ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම අද භාවනාවට කළේ අර දිට්ඨි ආශ්‍රවය ඇති වෙන්නා වූ ඒ step එක තමයි මං බැලුවේ. ඒකේ අර ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියනකොට ම කෙළින් ම මට ආවා ඔය “සංස්කාර සමථා, සඤ්ඤා උපරෝධනා” කියන එක. එතකොට ඔය සඤ්ඤාවන් නිසා නේ එක එක දිට්ඨීන් ඇති වෙන්නේ. එතකොට සංස්කාර කියන රැල්ල විසින් තමයි මේක හදන්නේ.
එතකොට මේ දෙක ආවා ම හරී විශාල සමාධියක් මට ඇති වුණා. ඊට පස්සේ මං දිට්ඨි ආශ්‍රවයේ දේ බැලුවහම, ඔය දිට්ඨි ආශ්‍රවයෙ දී රහතන් වහන්සේ කිව්වා නේ, දිට්ඨි ආශ්‍රවය ඇති වෙන්නේ අට වෙනි රවුමෙන් පස්සේ. ඉතින් හත හරි ධම්මමච්ඡරිය තිබිච්ච ගමන් ම හතේ රවුමේ දී, 7.1 දී ධම්මමච්ඡරිය තිබිච්ච ගමන් ම මේක හරියන්නේ නෑ. දිට්ඨි ආශ්‍රවය කියන එක ඒ කියන්නේ අර තමන් වැඩක් කරන්න පුළුවන් කියලා කිව්වට අර ආයතනයකින් ඒක පිළිගන්න ඕනෙ මෙයාට මේ සංස්කාරයන් පුළුවන් කියලා. එතකොට එහෙනම් සංස්කාරයට අගය දෙන්න ඕනෙ.
එතකොට මං බැලුවා, ඒක අන්තිමට මං බැලුවේ හැබැයි, සංස්කාරයට අගය දෙන්නේ කොයි සංස්කාරය ද? ඒ කියන්නේ අර උඩ ඉඳන් එන සංස්කාරයටයි අගය දෙන්නේ. ඒ කියන්නේ අර අපි හිතමු සංස්කාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණයයි නාමරූපයි කියන එක තියෙනවා නේ. එතකොට ඒ උඩ සංස්කාර කොටුවෙන් ඉදංසච්චයට ඇදෙන එක. ආන්න ඒක තමයි ඒ අගය දෙනවා කියන එක තියෙන්නේ.
ඊට පස්සේ, ඒ අගය දෙන එක ඒක පළවෙනි කාරණය හැටියට එන්නෙ. එතකොට ඔතෙන්ට ආවාට පස්සේ ඔය අගයන්, දැන් ඔය අට වෙනි රවුමයි කියලා කියන්නේ ඉදංසච්චයට ආපු එක පරාමාසයට ඇදෙන්න ඕනෙ. ඒ විදිහටයි එන්නේ. ඉතින් ඕක බැලුවාට පස්සේ මට කල්පනා වුණේ මේක හරියට නිකන් මේ නූල් වියන්නේ මනුස්සයෝ. නූල් වියනවා කියලා කියන්නේ මේ රෙද්දක් හදන්න. ඒ වගේ වැඩක් නේ ද මේ තියෙන්නේ.
මුලින් ම ගත්ත thread එක තමයි අපි මේ එක පැත්තකට ගෙනියන්නේ. ඊට පස්සේ ඒ thread එක ම තමයි අනිත් පැත්තට යන්නේ. වෙන දෙයක් නෑ නේ. මේක කරගෙන යනකොට හැබැයි ඉතින් අරකේ pattern එකක් එකතු වෙනවා. අර නාමරූප කොටස කියන ඒකේ, ඒකේ එකතු වෙලා තියෙනවා එක විදිහකට මේ විදිහටයි pattern එක කියලා ඒ නිසා, දැන් අවිද්‍යා ආශ්‍රවයට එනකොට මෙතන තිබුණා වූ දේ පරාමාසෙට ඇදුණා වූ දේ ම ඊට පස්සේ පේනවා අපිට මේ අවිද්‍යා ආශ්‍රවයට එනකොට වෙනවා කියලා. මොකද ඒක දහයෙන් පස්සේ නේ. දැන් අටේ දී මේ පැත්තට ආවා. ඒ ආපු එක ම තමයි අනිත් පැත්තට අවිද්‍යා ආශ්‍රවයට ඇතුල් වෙන්නේ.
