ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊට පස්සේ මං අර ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා ගත්ත අවස්ථාවට, ඒ ද්වේෂයත් එක්ක මම බැලුවා අර කලින් කරපු භාවනාව. ඒ කියන්නේ අපි දන්නවා 4.3 කියලා කියන්නේ වේදනාවේ ජරාවට පත් වීම. ඒ වේදනාවේ ජරාවට පත් වීම තමයි අපි ව්‍යාධිය කියලා කිව්වේ. එතකොට එහෙම නම් දැන් අපි ව්‍යාපාදයට එනවා කියලා කියන්නේ අපි ඊට පස්සේ රවුම්වල දී, එතකොට එහෙම නම් මේ වේදනාවේ ජරාවට පත් වෙලා තමයි අපිට අර ව්‍යාපාදය කියන එක තියෙන්නේ. ඒක පසුව කියන එක තියෙනවා. ඒකේ සම්බන්ධතාවය තියෙන්නේ පසුව.
ඊළඟට මං බැලුවා මේ විදිහට පල්ලෙහාට ආවහම, ද්වේෂ සල්ලය කියන තැනට ආවහම මේක පෙර ද පසුව ද කියන එක තමයි මං කල්පනා කළේ. ඒ කියන්නේ දැන් මං බලන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගය. එතන තියෙන්නේ වේදනාවේ ව්‍යාධිය. එතකොට රහතන් වහන්සේ පෙන්නුවේ වේදනාවේ ව්‍යාධිය කියන එක ඇති වෙන්නේ අර ජරාවට පත් වූ වේදනාව නැවතත් පතයි. ඒ කියන්නේ ද්වේෂ සල්ලයෙන් අපි කරකවලා පතලා තමයි මේක එහෙනම් වෙන්නේ. මේක ගන්න පුළුවන්කමක් නෑ. ඒක නිසා තමයි අපි රෝගී බවට පත් වෙන්නේ. ඉතින් හැබැයි, ද්වේෂ සල්ලය එන්නේ පස්සේ. මොකද මේ පස්සෙයි කියලා කියන්නේ ඔය විදිහට බැලුවොතින් ඔය රවුම්වල ගත්තොතින් එහෙම පස්සේ රවුම්වල තියෙන්නේ. අරක 4.6.
එතකොට මේක මොන ආකාරයට ද වෙන්නේ කියලා කල්පනා කළහම මට කල්පනා වුණේ මේක මේ පෙර වූ ද්වේෂ සල්ලය. පෙර කැරකවීම තියෙනවා නේ අපි කරකවන ගමන් නේ මේවා මේ බලන්නේ. අර පෙර වූ දේ නිසා ම තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔයාට භාවනා කර කර ඉන්නකොට අපි හිතමු වෙන පන්සලක මොකක් හරි එකක් ඇහෙනවා කියලා, සද්දයක්. එතකොට ඒකෙදි තමන්ට තේරෙනවා මං දැන් ඊයේ මෙහෙම නෑ නේ, ආදී වශයෙන්. ඒ කියන්නේ පෙර අපේ අර වේදනාවන් පතමින් තිබුණා වූ ස්වභාවය කියන එක මේකට බලපාලා තියෙනවා. අර අත්තා වුණා කියන එක මේකට බලපාලා තියෙනවා. එතකොට එහෙම නම් දැන් සිද්ධ වෙන්නේ මේ පල්ලෙහා කාරණය, ද්වේෂ සල්ලය කතාවේදි ඒක, ඒක පළවෙනියට ගන්න ඕනෙ. ඒ කියන්නේ පෙර cycle එකේ තිබුණා වූ එක. ඒක නිසා දැන් ඇති වෙන දේ තමයි මේ 4.6 කියන එක.
