Date: 01/12/2014 Name: ව්‍යාධි ධම්ම භාවනා

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊට පස්සේ මං ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කළා. අර ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා, ජරාවට කැමති වෙන කාමච්ඡන්දය ඒක එහෙම බැලුවා. බලලා ඉතින් අර 4.2 වෙනකොට මරණය, ඊට පස්සේ 4.4 වෙනකොට ජාතිය. ඉතින් මං ඔතන ඕක බලලා ඊට පස්සේ මම ගියා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා. සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සතිය දක්වා ගියා. ගිහිල්ලා ඉවර වෙලා මං ආපහු බැලුවා මුලට. සම්මා දිට්ඨියට. ඒ සම්මා දිට්ඨියෙදි ජාතියේ ඉඳන් ජරාව. ජරාව කියලා කිව්වහම මේ සඤ්ඤාවේ ජරාව 5.3 කියලා කිව්වේ. අන්න ඒක බැලුවා.

එතන එතකොට මේක වෙන්න ඉස්සෙල්ලා මේ අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක සිද්ධ වෙලා තියෙනවා. එතන එහෙනම් අප්‍රියේහි සම්ප්‍රයෝගයයි මේකයි නිකන් මෙහෙම line එකක් නේ තියෙන්නේ, මේ ජරාවටයි කියන එකට. එතකොට ඔය වාගේ ධර්මයක් මම බැලුවා, දැන් අපිට තියෙනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය කිව්වහම අපි කිව්වේ වේදනාවේ ව්‍යාධිය කියලා.

එතකොට උඩ තියෙනවා වේදනාවේ ජරාව. එහෙම නම් දැන් මේ, මෙතන මෙහෙම පල්ලෙහාට ආවා නේ දැන්, parallel line එකක් අර ජරාවේ ඉඳන්. 5.3 ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට. අන්න ඒ වාගේ line එකක් උඩත් එහෙනම් සිද්ධ වෙන්න ඕනෙ. එතකොට එහෙම නම් මම බැලුවා මොකද්ද ඒකෙ සිද්ධ වෙන්නේ.

දැන් අපිට පේනවා මේ ස්පර්ශ ආහාරය, වේදනාව, ඊට පස්සේ අපි අර අනාගත භවය දැඩිව ගත්තා, ඒ දැඩිව අරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි එනවා ව්‍යාපාද කායග්‍රන්ථයට. එහෙනම් මුල පහ. ව්‍යාපාද කායග්‍රන්ථය එනවා කියන්නේ ම අන්න වේදනාව අපිට වෙනස් වුණා.

ඇයි මොකද මේ මට රස්සාව කියන එක නැති වෙන්න පුළුවන්, earthquake එකක් ඒ වාගේ එකක් එක්ක. එතකොට දැන් මං කල්පනා කළා මෙන්න මේ කතාවේ තියෙන්නේ අනාගත භවය දැඩිව ගත්තා, ඒක වෙනස් වුණා, ව්‍යාපාදය වෙලා තියෙනවා. මේක තමයි වේදනාවේ ජරාව.

එතකොට මේ වේදනාවේ ජරාව ව්‍යාධිය බවට පත් වුණා. එතකොට පල්ලෙහා කොටස බැලුවා. දැන් පල්ලෙහාත් කාරණා පහක් තියෙනවා නේ, ඒ වගේ. ව්‍යාපාද කායග්‍රන්ථයෙන් පල්ලෙහා කාරණා පහ.

ඒ භව ආශ්‍රවය කියන එක ගත්තහම කියනවා අත්තා ය කියලා ගත්තාට පස්සේ ඇති වෙච්ච දේ. එතකොට එතෙන්දි අත්තා ය කියලා ගත්තහම කිව්වහම ඒ ඇති වෙන සඤ්ඤාව නේ ඔතන තියෙන්නේ. එතකොට රොගං වදති අත්තතො කියනකොට තමන් ඔන්න ව්‍යාධිය කියන එක එතන තමන්ට එතන තියෙනවා.

දැන් බැලුවා මේකේ පල්ලෙහා කෑල්ල. නමුත් මෙතනදි මං රහතන් වහන්සේගේ උදව් ඉල්ලුවා. රහතන් වහන්සේ කිව්වා “ඒ කාරණාව නැවතත් මෙනෙහි කරලා බලන්න” කියලා. එතකොට දැන් ද්වේෂ සල්ලයෙන් කියන්නේ අර පතන්නේ මොකද්ද? අර ජරාවට පත් වෙච්ච වේදනාව.

ජරාවට පත් වෙච්ච වේදනාවයි අපි මෙතනදි පතන්නේ. ඒක නේ අපි ආපහු එතන්ට යන්නේ. මේක පවත්වන්න පුළුවන්කමක් නෑ. පවත්වන්න පුළුවන්කමක් නැත්තන් එහෙනම් අපි දන්නවා අපි ලෙඩ වෙනවා කියලා.

ආන්න ඒක තමයි මේ වේදනාවේ ව්‍යාධිය කියන එක වෙන්නේ. එතකොට ඒක තමයි අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අන්න ඒ කාරණා දෙක තමයි මං බොහොම ඒ ලස්සනට බැලුවේ, මහන්සි වෙලා.

ඒ වචනේ ඒ විදිහට ම මං ලියාගත්තා. අර පවත්වන්න බැරිකම. අර ස්පර්ශය පවත්වන්න බැහැයි කිව්වෙ. ආන්න ඒ වගේ තමයි අර ජරාවට පත් වෙච්ච වේදනාව තමයි අපි ද්වේෂ සල්ලයෙන් පතන්නේ, එතකොට මේක ලබා ගන්න බෑ. පවත්වන්න බෑ, ලබා ගන්න බෑ.

ඉතින් එහෙම නම් මේක තමයි වේදනාවේ ව්‍යාධිය කියලා ඒක තමයි අප්‍රියේහි සම්ප්‍රයෝගය වෙන්නේ. එතකොට අර උඩ කෑල්ල, උඩ පහ මෙතන සම්බන්ධ වෙනවා මේ ව්‍යාධිය කියන එකට. යට පහ සම්බන්ධ වෙනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන ධර්මයට. ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් මේකේ නම ව්‍යාධි ධර්මය.