපි පල්ලෙහාට යනවා අර අත්තා කියලා ගැනීමක් කියන එක තියෙනවා. එතකොට අත්තා කියන එක, ඒ රූපය ස්පර්ශ නොවෙන්න නම් ඒකට රුකුලක් නොවෙන්න ඕනෙයි කියන එක. එතකොට ඒකට support කරනවා අර අත්තා කියලා ගන්න එක. එතකොට මෙන්න මේක නොවෙනවා කියන්නේ අර සඤ්ඤාව මගේ නොවෙන්න විරිය කියන එක පේනවා.
ඉතින් ඔය විදිහේ සම්බන්ධතාවයක් බැලුවා ඔය පල්ලෙහා ඒ සංස්කාර කොටුවේ, ඒ කියන්නේ පරාමාස, ඉදංසච්ච, මෝහ අගති, භය අගති. අර area 6 එකේ තිබෙන්නා වූ එක. ඒකෙදි අපි තේරුම් ගත්තා දැන් අපිට දැන් අපි දන්නවා අර සුභයි කියලා ගන්න අවස්ථාවේ දී ඉදංසච්චයට ඇදුණා යමක්. එතකොට ඒ ඉදංසච්චයට අර අපි කිව්වේ කාමේසු තිබ්බසාරාගො කියලා. එතනින් ආවා නේ. දැන් ඒකේ flow වෙන හැටියි මම ඒ භාවනාවේදි බැලුවේ.
එතෙන්දි බැලුවා ඔය ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහා සංස්කාර කොටුවට ඔන්න මුලින් ම එනවා. ඒ තිබ්බසාරාගො කතාවත් එක්ක. ඊළඟට අපිට ආපහු පේනවා මේ මෝහ අගතියේ ඉඳන් අපිට එනවා කියලා ඔය සංස්කාර කියන කොටුවට. මෝහය තමයි මේක පවත්වන්න උදව් උපකාර වෙන්නේ කියන එක අර උද්ධච්චය මගින් ඒක සිද්ධ කරනවා.
ඊළඟට තියෙනවා ඔය භය අගතියට, මේ value එක push කරන්න නම් පරාමාසයේ ඉඳන් එන්නා වූ value එකෙන් තමයි මේක push කරන්නේ කියන එක තියෙනවා. ඉතින් මේ විදිහට, මේ එකොළොස් වෙනි වටයෙන් පස්සේ දැන් මේ විදිහට මේ තියෙනවා මේ සංස්කාර නිසා අත්තා හැදෙනවා කියන එක ඒ භාවනාවේදි ඒක බලලා තියෙනවා.
දැන් මට ඊයේ භාවනාවත් එක්ක ඕක සම්බන්ධ වුණා. ඊයේ භාවනාවේදි කිව්වා නේ මේ සංස්කාර පරාමාසයට අර සුඛය කියන එක ඇතුල් වෙලා ඕක වටේ කැරකෙනවා කියන එක. ඒ කියන්නේ පල්ලෙහා අත්තා කියලා ගන්නවා කියන එක. ඉතින් ඊයේ භාවනාවේදි අර කාම ආශ්‍රව කතාව නේ කළේ. එතකොට ඒක ජාතියයි කියන එක කිව්වා නේ. එතකොට ඒ 4.4 ඒ ජාතියයි කියන එක ඒක push කරනවා කියන එක.
දැන් එතකොට දැන් පේනවා මේ විදිහට නම් මෙතන මේ පරාමාසයට ගිය value එක තමයි මෙතන්දි පල්ලෙහාට push කරනවා කියන්නේ අර වතුර පාරවල් දෙක දැන් push කරලා භය අගතියට යන කතාව කියන එක කරන්නේ එයා කියන එක.
දැන් මෙතෙන්දි එනවා මට හරි ලස්සනට අපි අර 2B diagram එකේ එහෙම අපි කියන්නේ නිත්‍යයි කියලා පල්ලෙහාට අරගෙන අර එතනින් පෙන්නන්නේ උඩට යනවා කියන එක. ඒක එහෙම ම පවතිනවා. අර පළවෙනි රවුම් දෙකේ නිත්‍ය කතාව තමයි ඒක තියෙන්නේ. දැන් 2B diagram එකේ පෙන්නන්නේ අර ඔය විදිහට මැද්දෙන් අපි දෙනවා අර සඤ්ඤාවට සුඛයි කියලා අර්ථයක් දෙනවා.