එතකොට ඒක දෙපැත්තට යන්නේ. ඒ කියන්නේ අපි 4.3 ව්‍යාධිය තියෙන තැන අපි ලකුණු කළහම වේදනාවේ ජරාවට පත් වීම, ඒක නිසා තමයි ව්‍යාපාදය. එතකොට උඩ අතට යන්නේ. අනිත් එක එන්නේ ඒ ද්වේෂ සල්ලය පැත්තේ ඉඳන් බැලුවහම අප්‍රියේහි සම්ප්‍රයෝගයේ කතාව ද්වේෂ සල්ලයේ කතාව first. ඒක පෙර cycle එකේ. දැන් මෙතන මේ දෙක ඇති වෙනවා කියලා, ඒ කියන්නේ මේ, ඒ කියන්නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කතාවත් ඔතන තියෙනවා 4.5 කියන එක. මොකද එතන අත්තා කියන ස්වභාවය තියෙනවා නේ. අර පෙර භවයේ, පෙර කලින් අවස්ථාවේ දී පෙර cycle එකේදි තමන්ගේ අත්තා කියන කතාවත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මේක මෙහෙම බලලා ඊට පස්සේ මට කල්පනා වුණා අර සති ඉන්ද්‍රිය ඒ ප්‍රඥා ඉන්ද්‍රිය අර ඊයේ ඒ භාවනාව, ඔන්න ඔය මං කලින් කිව්වේ අර කරුණාව පවත්වනකොට ඇති වෙච්ච අවස්ථාව. ඉතින් ඒ පාර ඔන්න සති ඉන්ද්‍රිය ඇති වුණා. දැන් මේ කාරණාව, දැන් කරපු භාවනාවේ කාරණාවන් නිසා සතිය ඇති වුණා. ඒ වුණාට මේ ප්‍රඥා ඉන්ද්‍රියත් තියෙනවා. ඒ පාර මට කල්පනා වුණා මේ සතිය තුළ සමුදය අස්තංගමය, සමුදය අස්තංගමයෙන් තමයි මේ ප්‍රඥාව. එහෙම නම් මේ රූපයත් එක්ක මේක ඇති වෙනවා කියන එක, මේ රූපයයි වේදනාවයි, ඒ කියන්නේ සතිය, මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස අස්තංගමෝ කියන කතාව තියෙනවා. ඉති වේදනා ඉති වෙදනාය සමුදයො. එතන ප්‍රඥාව තුළ එහෙම නම් සමුදය අස්තංගමය. අතන සතිය තුළ මේ රූප වේදනා ඔක්කොමත් මෙහෙමයි කියන එක. මේ විදිහට තමයි ඇති වෙන්නේ කියන එක. ඉතින් මට ආවා මේ සති ඉන්ද්‍රිය තුළ එහෙම නම් අප්පච්චියේ තියෙනවා නේ මේ ප්‍රඥා ඉන්ද්‍රියේ තියෙන ගතිය. ඒක ඇවිල්ලා තියෙනවා සති ඉන්ද්‍රිය තුළ කියන එක, ප්‍රඥා ඉන්ද්‍රියෙන් ඇති වෙච්ච දේ.
එතකොට මේ විදිහට ඒක දැක්ක ගමන් ඉතින් මට ඔය විරිය ඉන්ද්‍රියත් පත්තු වුණා. ඉතින් විරිය ඉන්ද්‍රියත් පත්තු වෙලා ඒ පාර මට පේනවා මේ එක්කෙනෙක් ඉන්නවා අර බෙර ගහනකොට, නිකන් රජවරුන්ගේ අර ඇඳුම තියෙන්නේ, ඒ වාගේ මෙතන මෙහෙම ඇඳගෙන එහා පැත්තේ ඉන්නවා කියලා. ඉතින් මං ඒ දන්නවා මේ මෙතන මේ ගහේ ඉන්න ඒ දේවතාවා. ඉතින් ඊට පස්සේ මේ, ඕක තමයි මං ඔය අවසන් කළේ.
