ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් මෙනෙහි කළා. මේ විදිහට හත් නම, දාහතර නම මෙනෙහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි කියලා කල්පනා කළා. එතෙන්දි මං කල්පනා කළේ අර කාමච්ඡන්දය, ඉතින් මේ ජරාවට තියෙන්නා වූ කැමැත්ත. එතකොට ද්වේෂය නැති කරමි කිව්වහම එතකොට මේක නිසා ඇති වෙන්නා වූ ඒ ජරාවක් කියන දෙයකට කැමති වුණා නම් ඉතින් ද්වේෂය කියන එක ඇති වෙනවා. එතකොට මේක නැති වෙනවා නම් මේ, මුලින් ජරාවට කැමැත්ත නැති වෙනවා නම් මේක නැති වෙනවා.
එහෙනම් ලෝභය නැති වුණා නම් මේ ද්වේෂයෙ කතාවත් නැති වෙනවා. දැන් මං කල්පනා කළා මේ ද්වේෂය කියන එක සම්පූර්ණයෙන් නැති වෙනවා නම් මෝහයත් නැති වෙනවා ද? ඒ කියන්නේ ද්වේෂය කියන එක “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසරණා අයං අදොසො” කියන අර්ථයෙන් බැලුවොතින් ද්වේෂය සම්පූර්ණයෙන් නැති වෙනකොට අර ධ්‍යානයකින්වත් ඉන්න බැරි ය කියන එක තියෙනවා.
එහෙම නම් ඒක නිසා මෙයාට මෝහයත් නැති වෙනවා කියන එක ආවා මට. එතකොට දැන් මේ වගේ ම මෝහය නැති වෙන්න රහතන් වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ කියලා බැලුවහම අර රෝගී සඤ්ඤාව මගෙයි කියලා ගන්නෙ නැතෙයි කියන එක. ගත්තා නම් තමයි මෝහය ඇති වෙන්නේ.
එතකොට එහෙම නම් මේ දෙක එකට ගැළපෙනවා. ඉතින් මෝහය නැති කරමි කියන එක එතනින් ආවා. ඉතින් මනස හරී විශාලයි, රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා, ඒ තිබෙන්නා වූ ස්වභාවය.
ඉතින් එතන බොහොම සැරට මම ඔය විදිහට හිටියා. ඊට පස්සේ මම ආපහු කල්පනා කළා මේ ලෝභය කියන එක අර පළවෙනි රවුම් දෙකයි කියලා කියනවා නේ, අපි ගත්තේ. එතකොට අපි ඔතනදි ගන්නවා මේ මෝහය, මෝහයෙන් තමයි, පළවෙනි රවුම කැරකෙන්නේ මෝහයෙන්. එතකොට දැන් අපි මේ ඊයේ පෙරේදා බැලුවා නේ ලෝභය කියන එකට පළවෙනි දෙක ගන්නවායි කියලා. එතකොට මොකද්ද ඒ කියන්නේ?
එතකොට මෝහය කියන එක ගත්තහම අර පෙර වෙච්ච මෝහය නේ. පාණාතිපාතා පෙර මෝහය කියන එක. දැන් මේ මොහොතේ නේ අපි මේ සුභයි කියලා ගන්නේ. මෝහයෙන් අරක ආවාට මෝහය ඇතුළේ මෙතන ලෝභය. ඇයි මම මේ සුභයි කියලා ගන්නේ? මගේ අර ලෝභය. පෙර තණ්හාව කැරකෙන රෝදය නිසායි මං මේක කරන්නේ. එතකොට ඒ අර්ථයෙන් ගත්තහම මෙතන ලෝභය කියන එක එනවා. මේ රවුම් දෙක ලෝභයට කියන එකට වැටෙනවා. ඒ ද්වේෂයට ඊළඟ රවුම් දෙක වැටෙනවා මොකද අර විපරිණාමය ජරාවකට තමයි කැමති වුණේ කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මේ ලෝභයේ ද්වේෂයෙ කතාව බැලුවා,
මොකද අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර present moment එකේදි තමයි මේක සුභයි කියන එක අරකට ඇදෙන්නේ. එතකොට මේ ඕක බැලුවා. බලලා ආපහු අර කාරණා තුන නැවතත් ලෝභ ද්වේෂ මෝහය කියන එක. ඉතින් මට පේනවා නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. අලෝභ අදෝස අමෝහ. මේක මේ විදිහට සිද්ධ වෙනවා කියන එක. ඒක බැලුවහම මට තේරුණා මම අනාශ්‍රව චිත්තයට ඇවිල්ලා තියෙනවා කියන එක.
ඒ වගේ ම මං දන්නවා මට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වාගේ වුණා. ඊට පස්සේ මං මොකුත් දන්නේ නෑ. ආපහු එනකොට මම දැක්කා සුදු පාට එකක් දිහා මං බලාගෙන ඉන්නවා කියලා.
ඒක ඇවිල්ලා නිකන් මේ හරියට rigifoam එකක් දිහා බලාගෙන ඉන්නවා වාගේ එකක් මම දැක්කා. ඒක මොකක් හරි “අකනිට්ඨාවේ තියෙන එකක්” කියලා රහතන් වහන්සේ කිව්වා. ඒක තමයි මං ඒ කරපු ඒ භාවනාව.
කාරණාව තමයි අර අමෝහය කියන එක, ඒකෙත් මේවා එක බැලුවා නේ. අර “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” කියලා. අන්න ඒ අර්ථය තිබුණේ, ඒ කියන්නේ ලක්ෂණ තුන. ලක්ෂණ තුනක් තියෙනවා නේ. බොහොම කෙටියෙන් ඒ තැනට එනවා කියන එකයි තියෙන්නේ.