Date: 28/11/2014 Name: Iddhipadha bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඉතින් මං පළවෙනියෙන් ම මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. ඉතින් මට කල්පනා වුණා මේ පින් කෙතේ පළවෙනි පුද්ගලයා කියලා. ඉතින් ඒ විදිහට ඒ දෙවනි බුදුපියාණන් පින් කෙතේ දෙවනි බුදුපියා කියලා. ඔය විදිහට ඒ දාහතර නමට ම වැඳ නමස්කාර කළා ඒ පින් කෙතේ ඒ දාහතර වෙනි බුදුපියාණන් වහන්සේ කියලා ඔය විදිහට ඒ individually බැලුවා.

ඉතින් ඒ පාර මට කිව්වා, මම පන්සිල් ගන්න එක කරගෙන ගියා. ඡන්ද, චිත්ත, විරිය, විමංසා ඉද්ධිපාදයන් වඩමි කිව්වහම එතනින් පටන් ගන්නෙයි කිව්වා. ඒ පාර මම විරිය, විරියො ච ඡන්දො කියලා රහතන් වහන්සේ කිව්වා.

ඒ විරිය කියන එක මං බැලුවා. ඒ විරිය කියන එක බලනකොට මට අර රූපය ස්පර්ශ නොවෙන්න කියලා කතාව තියෙනවා. ඊළඟට අර අත්තා කියලා ගත්තහම ඒක support කරනවා නේ රූපය මගේ කියලා ගන්න එකට, මේ ස්පර්ශ වෙලා. එතකොට ඒක support කරන එකට කියලා ඒ දෙවනි කාරණේ බැලුවා අත්තා කියලා ගන්න එක තමයි support කරන්නේ සඤ්ඤාව මගේ නොවෙන්න කියලා. තුන් වෙනි පාරට සංස්කාර මගේ නොවෙන්න කියලා කියනකොට ම මට මතක් වුණා අර කලින් කරපු භාවනාව. අර සංස්කාරය කියන එක flow වෙන හැටි අර පල්ලෙහා කතිරය. අපි ඊයේ පෙන්නුවේ අර, අර සුභයි කියලා සංස්කාරය අර ඇතුල් වෙන ක්‍රමය අපි දන්නවා උඩ සංස්කාරය ඉදංසච්චයට එනවා, ඉදංසච්චයේ ඉඳන් “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියලා අර පල්ලෙහා සංස්කාර කොටසට ඒක එනවා.

ඒ කොටසට ආවාට පස්සේ ඒක අර අපේ, නිත්‍යභාවයක් පවතින්නා වූ අර උද්ධච්චය. උද්ධච්චයේ එහෙම දෙයක් තියෙනවා නේ. එතකොට මෝහයත් එක්ක අර ඒ සංස්කාර, පරිදේවය තියෙන එතන ඒ කොටුව, ඒ තැනට එනවා. ඉතින් මේක flow වෙන්නේ අර උඩින් එන්නා වූ, පරාමාසයේ ඉඳන් එන්නා වූ පෙර ගත්තා වූ දේ තුළ තමයි මේක දුවන්නේ. මේක පල්ලෙහාට push කරන්න දාන්නේ, එක්කහු කරන්න. ඉතින් මේකෙන් භය අගතියට යනවා.

දැන් මට පේනවා එහෙම නම් මෙතන මේ අර කූඤ්ඤේ ගහන තැන හරියට ම අපිට පේනවා එහා කෙළවර. එහා කෙළවර, ඒ කියන්නේ රූප කෙළවර, පරියුට්ඨානය එතන තියෙනවා. ඊළඟට ආපහු ගත්තහම උඩ කෙළවර චේතනාව. මේ පැත්තෙන් මේ සංස්කාර තමයි එන්නේ. සංස්කාර පරියුට්ඨාන, ඒ සංස්කාරය ප්‍රඥප්තියෙන් තමයි පරියුට්ඨානය පෙන්නන්නේ, පරියුට්ඨාන ප්‍රඥප්තියෙන් තමයි චේතනාව පනවන්නේ. එතකොට මට මෙන්න මේ කෑලි 3 හොඳ ලස්සනට පේනවා.

