මම කළේ ඒ උතුම් බුදුපියවරු, ඒ පූජාව පැවැත්තුවාට පස්සේ මම ඒ කල්පනා කළා, මට මුලින් ම කිව්වා කලින් කරපු භාවනාවක් තියෙනවා අර කාමච්ඡන්දය කියන එක ඇති වුණායින් පස්සේ ඒ කාමච්ඡන්දය නිසා අපි දන්නවා අර area 1 කියලා area එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය ගිද්ධිලෝභයයි, කබලිංකාර ආහාරයයි, වේදනාවයි. ඒ area 1 හින්දා area 6 එක ඇති වෙනවා. Area 6 එක කියලා කියන්නේ පරාමාසකායගන්ථය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, ඊට පස්සේ මෝහ අගතිය කියන එක. එතකොට 1 ඉඳන් 6 එකට එනවා කියන්නේ අර සඤ්ඤාවෙන් ඒ චේතනා එතන ඇවිල්ලා එතනින් අර අවිද්‍යා ආශ්‍රවයට ඇවිල්ලා ඉන්නේ.
එතකොට අපි දන්නවා ඉතින් මේ කාමච්ඡන්දය කියන්නේ ජරාවට තිබෙන්නා වූ කැමැත්තයි කියලා දන්නවා. එතකොට දැන් පල්ලෙහාට ආවාට පස්සේ, දැන් බලන්න අවිද්‍යා ආශ්‍රවයට ආවා නම් අපි ආපහු උපද්දවන්නයි යන්නේ. විඤ්ඤාණය ආපහු උපද්දවන්නයි යන්නේ කියන එක තියෙනවා. ඉතින් ඔතන ඒක බලන්න ඕනේ ඔය පල්ලෙහා තියෙන සංස්කාර කොටුවත් එක්ක. පල්ලෙහා තියෙන සංස්කාර කොටුව, මේක කලින් කරපු භාවනාවක්, ඒකේ පෙන්නනවා අපි ඔය මුලින් ම අපිට එනවා නේ අර කාමේසු තිබ්‌බසාරාගො කියන එක හරහා අපි ඉදංසච්චයට ඇතුල් වෙනවා. පළවෙනි රවුමේ දී. ඒ පාර දිගේ දැන් අපි එනවා භය අගතියට යන්න ඉදංසච්චයේ ඉඳන් දැන් value එකක් එනවා. දැන් ඔය value එකට එකතු වෙනවා, ඕක maintenance කියන එක ඇති වෙනවා උද්ධච්චයෙන්.
ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන් පල්ලෙහා සංස්කාර කොටුවට එන එක. ඔය පරිදේවය තියන තැන තමයි ඔය සංස්කාර කොටුව. ඊළඟට ආපහු ඒ value එක පහළට භය අගතිය දක්වා push කරන්න එකතු වෙන්නේ පරාමාසකායගන්ථයේ ඉඳන් එන්නා වූ value එක. එතකොට පරාමාසකායගන්ථයේ ඉඳන් එන්නේ පෙර වූ සංස්කාර නිසා.
දැන් මං මෙතන පන්සිල් ගන්නකොට ම අර පාණාතිපාතයෙන් අයින් වෙනවා, කාමයෙන් අයින් වෙනවා කියනකොට මට මේ picture එක එන්න එන්න ම ඇවිල්ලා තිබුණේ. මේ පෙර වූ සංස්කාරයන් නිසා පරාමාසයේ ඉඳන් මෙතෙන්ට එන කෑල්ල තියෙනවා. දැන් මෙහෙම තමයි මේක push වෙලා යන්නේ. දැන් අපි ඔතෙන්දි තේරුම් ගත්තා ඔයිට ඉස්සෙල්ලා භාවනාවල ඔය මරණය ඇති වුණා නම් අපි, මරණයේ ඉඳන් අපි, චිත්ත සංස්කාර මැරෙන නිසා අපිට මනසේ තියෙනවා ව්‍යාධි ස්වභාවය මනසට ඇතුල් වෙලා.
ඕක මේ ළඟ දී කරපු භාවනාවේ තවත් ඕක එක්කහු කළා, ඒ කියන්නේ ව්‍යාධිය කියලා කියන්නේ වේදනාවේ ජරාවයි කියන එක. දැන් අර රහතන් වහන්සේ අර මුලින් කිව්ව වචනයයි මේකයි හරි ලස්සනට ගැළපෙනවා, ඒ දෙක.
ඊට පස්සේ මට ඕනෙකම තිබුණේ මේ පරිදේවයේ ඉඳන් ඇයි අපි සෝකයට දුවන්නේ කියන එක බලන්න. එතකොට ඔය රහතන් වහන්සේගෙන් මං ඇහුවා ම රහතන් වහන්සේ මගෙන් ඇහුවා, “පියා මළා නම් අම්මා මොකද කරන්නේ” කියලා. තාත්තා මළා නම් අම්මා මොකද කරන්නේ.
දැන් එතකොට දැන් මේක තේරුම් ගන්න තාත්තා කියන එක ගන්න ඕනෙ සංස්කාරය. 4.3, රහතන් වහන්සේගෙන් ඇහුවා ම කිව්වා සංස්කාරයට තමයි ඒක කිව්වේ කියලා. එතකොට 4.3 ඔන්න සංස්කාරය කියන එක මළා. අතන අම්මා කිව්වේ සඤ්ඤාව. සඤ්ඤාවෙන් චේතනා වෙලා තමයි මේක හදන්නේ. දැන් එහෙනම් සංස්කාරය මළා නම් දැන් මොකද කරන්නේ අම්මා?
දැන් අම්මා යනවා අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවේ ඉඳන් කෙළින්, දැන් අම්මාට produce කරන්න බෑ, සංස්කාරයන් හදන්න බෑ. තාත්තා නෑ. ළමයි හදන්න බෑ ඒ වාගේ දේවල් තියෙනවා නේ තාත්තා නැති නිසා. එතකොට දැන් එයා මොකද කරන්නේ? සංස්කාර පැත්තට යන්න විදිහක් නෑ, සඤ්ඤාවේ ඉඳන් චේතනාව, එතන ඉඳන් අර භය අගතියට යන පාරට ඒක දිගේ යනවා. එතනින් ගිහින් එයා යන්නේ සෝකයට.
එතකොට මේක නිසා තමයි මෙයා දුවන්නේ. අර කෑල්ලක් කැඩිලා නේ. Pair එකෙන් එක කෑල්ලක් ගිහිල්ලා. කැඩුණහම අර, දැන් වතුර පාරක් දෙකට බෙදිලා ගියා නම් ඒ පාර, එක පාරක් නැවැත්තුවා නම් අනිත් පාර දිගේ වේගයෙන් අපි යනවා නේ ද?
ආන්න ඒ වාගේ මේ සෝකය කියන එකට බොහෝ ම වේගයෙන් යනවා කියන එක. ඉතින් අර ඒක කළහම අර ඒ ආකිඤ්චන විමුක්තිය ඇතුව එතන ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.
ඒක තමයි කරපු භාවනාව.