Date: 14/12/2014 Name: Dosa bhavana

ඒ පූජාව පැවැත්තුවාට පස්සේ මම භාවනා කරන්න හැදුවේ ලෝභ පාර ඊයේ කරපු එක ම යි. රහතන් වහන්සේ කිව්වා මට “ද්වේෂ පාර භාවනා කරන්න” කියලා. ඉතින් ද්වේෂ පාර නොමනාප වූ අරමුණ, දුක්ඛ වේදනීය වූ ස්පර්ශය, දුක්ඛ වේදනාව කියලා බැලුවා.

එතනදි මම බැලුවේ මෙතෙන්දි මේ නොමනාපික වූ අරමුණ කිව්වහම අර විපරිණාමයට පත් වෙච්ච නිසා තමයි මෙතන මේක තියෙන්නේ. එතකොට මේ වේදනාව වශයෙන් මෙතන බලනවා කියන එක තමයි මං හුඟක් කල්පනා කළේ. එතකොට මේක බලාගෙන යනකොට නිකන් මට නිකන් හැඟීම ආවේ මේ වතුර පාරක් ගලාගෙන යනකොට ඒක කොහේ හරි වලකට වැටෙනවා දැන් අර ඉස්සර වාගේ පල්ලෙහාට යන්නේ නැතුව. ඉතින් මේක වල කියන එක පිරෙනවා නම් වතුර එන්න එන්න මේවා වෙනවා නම් වතුර ගලන්නේ නෑ නේ. ඉතින් මේක තමයි මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ. මිනිස්සුන්ට මේකෙන් ගැලවෙන්න විදිහක් නෑ. ඒක නිසා හරියට දුක්ඛිතතාවයක් තියෙනවා. ඉතින් ඒක නේ අර වචනයක් හරි පිට කරගන්න හම්බවුණා නම් මනුස්සයෙකුට සන්තෝසයි නේ, ඒ ද්වේෂ, දුකට පත් වෙලා ඉන්නකොට.

ඉතින් ඒ පාර එහෙම බලලා මම කල්පනා කළා මේක මේ වට වශයෙන් ගත්තහම මෙතන මේ කොච්චර වටවලින් ද, මේ ලෝභය ද්වේෂය මෝහය කියන එකේ ගත්තහම මේ වට වශයෙන් ගත්තොතින් ලෝභයට වට කීය ද ද්වේෂයට කියන එක මං බැලුවේ. එතකොට ඒ රහතන් වහන්සේ පෙන්නුවේ ඉතින් ලෝභයට පළවෙනි වට දෙක, ද්වේෂයට දෙවනි වට දෙක, එහෙම ගන්නෙයි කියන එකයි. එතකොට ද්වේෂයට දෙවනි වට දෙක අපි ගත්තහම අපිට පේනවා දැන් අපි ඊයේ අපි දැක්කා අර විපරිණතභාවය, ඒ කියන්නේ නිත්‍යභාවයක් කියන එකක් කිව්වේ ධාරාව ගලාගෙන යන නිසායි නිත්‍යභාවය කියලා කිව්වේ.

දැන් ඔය නිත්‍යභාවය වෙනස් වෙලා නේ. දැන් අත බැඳලා තිබ්බා නම් අරක ගලන්නේ නෑ, ඉතින් ඒක නිසා ඒ නිත්‍යභාවය කියන එකේ වෙනසක් තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් එහෙම නම් මෙතන මේ අපි කිව්වාට දැන් 4.3 දි අපි ගත්තහම සුඛයි කියලා ඇතුල් වෙනවා කියලා කිව්වට, අර නිත්‍යභාවයක් නැතිකම කියන එක මේකේ මෙතන තියෙනවා.

ඒක නේ අර ඉස්සර වගේ ගලනවා නම් අර මනුස්සයාට ප්‍රශ්නයක් නෑ, එක ම විදිහට වේදනාව තියෙනවා. එතකොට මෙතන දුක්ඛයක් තමයි ඇතුල් වෙන්නේ. නිත්‍යභාවයේ වෙනසයි තියෙන්නේ.

එහෙම නම් මේ ඨිතස්ස අඤ්ඤථත්තං සංඛත ලක්ඛණය කියලා කියන්නේ අර නිත්‍යභාවයේ වෙනස් වීම. කලින් තිබිච්ච නිත්‍ය value එකට වඩා දැන් තියෙන නිත්‍ය value එක අඩුයි කියන එකයි තියෙන්නේ කියන එකයි. එතනදි රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා ඒක දැක්කහම, ඒ නිත්‍යභාවයේ අඩුකමයි කියන එක.

ඉතින් ඒක නිසා මේ මනුස්සයා ඉතින් අර අපි කියනවා නේ දුක්ඛ දුක්ඛතාවයට පත් වෙනවා කියලා. දැන් අර දෙකක් කරකවලා අපිට දුක්ඛයි කියන කතාව ආවා. ඇයි ඉතින් දෝමනස්සයට ඇවිල්ලා නේ තියෙන්නේ. තව දෙකක් කරකවලා බැලුවා ඉතින් තවත් දුකයි කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අර නිත්‍යභාවය තවත් අඩු වෙලා. 4.2 කියලා කියන්නේ අපි නිත්‍යයි කියන එක නේ.

ඒක විඤ්ඤාණය ඉතින් මැරිලත් ගියා නේ ඒ වෙලාව වෙනකොට. එතකොට මේක තමයි මේ කියන්නේ කියන එක මම බැලුවා ඉතින් එතනින් මාව නැවැත්තුවා.

ඒ වෙලාව වෙනකොට ඉතින් හැබැයි පේනවා, Saturn එකේ වළලුත් පේනවා ඒ වගේ ම අර චෛත්‍යයන් එහෙම ඒවා හිටන් පේනවා. ඒ වගේ, එතකොට මම මේකෙත් ගත්තා නිත්‍යභාවය මේ වගේ එකෙත් flow එකක්, නිත්‍යභාවයක් මේවායෙත් නැතෙයි කියන එක ඒ වෙලාවේදි. ඉතින් රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා ඉතින් එහෙම කිව්වා ම, වුණාට පස්සේ.