එතකොට දැන් මෙතන value එකක් මේකේ ඇතුළෙනුත් තියලා මෙතනින් එනවා. පරාමාසයෙන් value එකකුත් එනවා. ආන්න එතෙන්දි මට ආවා හරි ලස්සනට, ඒ කියන්නේ දැන් මෙතන තියෙන current value එක ඇවිල්ලා තියෙනවා අර, දැන් අපි නිත්‍ය කතාවත් එක්ක ඔන්න සඤ්ඤාවට සුඛයි කියලා කියන්නේ මේ දැන් වෙලාවේදි එක. මේ value එක push කරන්නේ අර ආවට අර පෙර තිබූ පරාමාස value එක තියෙනවා නේ. පෙර පරාමාස වෙලා තියෙන එක අතීතයේ, අපි දැන් වට අට ගහන ඒවා කරලා නේ තියෙන්නේ. අන්න ඒ value එක තමයි දැන් මේ මේ එන්නේ.
එතකොට මේ දෙක ගළපලා බලලා, මේ දෙක සැසඳුනහම හොඳ නම් තමයි අරක push වෙන්නේ පල්ලෙහාට. එතකොට දැන් මම රහතන් වහන්සේගෙන් ඇහුවේ මෙහෙම වෙන්නේ නැත්තන්, ඒ කියන්නේ අපි වේදනාව නිසා නේ ඒ පරාමාසයේ value එක එතන එන්නේ. එහෙම වෙන්නේ නැත්තන් මේක push වෙනවා ද කියන එක. එතකොට රහතන් වහන්සේ පෙන්නුවා “ඔව් ඒක push වෙනවා.” ඒ push වෙන්නේ රූපයේ value එක නිසා. රූපය නිසා ඇති වුණා වූ දෙයක් තියෙනවා නේ. පරාමාසයේ වේදනාව කතාව වුණාට අර රූපයෙන් වටේ frame එකේ එන්නා වූ එක නිසා මේක push වෙනවා කියන එක. ඉතින් ඒක මට හොඳට තේරුණා නිකන් ඔය, මේ පොඩි ලී කෑල්ලක් තියෙනකොට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෑ, මේක නිකන් අර කූඤ්ඤයක් වගේ පොඩි කෑල්ලක්. ඉතින් ඒක අපි අල්ලලා බලලා, විසි කරන්නෙ නැතිව ඕක පැත්තකට දාලා තියෙනවා මේකෙන් පස්සෙ කාලෙක හරි මොකක් හරි වැඩකට භාවිතයට ගන්න පුළුවන් කියලා කියන්නේ.
අන්න ඒ වාගේ මේක, ඒ රූප කෑල්ල නිසා ඒක දුවනවා කියන එක ආවා. එතකොට ඔය රහතන් වහන්සේගෙන් මං ඇහුවා දැන් උඩ සංස්කාර කොටුවෙන් විඤ්ඤාණයට ඇතුල් වෙනවා කියන එක එතන තියෙනවා. එතකොට ඒ යටින් ඒ සංස්කාර නිසා ඒ භය අගතියට යනවා කියන එක තියෙනවා. එතකොට මේක මේ කොයි රවුම්වල ද මේක මේ විදිහට වෙනස? රහතන් වහන්සේ කිව්වේ අර උඩ වෙනවා කියන එක 1, 2 කියන එක ගන්න ඕනෙ. එතකොට 3, 4 කියන එක මේ පල්ලෙහා සංස්කාර කතාවෙන් තමයි එන්නේ.
ඒක නේ අර තුනේ මෙතෙන්ට යන්නේ. ඉතින් දැන් හරි ලස්සනට පේනවා අර රහතන් වහන්සේ පෙන්නුවා නේ මේ ළඟ දී අර, අපි ඔය පදුට්ඨමනසඞ්කප්ප value එක පරාමාසයට එවන නිත්‍ය කතාවයි, අර පල්ලෙහා නිත්‍ය කතාවයි දෙක ම එකයි කියන එක. එතකොට අර උඩ structure එකේ වෙච්ච එක පල්ලෙහා වෙලා තියෙන්නේ. එතකොට 2B diagram එකේ කතාව හරියට හරි ඒකේ වෙනසක් නෑ. එතකොට උඩ දෙකට, රවුම් දෙකට උඩ දෙක ගන්නවා. පල්ලෙහා මේ, ඒ කියන්නේ රවුම 3, 4 කියන එක ගන්නවා පල්ලෙහායින්. එතකොට රහතන් වහන්සේ පෙන්නන්නේ දෙකෙන් දෙකට මේක බලන්න ඕනෙයි කියලා. ඒ විදිහයි කියලා.
ඒක තමයි මම කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්