ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම අර ඊයේ පෙරේදා කරපු භාවනාව නැවතත් කරා අර ලෝභය නැති කරමි කිව්වහම එතන කාමච්ඡන්දය, කාමච්ඡන්දය මේ ජරාවක් තමයි පතන්නේ කියලා. ඒකෙන් ආවා අර දෙවනි කොටුවට ද්වේෂය නැති කරමි කියන කෑල්ලට. ඉතින් ඒකත් එක්ක අපිට පේනවා ඉතින් ජරාව, ඊළඟට තියෙන්නේ ව්‍යාධිය. ඒකත් ද්වේෂ කොටසටයි වැටෙන්නේ. ඒ පාර බැලුවා අර උඩ තියෙන ස්පර්ශයේ ඉඳන් ව්‍යාපාදය දක්වා තියෙන කොටස් 5 එතන සම්බන්ධ වෙන එක ව්‍යාධිය කියන එකට. 4.3 ව්‍යාධිය, එතකොට වේදනාවේ ජරාව කියන එක නේ ලකුණු කරේ එතන වේදනාවේ ජරාවට පත් වෙලා තමයි ව්‍යාපාදය කියන එක ඇති වෙන්නේ.
ඊට පස්සේ මේක අපි පතනවා පෙර මේක හොඳට තිබුණා කියලා ද්වේෂ සල්ලයෙන් කරකවන එක නිසා පෙර එක පතනවා, ඉතින් මේක නිසා වේදනාවේ ව්‍යාධිය. වේදනාවේ ව්‍යාධිය, අප්‍රියේහි සම්ප්‍රයෝගය 4.6 කියලා. ඉතින්
ඊළඟට මං බැලුවා මේ 4.5 කියන එක අර යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. එතන අර පෙර සංස්කාරයෝ යම් ආකාරයකට අත්තා කියලා අරගෙන තමයි එතනදි ඇති වෙලා තියෙන්නේ.
එහෙම නම් මං බැලුවා මෙතන තියෙන්න ඕනෙ, දැන් මට මේ කියනකොට ම මට මේ සමාධිය බොහොම තදයි, මට මෙතන කල්පනා වුණා දැන් අර රූපය එක පැත්තකට යනවා, රූපය ස්පර්ශ නොවෙන්න, සඤ්ඤාව, හැබැයි මට සිතට දුන්නා සංස්කාර පැත්තත් පොඩ්ඩක් බලලා ඉන්න කියලා.
ඒ කියන්නේ අපි එනවා නේ ඉදංසච්චයේ ඉඳන් අර කූඤ්ඤෙට එන තැන. ඒකත් බලන්නෙයි කියලා මම, එතකොට මට කල්පනා කළා මෙතන මේ සංස්කාර. ඒ සංස්කාර කියන එක දැන් මං මේක match කළා අර පල්ලෙහා, අපි දැන් කතා කළා නේ 4.2, 4.3, 4.5, 4.6. මෙතන මැද්දේ cross එකක් තියෙනවා. එහෙනම් මෙන්න මේ cross එක තමයි පරිදේවය කියන එක තියෙන්නේ. ඔය cross එක තමයි සංස්කාරය. එතකොට එහෙම නම් මං කල්පනා කළා මේක තමයි 4.4 වෙන්න ඕනෙ. හැබැයි 4.4 අපි ලකුණු කරලා තියෙන්නේ ජාතිය කියලා. දැන් මෙතනත් 4.4ක් වෙනවා. මේක “හරියි” කියලා රහතන් වහන්සේ කිව්වා. මෙතන මේ පරිදේවය. මේ වේදනාවේ පරිදේවය. 4.4.
ඇයි මොකද විඤ්ඤාණය මළා. මැරිලා ඉවරයි. ඒක නිසා අර පරිදේවය කියන එක, 4.2 දි ඇති වුණා වූ එක තියෙනවා නේ. දැන් ඒක තමයි ඇඟට වදින්නේ. එතන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මේ ධර්මය හරි ලස්සනයි. ඒ කියන්නේ අර Z අකුර අනිත් පැත්තට අපි බලලා තියෙනවා නේ. දැන් අපිට පේනවා මරණයේ ඉඳන් අපි ව්‍යාධියට යනවා 4.2, 4.3. ඊට පස්සේ Z අකුර දිගේ පල්ලෙහාට මෙහෙම බහිනවා Z අකුරේ අර මැද්දේ කෑල්ල දිගේ. ඒ කියන්නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට එනවා. ඒ 4.4 වෙනකොට පරිදේවය. ඒ කියන්නේ වේදනාවේ පරිදේවය. එතනින් යනවා අපි අර යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට. අර අත්තා කියලා ගත්තා කියන එක 4.5 කියන එක තියෙනවා. ඒ තමන්ට අවශ්‍ය දේ ලැබිලා නෑ නේ, තමන් හිතපු දේ. එතනින් අපි එනවා 4.6.
දැන් අර Z අකුරේ අනිත් පැත්තට යන එක ඒක ලස්සනට එනවා. දැන් මේක එක එක ආකාරයට බලන්න පුළුවන්. එක පැත්තකින් බැලුවහම, වේදනාව වශයෙන් බැලුවහම අපිට පේනවා අර විඤ්ඤාණය මළා, මැරුණායින් පස්සේ අපි 4.3. ඉතින් වේදනාව ජරාවට පත් වුණා කියන හැඟීම තියෙනවා. ඔය 4.4, ඒ කියන්නේ ඔය පරාමාසය නේ. ඉතින් පරාමාස වුණා කියන්නේ එතන මේ සංස්කාර ගැන කතා කරන්නේ. හැබැයි සංස්කාර බිඳුණා කියන එක තියෙනවා. සංස්කාරය, අරක මැරිච්ච නිසා සංස්කාරය බිඳුණා කියන එක තියෙනවා. ඉතින් මේක නිසා ඇති වෙනවා පරිදේවය. එතකොට වේදනාවේ පරිදේවය.
එතකොට ඊට පස්සේ අපිට වේදනාවේ පරිදේවයෙන් කෙළින් ම අපිට එනවා අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන තැන. වේදනාවේ ඒ ව්‍යාධිය කියන එක. වේදනාව හඬා වැටිලා. සංස්කාර බිඳුණා කියලා තමයි හඬා වැටිලා තියෙන්නේ මේකේ.
ඊළඟට සංස්කාර වශයෙන් බලන්නත් පුළුවන්. මරණය කියන එක ඇති වුණා, ඒ චිත්ත සංස්කාර බිඳුණා, ඒක නිසා ම පරිදේවය කියන එක තියෙනවා, අර චිත්ත සංස්කාර බිඳුණා කියන පරිදේවය කියන එක තියෙනවා. ඊට පස්සේ අපි ඉතින් මේ අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ මැද්දේ කොටුවට එක එක ආකාරයෙන් ඇවිල්ලා ඒක බලන්න පුළුවන් කියන එක තියෙනවා.
ඉතින් ඒක තමයි ඒ කරපු භාවනාව, පරිදේව වූ සංස්කාර.