Date: 02/12/2014 Name: Saththattana Kusala

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම මේ භාවනාව පටන් ගන්න මුල හරියෙදිම වාගේ මට අර අනාශ්‍රව චිත්තයට නිකන් ම එන්න ගත්තා. ඒ රහතන් වහන්සේලා, ඒ දෙවිවරු එහෙම මෙනෙහි කරන අවස්ථාව වෙනකොට. ඊට පස්සේ මම මේ, මට කලින් ම කිව්වා මේ කලින් කරපු භාවනාවක් ඒ සත්තට්ඨාන කුසල භාවනාව ඒක කරන්නයි කියලා.

ඉතින් ඒකෙදි, පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියන එකයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒකේ කාරණාවෙන් කාරණාවට මම සිහි කරගෙන ගියා. විචිකිච්ඡාවේ කියන එකේ සමුදය, ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඥානයන් තුනක් තියෙනවා නේ. ඒකෙන් ආසවක්ඛය ඥානය සිහි කරනකොට විචිකිච්ඡාවේ සමුදය කියන එක බලන්න ඕනෙ. ථීනමිද්ධයයි, කුක්කුච්චයයි කියන එක.

මේක ඕනෙ ම අවස්ථාවක, දැන් අර හිතාගන්න බැරි වෙලාවෙත් ඒක විඤ්ඤාණය ධාරාව ගලනවා නේ. එතකොට එහෙනම් ථීනමිද්ධ අවස්ථාවේ දී ඔය අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එනවා කියන එක ඔය විදිහට බැලුවා. එහෙම බලලා, ගුණයන් තියෙනවා නේ. ඒ කියන්නේ මේ සීල ගුණය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සිහි කරා. ඊට පස්සේ ආපහු ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො කියන එක සිහි කළා. ඊට පස්සේ අර ආහාරයේ පමණ දැනගෙන ගන්නවා කියන එක, ඒක බලනකොට මම අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. එතන වේදනාවට react කරන්නෙ නැහැ කියන එක නේ තියෙන්නේ. එතකොට අර උඩ කොටස් දෙක, උඩ කොටස් පහක් තියෙනවා නේ මේ ස්පර්ශ ආහාර පාරේ. ඒ දක්වා තියෙන කොටස මෙතනදි ඇති වෙනවා ව්‍යාධිය කියන එක. ඒ කියන්නේ ව්‍යාධිය කියලා කියන්නේ වේදනාවේ ජරාව කියන එක.

ඒ පල්ලෙහා කොටස් ටික බැලුවා. එතනදි මං බැලුවේ අර ජරා වෙච්ච වේදනාව කියන එක කවදාවත් ඒක ගන්න බෑ. කරන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා මෙතන ලෙඩ වෙනවා කියන එක, ඔය කෑල්ල බොහොම තදට මම දැක්කා, බැලුවා.

ඒ පාර දැන් පංචනීවරණයන් මම check කරන්න යනකොට දැන් කාමච්ඡන්දය කියන එක, ඒක බැලුවහම කෙළින් ම බැලුවේ ඔය, අර ඉස්සෙල්ලා භාවනාවෙත් කරලා තියෙනවා අර කුඩා ප්‍රේමය නිසා මේ ඇති වෙච්ච නන්දිය. ඕක නේ ඔය තියෙන්නේ. කාමච්ඡන්දය අර වෙනස දැක්කා ජරාවට යන එකට තියන එක. ඉතින් ඕක වැඩි වෙලා ගිහිල්ලා තමයි ඔය හය වෙනි රවුම වෙනකොට ප්‍රේමය කියන කතාව. ඉතින් ඔය විදිහට මේකෙන් තමයි මේ නන්දිය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ කොටස බැලුවා.

දැන් ඊළඟට මං ව්‍යාපාදය කියනකොට මට තේරෙනවා ඒ කෑල්ල මං භාවනා කරලා ඉවරයි. අර පෙන්නුවා නේ, ස්පර්ශ ආහාරය අරක දෙකත් එක්ක යනවා කියන එක මේක ලෙඩ වෙනවා කියන එකට එනකන් බලලා ඉවරයි. ඊළඟට බැලුවා ථීනමිද්ධය. ඉතින් දැන් කල්පනා වුණා මේ ථීනමිද්ධයත් දැන් ටිකකට ඉස්සෙල්ලා විචිකිච්ඡාවත් එක්ක භාවනා කළා නේ. ඉතින් ඒක වට අටක් කරකවලා එතනින් ඒක මං බැලුවා ඉස්සෙල්ලා ම සෑහෙන්න.

එතකොට මේ විදිහට ගත්තහම ඉතින් මේ පංචනීවරණය ම මෙතන මේකේ කෙරිලා තියෙනවා කියන එක ආවා. ඉතින් ඒ විදිහට ඒ කාරණාවෙන් කාරණාවට මේක බලාගෙන ගියා. ඉතින් මට තේරුණා මේකේ ඔක්කොම මේ පත්තු වෙන ඒවා පත්තු වෙලා ඒ විදිහට තියෙනවා කියන එක. මේ මුළු, ඒ කියන්නේ පහළොස් චරණ ධර්මය ම මං මෙනෙහි කළා. ඒක තමයි මං කරපු භාවනාව.