Date: 15/12/2014 Name: Upekkha Appamaana

ඒ උතුම් බුදුපියවරු සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඒක කරනකොට ම මට තේරුණා මගේ මනසේ උපෙක්ඛාවක් පවතිනවා කියලා මේ සියලු දේවල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ බුදුපියවරු ගැනත්, ඒ කියන්නේ දැන් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඔහොම ඉන්නවා. බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවායෙන් පස්සේ තව බුදු පියෙක් එනවා. ඔය විදිහට ඔහොම ගිහිල්ලා ඔක්කෝම කට්ටිය ඔය විදිහට යනවා, තව කට්ටියක් මේකට ඇතුල් වෙනවා. එතකොට ඒක ගැනත් උපෙක්ඛාව. කරන්න තියෙන යම් වූ වැඩක් තියෙනවා ද ඒක ගැනත් උපෙක්ඛාව. ඔය විදිහට, ඒ පාර මං බැලුවා මේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගා මයාධම්ම භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්‌බොධාය නිබ්බානාය සංවත්තති කියලා කියන පදයත් මතක් වුණා මට.

ඉතින් මේ උපෙක්ඛාව කියන එක ඇති වෙන්න නම් සබ්බ නිස්සග්ගයට එන්න ඕනෙ. ඒ පාර මං කල්පනා කළා මේ සබ්බනිස්සග්ගය මේ සියල්ල අතහරිනවා කියන එක. ඒකේ ඔතෙන්දි ආවා මේ සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා කියලා අර ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවටත් ආවා. නිර්වාණයේ දී විතරයි මේක වෙන්නේ කියලා.

ඉතින් ඒ පාර මං මේ කෑල්ලෙන් කෑල්ලට බැලුවා මේ සබ්බනිස්සග්ගය සඳහා මේ සුඛභාගීය ධර්මයන් කියන ඒවා, ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්න ඕනෙ. අර රූපයත් එක්ක ස්පර්ශ නොවී ඒක පවත්වන්න.

ඒ පාර ඊළඟට ආපහු බැලුවා, ඒ කියන්නේ අභිජ්ඣා දෝමනස්ස ඇති වෙනවා නේ ස්පර්ශ වුණා නම්. ඊළඟට ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනෙ. ඊළඟට සංස්කාර, ඒ කියන්නේ අපිට උපෙක්ඛාවක් තියෙන්න ඕනෙ සප්ත බොජ්ඣඞ්ගය කියන එක උපෙක්ඛාව කියන එක තියෙන්න ඕනෙ. නැත්තන් මේ සඤ්ඤාවයි නිසා අපිට ඇති වෙන්නා වූ සංස්කාරයන් තියෙනවා. එතකොට මේ සඤ්ඤාව කියන එක කොයි වෙලාවක හරි නැති වෙනවා නම් සඤ්ඤාව නිසායි මේ හදන්නා වූ චිත්ත සංස්කාරයන් කියන ඒවා මේ අපිට උපෙක්ඛාව තියෙනවා නම් ඒක අයින් කරගන්න පුළුවන්. ඔතනදි තමයි අර ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාව හොඳට ගැළපෙන්නේ.

ඒ පාර දැන් මං කල්පනා කළා මෙතනින් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද මේ විදිහට අයින් කරාට පස්සෙ. අර මෝහය නිසා ඇති වෙන්නා වූ කොටස. ඒ පාර මං බැලුවා ඔය මෝහයට එන්නා වූ කොටස. පාරවල් තුනකින් ඔතෙන්ට එනවා. එකක් තමයි අවිද්‍යාවෙන් එනවා කියන එක පේනවා උඩින් එන එක.

ඊළඟට පරාමාසකායගන්ථය නිසා එතනින්, අර සංස්කාර සැසඳීමක් සමඟ එතනින් ඇති වෙන්නා වූ මෝහ කතාව තියෙනවා. ඊළඟට ගත්තහම වම් අත පැත්තෙන් පල්ලෙහායින් යමක් එනවා. ඒක තමයි මේ දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට එන්නා වූ කොටස.

එතකොට මෙන්න මේ තුන් ධර්මයන්ගෙන් තමයි මෙතන මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. එතකොට දැන් මං කල්පනා කළා මේ කාරණා තුන නැති වෙන්න, ඒ කියන්නේ අර මැද්දෙන් අර hub එක වගේ කරකවන එක තියෙනවා නේ පරාමාසකායගන්ථයෙන් සුඛයි කියලා ආවා, පල්ලෙහාට අත්තා කියලා එනවා.

මෙන්න මේ කතාව ඒවා නැති වෙන්න ඕනෙ. ඉතින් මේක නැති වෙනවා කියන්නේ මේ දිට්ඨි ආශ්‍රවය කතාව නැති වෙන්න ඕනෙ. ඉතින් මේ විදිහට බලනකොට මට කල්පනා වුණා මේ තුන් ධර්මයන්ගෙන් ඉතින් මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දේකුත් තියෙනවා නේ ද මෙතන. අර,

මොකද්ද මට කල්පනාවට ආවේ මුලින් ම මේ චේතනාව කියන එක නැති වෙනවා නම් මේ උඩින් එන්නා වූ කතාවල් නැති වෙනවා. ඉතින් එතකොට මට මතක් වුණා “චෙතෙති පකප්පෙති අනුසති” කියන එක. මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා දීලා තියෙන්නේ මෙන්න මේ තුන නැති වෙනවා නම් විඤ්ඤාණය පිහිටන්නේ නැහැ කියන එකයි.

ඒ කියන්නේ දැන් හොඳට ලස්සනට අර මම දැන් ඉස්සෙල්ලා කියපු ධර්ම කාරණා තුනත් එක්ක ගැළපෙනවා. මුලින් ම අපිට පේනවා ඔය අනුසති කතාව අර දිට්ඨි ආශ්‍රවයෙන් පස්සේ ඇති වෙන්නා වූ පසු ප්‍රතිඵලයක් හැටියට තමයි එතන අනුසය කියන එක තියෙන්නේ.

ඊට පස්සේ මේ චෙතෙති කියලා කියන එක ගත්තහම චේතනාවක් තියෙනවා නම් ඉතින් අත්තා ඉඳන් නිත්‍යට ගිහිල්ලා අර නිත්‍ය ඉඳන් එන්නා වූ කතාව කියන එක සිද්ධ වෙනවා.

පකප්පය කියන එකේදි ගත්තහම අර plans කියලා ගහන්නේ, ඒ plan එක කියන එක අර මේක කැරකවීම නිසායි. Hub එක ළඟ කැරකවීම නිසා තමයි, ඒ කියන්නේ පරාමාසය ළඟට යමක් ඇවිල්ලා, ඒ කියන්නේ වේදනාවත් ආවා, අත්තා කියලා පල්ලෙහාටත් ආවා.

ඔන්න ඔය කාරණා දෙක නිසා තමයි අපිට ඔතනින් ඔය plans කියන ඒවා අපිට ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා තුන මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ එහෙම නම් අර මම හිතපු කාරණා තුනේ post condition එක.

බුදුහාමුදුරුවෝ නිතර ම මේ post condition එක තමයි පෙන්නන්නේ. පෝතලිය සූත්‍රයේත් එහෙම නේ කියන එක මට ඒකට ආවා. ඉතින් රහතන් වහන්සේ “Excellent” කිව්වා. එතනින් භාවනාව නතර කළා.