ඕකට ඉස්සෙල්ලා මං කළා අර, ඔය ඉන්ද්‍රියන්ට එන්න ඉස්සෙල්ලා අර දැන් ද්වේෂ සල්ලයෙන් අපි, දැන් ද්වේෂයෙන් අගතියට යනවා කිව්වා නේ. එතකොට මේ අගතියට යන පුද්ගලයා ඒ කොහෙද ඒකේ ඉපදෙන්නේ කියන එක. දැන් ඡන්දයෙන් අගතියට ගිහිල්ලා අපි දන්නවා ඉතින් ජාතිය ඇති කරගන්නවා, මව් කුසක එහෙම බැස ගන්නවා කියන එක. කබලිංකාර ආහාරය අල්ලගෙන නේ. එතකොට ඒ ද්වේෂයෙන් අගතියට යන පුද්ගලයා ඇති කරගන්නවා ඔය හය වෙනි ධ්‍යාන තලය දක්වා ම දේවල්. එයා වේදනාව අල්ලගෙන ඉන්න එක තියෙනවා නේ. එතකොට ඒ දක්වා ම තලයන් අයිතියි එයාට. මනුස්ස ලෝකේ ඉඳන් ඒ තිරිසන් ලෝකේ ඒවා ඔක්කොමත් අයිතියි, ස්පර්ශ වෙලා පවතින්නා වූ ඒ දක්වා ම පවතිනවා කියන එක.
ඊළඟට ගත්තහම අර භයෙන් අගතියට යන පුද්ගලයා, එයා කොහෙද යන්නේ කියන එක බැලුවහම, ඒ කියන්නේ මෙතෙන්දි පේනවා මේ හත් වෙනි ධ්‍යාන තලය දක්වා ම ඔක්කොම එයාට අයිතියි. ඉතින් ඒ පුද්ගලයාට අර ඡන්දයෙන් අගතියයි ද්වේෂයෙන් අගතියයි කියන කතා දෙක නැති නම් අන්න අර හත් වෙනි ධ්‍යානයේ ඉපදෙනවා, හත් වෙනි ධ්‍යාන තලයේ කියන එක.
එතකොට ඒ විදිහට මෝහයෙන් අගතියට යන එක්කෙනාට ඔය ඔක්කෝම අයිතියි. හැබැයි එයාට අර ඡන්දයෙන් කතාවයි, ද්වේෂයෙන් කතාවයි, ඒ භයෙන් කතාවයි ඒවා නැත්තන්, ඒ අගතීන් නැත්තන්, එයාට අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක වෙනවා කියන එක ආවා.
ඉතින් රහතන් වහන්සේලා ඒක approve කළා ඒක එහෙමයි කියලා. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ආයේ මම තව බලපු දෙයක් තමයි අර, අර පුද්ගලයා ඇයි, දැන් අපි හිතමු ද්වේෂ සල්ලයෙන් යන්නා වූ පුද්ගලයත් අපි කිව්වා නේ අතෙන්ට යනවා කියලා. ඒ කියන්නේ ඡන්ද අගතියේ කතාව එයා පැත්තට යනවා. ඒක ගිහිල්ලා නේ ජාතිය ඇති වෙන්නේ. ඊළඟට ගත්තහම භයේ අගතියේ යන එක්කෙනත් එයත් දිට්ඨි සල්ලය නිසා කාම ආශ්‍රවය ඇති වෙලා ඒ පැත්තෙන් රූපය ස්පර්ශ කරනවා කියන එක එතන තියෙනවා. මෝහ සල්ලයෙන් එන එක්කෙනාත් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ඇවිල්ලා එයා රූපය ස්පර්ශ කරලා ඡන්ද අගතියෙන් තමයි අර ඉපදීම කියන එක ඇති වෙන්නේ. ඉපදීම ඇති වෙන්න ඡන්ද අගතිය කතාව තියෙන්න ඕනෙ නේ. එතකොට දැන් මෙයාගේ මේ සියුම් වූ රූපය භාවිතා කරලායි එයා ඒක කරන්නේ. අන්න ඒකයි එතන තියෙන්නේ. “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” කිව්වේ ඕක තමයි.