ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දෙවනි බුදුපියාණන් වහන්සේත් තුන් වෙනි බුදුපියාණන් වහන්සේත් සිහි කළා. ඊට පස්සේ හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම භාවනාව කළේ අර සත්තට්ඨාන කුසල භාවනාව ම තමයි. එතෙන්දි මුලින් ම බැලුවා මේ, ඒ කුඩා වූ තණ්හාව නිසා ඒ නන්දිය කියන එක ඇති වෙන හැටි. එතකොට අපි අර ආහාරයක් කටට දාලා ඒක රසයි කියලා ගත්තා, ඒ විඤ්ඤාණය මැරිලා ගියා. වේදනාවක් දැනුණා විඤ්ඤාණය මැරිලා ගියා. ආපහු බත් කටක් දානවා අර වේදනාව ම ආපහු නැවත ගන්න. ඒ විඤ්ඤාණයත් මැරිලා යනවා. දැන් අපි මේකට පුරුදු වෙලා නේ තියෙන්නේ. එතකොට එහෙම නම් මැරිලා ඉපදෙන්න, දැන් අපි දීර්ඝ කාලීනව බැලුවොතින් ජාති ජරා ව්‍යාධි මරණ වුණා, මැරිලා ආපහු ඉපදෙන්න තියෙන කැමැත්ත තමයි මේ නන්දිය කියලා කියන්නේ. එතකොට මේ කුඩා තණ්හාව නිසා ඇති වෙන්නා වූ විශාල එකක් තියෙනවා.
එතකොට මුළු පටිච්චසමුප්පාදය ම ඔය විදිහට ඇති වෙනවා. ඇති වෙලා එතන අර එළියේ තිබෙන්නා වූ තණ්හාව, ඒක තමයි නන්දිය කියලා කියන්නේ. ඒ නන්දිය නිසා තමයි මේ මුළු පටිච්චසමුප්පාදය ම සිද්ධ වෙන්නේ කියන එක එතන එනවා. ඉතින් දැන් මේකේ බලනකොට පළවෙනියෙන් ම මං බැලුවා මේකේ සිද්ධ වෙන්නේ මේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිසායි මේ වේදනාව ඇති වෙන්නේ.
එතකොට දැන් ඔය, තථාගතයන් වහන්සේගේ ඔය ආසවක්ඛය ඥානයෙත් පෙන්නන්නේ ඔය ආශ්‍රවයන් නසන අවස්ථාවක ඔය විචිකිච්ඡාවේ සමුදය කියන එක ඔය ථීනමිද්ධයයි කුක්කුච්චයයි කියන එක.
දැන් අපිට පේනවා අර නැති වෙච්ච වේදනාවක් කොයි ම ආකාරයකින්වත් අපිට නැවතත් හදාගන්න බෑ අර විදිහට. මොකද අපි ජරාවට පත් වෙලා නිසා. ඉතින් මේක නිසා මෙයාට මේ සැකයක් තියෙනවා මේක හදන්න පුළුවන් ද කියන එක. මැරුණා වූ විඤ්ඤාණයක් නැවතත් සකස් කරන්න පුළුවන් ද කියන එක. එතකොට මේ විදිහට අර ආශ්‍රවයත් එක්ක මේක සම්බන්ධ වුණා, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යනවා කියන එක. වේදනාව නිසා මේක ඇති කරනවා කියන එකත් බැලුවා. වේදනාව නිසායි මේ අපි මේ විදිහට ඒක කරන්නේ. මේ වේදනාව මට නැවතත් ඕනි ඕනි කිය කිය නැවත නැවතත් පතනවා කියන එක.
දැන් ඔතනින් සම්බන්ධ වුණා ඔය අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියන සමාධිභාවනා සූත්‍රයට. එතකොට එතනින් මේක නිසා අර භව පච්චයා ජාති. විඤ්ඤාණය නැවතත් ඉපදීමක් කියන එක කළා. ඒ විඤ්ඤාණය මැරෙනවා. එතකොට ආපහු ඒ සමාධිභාවනා සූත්‍රයේ අර විඤ්ඤාණ කොටසේ භාවනාව කියන එක එතනින් ඒ විදිහට සිද්ධ වෙනවා.
