ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මං ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා කල්පනා කළා. ඒකෙදි ලෝභයේ දී මං බැලුවා අර area 1 අර කාමච්ඡන්දය ඇති වෙලා, ජරාවට තිබෙන්නා වූ කැමැත්ත, ඒක නිසා area 6 කියන එක ඇති වෙනවා. ඒ area 6 වල අපි දන්නවා අර පරාමාසකායගන්ථය, ඊළඟට ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, මෝහයේ අගතිය කියන. දැන් එතනින් අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා. අර සංස්කාරයන් කියන ඒවා මැරෙනවා කියන එක කල්පනා කළා නේ, විඤ්ඤාණය, සංස්කාර මළා.
එතකොට දැන් මං මේ ඒ පථය නැවතත් ආපහු මෙනෙහි කරලා, අර කාමේසු තිබ්‌බසාරාගො එකෙන් අපිට ඉදංසච්චයට ඇවිල්ලා ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහා සංස්කාර කොටුවට, ඒ කියන්නේ පරිදේව කොටුවට ඇවිල්ලා ඒක flow වෙන හැටි.
ඉතින් දැන් ඊයේ රහතන් වහන්සේ දුන්නා නේ උදාහරණයක්. පියා මළා නම් අම්මා මොකද කරන්නේ. එතකොට අම්මා අර භයෙන් අගතියට යනවා බොහොම වේගයෙන්. දැන් මේක පවත්වන්නේ කොහොම ද කියන ආකාරය කියන එක තියෙනවා. එතකොට මේක නිසා තමයි එයා සෝකයට දුවනවා කියන එක කිව්වේ.
ඉතින් දැන් මං එතෙන්දි පෙන්නුවා නේ මේ වතුර පාරවල් දෙකක් එනවා, ඒ වතුර පාරවල් දෙකකින් ගිය එක දැන් එක පාරකින් යන්නේ. ඒක නිසා තමයි මේ වේගයෙන් යනවා කියන එක. ඉතින් දැන් මං මේ වතුර පාරවල් දෙක කොහොම ද කියන එක මං මේ මනසෙන් මෙනෙහි කළා.
ඉතින් ඒක මෙනෙහි කළා ම ඒ රහතන් වහන්සේ මට මවලා පෙන්නුවා හරියට වතුර පාර මෙහෙම කන්දක දිගේ මෙහෙම යනකොට කන්ද එකපාරට ම split වෙනවා. Earthquake එකකින් හරි මෙහෙම split වුණා ම මොකද වෙන්නේ? දැන් වතුර පාර කෙළින් ම පහළට පොළොවට යටට බහිනවා, අර මේ පැත්තේ තියෙන්නා වූ භූමියට වතුර ගලන්නේ නෑ.
එතකොට භූමියේ වතුර ගලනවා නම් ඒක සරු සාර වෙනවා, ඒ භෝගයන් කියන ඒවා, ඒවා හටගන්නවා කියන එක. දැන් ඉතින් අර දරුවන් කියන අයගේ පෝෂණයන් කියන ඒවා, ඒවා සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා බොහෝ ම අර, අර කෙත්වතු පිරිලා සාරා කියලා වාගේ මේ මනුස්සයාට බොහොම සතුටක් ඒකේ තියෙනවා.
එතකොට පල්ලෙහා සංස්කාර එක තමයි මේකේ බිඳිලා තියෙන්නේ. අර පරිදේවය තියෙන තැන සංස්කාර. දැන් මෙහෙම වෙලාවේදි මට මතක් වුණා අර රහතන් වහන්සේ පෙන්නුවා නේ බෝක්කුව කැඩිච්ච අවස්ථාව. අර මරණය අවස්ථාවේ දී. ආන්න ඒ අවස්ථාවේ දී බැලුවා. ඒක මම, ඒක ද බලන්නේ කියල? රහතන් වහන්සේ කිව්වා ඒක appropriate කියලා ඒක එහෙම බලන එක හොඳයි කියන එක.
එතකොට දැන් එහෙම නම් මේ, අපි දන්නවා ඒ භාවනාවේදි අර පල්ලෙහාට තියෙන, උඩ තියෙන සංස්කාරයේ ඉඳන් අර පල්ලෙහා මේ පරාමාසයට තියෙන කතාව ඉදංසච්චයට තියෙන කතාව ඒ lines දෙක කැපිලා. හැබැයි දැන් තියෙන්නේ අර චේතනාව නේ ද? සඤ්ඤාවේ උඩින් ආවා චේතනාවෙන් ඒ චේතනාවෙන් අර උඩ තියෙන සංස්කාර කොටුවට, එතනින් උඩට විඤ්ඤාණය. පල්ලෙහා කෑල්ල නෑ. එතකොට මට තේරෙනවා
එහෙම නම් මේ අහංකාර අගය තමයි මෙතන මේවා වෙලා යන්නේ. ඇයි මෙතන පල්ලෙහා පරාමාසයට ගියා නම් ඉදංසච්චයට ගියා නම් තමයි ඉතින් මෙතනින් අර අහංකාරය කියන කෑල්ල දන්නවා නේ අපි පල්ලෙහා හැංගිලා ඉන්න තැන. එයා පෝෂණය වෙලා එයා ඉන්නේ අර දෙක ඒ විදිහට එනවා නම්. දැන් මෙතන උඩින් විඤ්ඤාණයක් සකස් කිරීම අර ස්පර්ශ කරලා නේ ඉතින් අර ජාතියේදි අපි ස්පර්ශ කරලා නේ කොහොම හරි විඤ්ඤාණයක් ආපහු හදා ගන්නේ.
එතකොට ඒක කරගෙන ඉන්නවා කියන එක තියෙනවා. ඉතින් මෙයා අර, දැන් අම්මා කෙනෙක් නම් කියනවා නේ ඉතින් අනේ මහත්තයා ඉන්න කාලේ මම මේ විදිහට ජීවත් වුණා, දැන් ඔක්කෝම මං තනියෙන් කරගන්න ඕනෙ ආදී වශයෙන්. ඉතින් ඒවා හොඳට ලස්සනට ගැළපිලා එනවා. ඉතින් ඒක, ඒ භාවනාව කළහම බොහෝ ම හොඳයි ඒ එක එක ආකාර වූ ප්‍රීතීන් ගලනවා,
ඉතින් “Excellent” කියලා රහතන් වහන්සේ ඒක පැවසුවා ඒ අවස්ථාව කියන එක. මේක, ඉතින් මාව නැවැත්තුවා මේක තව ටිකක් බලන්න හදනකොට ඒකේ, මේකත් අර ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවර. මොන ආශ්චර්ය අද්භූත ධර්මයේ ද? මේක ඇවිල්ලා මේ හතර වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවර.
ගිද්ධිලෝභයේ අර තුන් වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවර වෙනවා වාගේ මේක අර හතර වෙනි එකේ කෙළවර. ඒක තමයි මං කරපු භාවනාව.
අර භාවනාව ඇතුළෙදි ආවා අර භවඤ්ච භොගඤ්‌ච වොකාරස්ස අහංකාරස්ස පදට්ඨානං කියන එක. දැන් එතකොට අර භව භෝග කතාව මෙයාගේ කැපිලා නේ, අහංකාරය වෙන්න තියෙන ඒවා, කතාව.