වෙන එන්නා වූ දෙයක් නෑ නේ. අර රූපය නූල් කෑල්ලක් වාගේ එතන ඒක ගත්තා. මේක ඉතින් එක එක ආකාරයට එතුණා, එතිලා තමයි. එතකොට මට ඉතින් මෙතන ආවා මේ සංස්කාරයන් කියන්නේ මේ කෙහෙල් බඩයක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක නේ. මේකේ ඇති කෙහෙල් මලක් නෑ, ඒ දිට්ඨි ආශ්‍රවයෙන් පස්සේ තමයි මෙතන මේක අවිද්‍යා ආශ්‍රවය කියන කතාව ඇති වෙන්නේ. මේකේ ඇති කිසීම දෙයක් නැතෙයි කියලා.
ඉතින් මට ඒ වෙනකොට මේ, එහෙම කියලා මං ඊට පස්සේ මං ගත්තා ඔය ඉද්ධිපාද 4. ඉතින් මේවා නොවෙන්න ඉද්ධිය, විරිය කියන එක තියෙනවා කියන එක තිබිය යුතු ය කියන එක කල්පනා කළහම ඔය එකපාරට ම මට ඔන්න ඔය nurse කෙනෙක් දැක්කා මෙතන. ඊට පස්සේ දැන් මං කල්පනා කළා දැන් මේවාට මම, මේවා හොයන්න යන්න මම සැලෙන්න ඕනෙ නෑ, මේකත් අර නූල් ඔතනවා වාගේ තමයි මේ වගේ දේවල් කියන ඒවත්, එතනින් ඒ ඡන්දය, ඡන්දයෙන් චිත්තයට ආවා, ඒ චිත්තයට ඇවිල්ලා ඒකට නොසෙල්වී ඉන්න ඕනෙ කියලා ඔය වාගේ දර්ශනයන්ට පවා.
එහෙම ඇවිල්ලා ඊට පස්සේ දැන් ආපහු අර සංස්කාර, ගත යුත්තක් නැති දෙයක් තමයි මේක කරන්නේ අතන විමංසාවෙන් ඒ පැත්ත බැලුවා. ඒ පැත්ත බලලා මෙතන අර කූඤ්ඤය කියන කොටසට ආපහු මනස යොමු වෙනකොට මම දැක්කා දෙවි කෙනෙක් මෙතන. ඉතින් ඒ, ඒක බලලා ඔය කාරණා ටික එකතු කරගෙන තමයි මම භාවනාව කළේ. ඒක නැවැත්තුවා එතනින් පස්සේ.
මම දැකපු දෙයක් තමයි මේ ඉදංසච්චයේ ඉඳන් සංස්කාරය, දැන් අපි හිතමු අර රැල්ලක් කියලා. ඉදංසච්චයේ ඉඳන් යම්කිසි ආකාරයට රැල්ලක් ආවා නම් ඒ රැල්ල මගින් අර ඉස්සරහ තියෙන වතුර ටිකත් ඔන්න තල්ලු කරනවා. තල්ලු කළහම මේ රැලි දෙක ම එක්කහු වෙලා තවත් රැල්ලක් තල්ලු කරනවා.
ඉතින් මේකේ අර push වෙවී push වෙවී යනවා කියන එක විතරයි මේකේ තියෙන්නේ. ඒක තමයි මට අන්තිමට තේරුණේ මේක මේ රෙද්දක් වියන එක තමයි මේකේ හොඳ ම උදාහරණය කියන එක ගත යුත්තක් නැති දේ කියන.