ඔය කෑලි 3 මට පෙනුණාට පස්සේ මම කල්පනා කළා දැන් එහෙම නම් මෙතන විරියො ච ඡන්දො කිව්වහම එහෙම නම් ඡන්දය උඩ කෙළවර මේ චේතනාව කියන එක නැති කරන්න ඕනෙ. මේ විදිහට මේ සංස්කාර, පරියුට්ඨාන, ඒ චේතනාව ඉතින් ඇති වෙන එක, එහෙනම් චේතනාවට ගහනවා ඡන්ද සමාධියෙන්. මට මේවා එකක්වත් නෙවෙයි නිර්වාණයයි, මේක කර්ම කරන්නේ නැතුව ඉන්නවා කියන එක. එතකොට මෙතෙන්ට ආවාට පස්සේ, ඔය “Excellent” කියලත් මට ඒක ඇහුණා,

දැන් මට කල්පනා වෙනවා මේක ඔක්කෝම මේ පවතින්නේ දැන් බලන්න අර සංස්කාර මෙහෙම භය අගතියට යනවා කිව්වහම අර දෙවනි රවුමේ දී ම අපි දන්නවා නේ, තුන් වෙනි රවුම වෙනකොට අපි දන්නවා නේ සඤ්ඤාවට අර සුඛයි කියලා කතාවක් එන්නේ. එතකොට දැන් එහෙම නම් දැන් මේක පවතින්නේ මේ පරාමාස කියන base එක උඩ තමයි අර උඩ 3 පවතින්නේ. අපි අර diagram එකේ ඇඳලාත් තියෙන්නේ. සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ.

ඒක නිකන් හරියට මට වැටහෙන්නේ මේ වතුර පාරක් මෙහෙම පල්ලෙහාට වැටෙනකොට, ඒ පල්ලෙහාට වැටිච්ච වතුර පාර නිසා උඩ වතුර පාර දරන්න පුළුවන් එතන අවස්ථාවක් තියෙනවා. අර පහළට වැදිලා මේකෙන් උඩට එනකොට මේක දැරීමක් තියෙනවා, උඩ වතුර පාර. නැත්තන් ඒ වතුර පාර වැටෙනවා වාගේ. එතකොට ඔය water fountain එකකත් ඉතින් ඔය වගේ අර්ථයක් නේ තියෙන්නේ. අර උඩ එක තියෙන්නේ මේක තියෙන නිසා.

එතකොට දැන් පරාමාසය උඩ තමයි මේක දුවන්නේ කියන එක මට එනවා. ඉතින් මේ විදිහට මනස පත් වුණාට පස්සේ මට මේ, සීලයයි චිත්තයයි දිට්ඨියයි මේ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය ඒ පධානියඞ්ගය ඒ කතාව, ඒ පාර ටිකත් මට ආවා.

ඒකත් ඇවිල්ලා දැන් මට කල්පනා වෙනවා ඉතින් එහෙම නම්, දැන් මෙතනින් පල්ලෙහා ඔය වේදනා කියන කෑල්ල ගත්තහම එහෙම නම් ඉතින් අපිට චිත්ත ඉද්ධිපාදයෙන් තමයි එතන නැති වෙන්නේ. එතකොට ඡන්දයෙන් චේතනාව මෙතන ඇති වෙනවා, විරියෙන් අර කූඤ්ඤයේ කතාව මේවා වෙනවා, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයෙන් ඒ වේදනාව, ඉතින් හරි නේ වේදනාවට react කරන්නේ නැති එක.

විමංසාවෙන් ගත්තහම අපිට ඇති වෙනවා මේ ඉද්ධිපාදයෙන් ඉදංසච්චයේ කතාව අයින් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට වුණාට පස්සේ මට මේ රූප පේන්න ගත්තා. ඉතින් ඔය දයානන්ද, ඔය විදිහට පේන්න ගත්තා. ඉතින් ඒක මේ recording එකට ඕනි නෑ. ඒක තමයි මම කරපු භාවනාව.

ඒකේ ඒ භාවනාව අතර දී මට ආව එක තමයි අර කූඤ්ඤයේ තැනට ආවහම ඒ කියන්නේ අර විරිය කියන එක බලනකොට, ඒ දැන් වම් අත පැත්තට අපි ගියහම පරියුට්ඨානය ඒ පැත්තෙන් තියෙන්නේ එහෙනම් ඒ ලෝභය කියන එක, රූපය කියන එක. ඊළඟට චේතනාවෙන් පල්ලෙහාට බැස්සා නම් ඔතන තියෙන්නේ අර, ඒ කූඤ්ඤේ පල්ලෙහා, කූඤ්ඤේ තැනට ආවා නම් ඉතින් අපිට තියෙනවා නේ ව්‍යාධිය කියන එක. එතකොට ඒක නිසා ද්වේෂයෙන්. ඊළඟට තියෙනවා මේ ඉදංසච්චයට මං යම්කිසි දෙයක් ඇති වෙලා තියෙනවා ද ඉතින් ඒක අර මෝහය කොටසට අයිති වෙනවා. ඉතින් ඒක, ඒකත් බැලුවා ඒ භාවනාවේදි.