ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඉතින් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.
මම අර ලෝභය, ලෝභ දෝස මෝහ භාවනාව වගේ ලෝභය කියන එක මෙනෙහි කළා. අර මනාපික වූ අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, ඒ සුඛ වේදනාව, මේක නිසා මේ ලෝභය කියන එක ඇති වෙනවා කියන එක. ඉතින් ඒකත් එක්ක ම මම කල්පනා කළේ ඉතින් මේ ලෝභය කියන එක ඇති වෙනවා කිව්වහම එතනින් මං කෙළින් ම ආවා මේ ගිද්ධිලෝභය කියන එකට. අර තමන්ගේ අර කාමච්ඡන්දය කියන එක තියෙනවා ජරා වෙනවා කියන එකට. ඒ රූප හොය හොයා ඔය විදිහට යනවා කියන එක, ඊට පස්සේ අර රාගය ඇති වෙනවා කියන එක බැලුවා.
එහෙම බලලා අර ඊයේ භාවනාව වාගේ අර උඩ කොටස බැලුවා කබලිංකාර ආහාරය, වේදනා, සඤ්ඤා කියන කොටස. එතකොට දැන් අපි දන්නවා ඔය සඤ්ඤාව කියන එක fake එකක්.
පළවෙනි එකට අර විඤ්ඤාණ ධාරාව ගැලුවා නම්, විඤ්ඤාණ ධාරාව ගැලීම හේතු කොටගෙන අර නිත්‍ය කියන කතාව. ඒ නිත්‍ය කියන කතාවෙන් ඇති වුණා වූ මේ සඤ්ඤාවක් මේ තියෙන්නේ.
එහෙනම් ධාරාව ගැලීම හේතු කොටගෙන ම තමයි අපේ මේ සඤ්ඤා කතාවත් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් සකස් වුණා ඒ විදිහට කියන එක ආවා. මේක බැලුවාට පස්සේ අර ඊයේ අර වාගේ සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා කියන එකෙන්, මේ ජරා වූ වේදනාවක් අල්ලගෙන ඉන්නවා කියන එක, ඒක එහෙම සිහි වුණා.
ඉතින් එහෙම සිහි වෙලා ඊට පස්සේ මම ගත්තා අර තුන් වෙනි එකට ඔය සඤ්ඤාව කියන එක මැරිලා ගිහිල්ලා අපි අර දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යනවා කියන එක තියෙනවා නේ. අර කිව්වේ split වුණා නම් මොකද වෙන්නේ? වතුර පාර ගලාගෙන යනවා, split වුණා නම් ඉතින් අර එකපාරට ම මේ, අර තාත්තා මළොත් අම්මා මොකද කරන්නේ කියලා ඇහුවේ. ඒ වගේ ඒ විඤ්ඤාණ ධාරාව දැන් අර සංස්කාරයන් කියන ඒවා අර සැකසෙන්නේ නෑ, මේ සඤ්ඤාවෙන් හදපු මේ චිත්ත සංස්කාර තියෙන්නේ, ඒ සංස්කාර තමයි මළේ. අන්න තාත්තා මළා.
එතකොට අම්මා මොකද කරන්නේ අර සඤ්ඤාව බහිනවා අර මරණ මොහොතේ දී අර පල්ලෙහාට බහිනවා කියන එක, ඒක ගත්තා. දැන් දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට යනවා කියන එක බැලුවා.
දැන් එතකොට අපි දන්නවා ඔය ජාතියයි කියලා කිව්වහම දෙවෙනි රවුමේ දීත් අපි ජාතියක් කියනවා. A වල ඉඳන් B වලට ගමන් කරනවා කියලා අපි කතා කරනවා. ඒ වගේ ම අපි මේ 4.2 දි මරණය ඇති වෙලා 4.4 දිත් ජාතියක් කියන එකක් ඇති වෙනවා. එතකොට මොකද්ද මේ දෙවනි ජාතිය පළවෙනි ජාතිය මොකද්ද?
ඒ පළවෙනි ජාතිය තමයි අර රූපය ස්පර්ශ කරලා ඒ ආයතනවලින් ඇති වෙන්නා වූ, ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවායෙන් ඇති වෙන්නා වූ ඒක තමයි එතෙන්දි පෙන්නුවේ ඒ ජාතිය කියලා. රූපයක් ස්පර්ශ වුණා. වට දෙකක් යනකොට ඔන්න විඤ්ඤාණ ධාරාව ගලනවා නම් අන්න එතෙන්දි ජාතියක් තියෙනවා විඤ්ඤාණයේ.
ඊළඟට 4.4 වෙනකොට අපි ආපහු ජාතියක් කියලා කියන්නේ මේ අභ්‍යන්තර ආයතනවලින්. ඒ කියන්නේ අර දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ගිහිල්ලා ඇති වෙන්නා වූ ඒ දේ තමයි මෙතන සිද්ධ වෙන්නේ කියන එක.
ඉතින් ඔය තත්වෙට මනස ආවහම අර සංස්කාර කියන එක මම බලලා තියෙනවා නේ පල්ලෙහා සංස්කාර කොටුව flow වෙන්නේ කොහොම ද කියන එක. අර මුලින් ඇති වුණා වූ ධාරාව මගින් අතනින් ඇති වුණා වේදනාවන් කියන ඒවා පරාමාසයට ඇතුල් වුණා, පරාමාසයෙන් අත්තා කියලා පල්ලෙහාට ගමන් කිරීම කියන එක. එතකොට මෙන්න මේකයි, මේ දැන් ඇති වෙන්නා වූ සංස්කාරවලින් යම්කිසි අගයක් එනවා ද මේ දෙකේ ගැළපීමක් අනුව තමයි අර භයේ අගතියට අපි එනවායි කියන එක අපි බලන්නේ. එතකොට දැන් මෙන්න මේ භයේ අගතියට යන්නා වූ ඒ කොටස කියන එක මෙතන කතාව සම්පූර්ණයෙන් එතන නතර වුණා ඒ සංස්කාර මේ විදිහට මේක දැක්කහම.
මේක මේ අර උඩින් කරපු එකේ fake සඤ්ඤාවකින් නේ මේ ඔක්කෝම කරන්නේ. Fake සඤ්ඤාව මගින්, ඒ කියන්නේ විඤ්ඤාණයේ ධාරාව ගැලීම නිසා ම ඇති වුණා වූ fake සඤ්ඤාව. ඒ fake සඤ්ඤාවකට තමයි අපි අගය දෙන්නේ. අනිත් අතට ගත්තහම මේ සංස්කාරයන් ඒ fake සඤ්ඤාව නිසා ඇති වෙලා මේ සංස්කාරයන් ඇති වෙලා එතනින් දුවන්නේ. එතකොට මේකත් දුවන්නේ අර විදිහට ධාරාව ගලනවා නම් තමයි. ඉතින් මෙන්න මේ දේ තේරෙනකොට ම ඒ සිත නතර වීම කියන එක සිද්ධ වුණා.
ඉතින් මේක තමයි අනාශ්‍රව චිත්ත භාවනාව.