මේක සිද්ධ වුණාට පස්සේ මං කල්පනා කළා මෙතන අර කුක්කුච්චය කියන එක සමුදය කියලා කිව්වා නේ ථීනමිද්ධය ඉතින් අපි දන්නවා ඒක නම් අපි ගන්නවා රෝගී සඤ්ඤාවක් මගේ කියලා අරගෙන මේ ඇති වන දේ. ඒ වගේ අර shirt එකක් ගන්න අවස්ථාවේ දී අපි මෙනෙහි කිරීමක් කරනවා නේ ඒ තමන්ට ඒක ගැලපෙන්නැති වුණත් තීරණයක් ගන්න බැරි අවස්ථාවේ දීත් මේ විඤ්ඤාණයේ ධාරාව දුවනවා අර විකුණන මනුස්සයාගේ වචනේ හරි අරගෙන. ඒ වගේ ම මම මේ බැලුවා කුක්කුච්චය කියන එක. ඉතින් ඒ කුක්කුච්චයට කාරණා ඉතින් දාහතරක් විතර තියෙනවා ඒකට සම්බන්ධ වෙන. ඒකත් එක්ක බැලුවා කොහොම ද මේකේ මේ සමුදය කියන ධර්මය.
ඉතින් ඕකේ අද විශේෂයෙන් බැලුවා දේ තමයි ඔය අපිට තියෙනවා, කුක්කුච්චය තියෙන්නේ හරියට ම පරාමාසකායගන්ථයයි ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි අතර. එතකොට සුභයි කියලා ඇදෙනකොට ඔන්න කුක්කුච්චය හරහා එක පාරක් ගියා. ආපහු අනිත් පැත්තට එනකොට ඉදංසච්චාභිනිවෙසකායගන්ථය මේවා මේ සත්‍යයක් කියලා ඒවා ගත්තහම ආපහු මේ කුක්කුච්චයට ඇදුණා. ඒ කියන්නේ අර මැරෙන්නා වූ විඤ්ඤාණය වේදනාවක් යම්කිසි ආකාරයකට දැනගෙන, ඉතින් මේ වාගේ දේවල් මේ සුඛයි කියලා ඒ තමන්ගේ ඇදීමක් අනිත් පැත්තට සිදුවීම කියන එක තියෙනවා. ඒ පරාමාසයට අනිත් අතට අර මුලින් ගත්තා වූ වේදනාව, වේදනාව පැත්තේ ඉඳන් වේදනාව පරාමාසයට ඇවිල්ලා ඇදීමකුත් තියෙනවා.
ඉතින් මේ විදිහට මේ කුක්කුච්චයට මේ කෑලි, අර පරාමාසයෙන් ඉදංසච්චයට යනකොටයි ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට යනකොටයි මේක සත්‍ය කිය කියා එකතු වෙනවා කියන එක බැලුවා. ඉතින් මේකේ සත්‍යතාවයක් නෑ.
මේකේ තියෙන්නේ මේ පටිච්චසමුප්පන්නයක් විතරයි, මේකේ සත්‍යතාවයක් ඇත්තේ නෑ කියන එක තමන්ට පේනවා. ඉතින් ඒ පාර මට ආවා මේ මානය කියන එක. එතකොට මේ වාගේ දේවල්වලට මේ මනුස්සයෝ මානයක් ඇති කරගන්නවා. මගේ වේදනාව පවතිනවා කියන ආකාරයට මනුස්සයන් හිතනවා. මං හදන ගේ පවතිනවා, වේදනාව පවතිනවා, ආදී ආකාරයට ඒ සංස්කාරවලට මානයන් වෙනවා කියන එක ආවා.
එතකොට එතෙන්ට ආවාට පස්සේ මට එහා පැත්තට ධර්මය බලන්න ඕනෙකමක් ඇත්තේ නෑ. එතනින් ම අර සිත නතර වෙලා ඒ අනාශ්‍රව චිත්තයට එනවා, ඒක මම හොඳට තේරුම් ගත්තා. ඉතින් ඊට පස්සේ ඒකෙන් ඔය යම්කිසි ආකාරයට එලියට ඒමක් වෙනවා ද අන්න ඒ වෙලාවේදි ඉතින් මේ රූප, මේ ස්ථානය ගැන ඒ වගේ රූපයන් කියන ඒවා, ඒවා පේන්න ගත්තා.
ඒක තමයි මේ මං කරපු භාවනාව.