ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම පටන් ගත්තා අර ලෝභය නැති කරමි කියන එක. ඒ ලෝභය නැති කරමි කියනකොට ම බැලුවේ අර, රහතන් වහන්සේ මට කලින් කිව්වා මේ කලින් කරපු භාවනාවක්, ඒක කරන්නයි කියලා. එතකොට එතන ගන්නේ අර මුලින් ම රූපය ස්පර්ශ නොවෙන්න කියන එකයි. රූපය ස්පර්ශ නොවෙන්න විරියක් ගන්නවා කිව්වහම දැන් මම කල්පනා කළේ මේ වට දෙකක් යනකොට අපි ඔය ජරාවට නේ කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. එතකොට ලෝභය නැති කරමි කිව්වහම කාමච්ඡන්ද කොටස තියෙන්නේ ඒ කොටසේ. එතකොට මේ ජරාවට පත් වෙන රූපය. එහෙනම් ජරාවට පත් වෙන රූපය මගේ නොවෙන්න තමයි මේ විරියක් අපි ගන්න ඕනෙ.
එතකොට ඒක හොඳට කල්පනා කරනකොට ඉතින් මගේ මේ ඉන්ද්‍රියන් ඔක්කොම ඒක පත්තු වෙලා තිබුණා ඒ වෙලාවේ, ඒ සති ඉන්ද්‍රියයි ප්රඥාවයි ඔක්කොම විරිය ඉන්ද්‍රියයි ඔක්කෝම පත්තු වෙලා තිබුණා ඒ වෙලාවේ.
ඉතින් දැන් මං කල්පනා කළා දැන් ඒ කලින් කරපු භාවනාවේ සම්බන්ධතාවය තිබුණේ මෙතනින් මේ කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය කියන ඒ belt එකත් එක්ක අපි area 4 කියන belt එක හැදෙනවා. Area 4 කියන belt එකේ අපි අත්තා කියලා ගන්නවා. එතකොට ඒ අත්තා කියලා ගැනීමෙන් තමයි මෙතන මේ රූපය ලාභයි කියලා අපි ගන්නේ. රූපය ස්පර්ශ කරලා රූපය ලාභයි කියලා ගන්නෙ අපි එතෙන්දි.
එතකොට එහෙම නම් මේ අත්තා කියන කතාව නොවෙන්න ඕනෙ. ඒ කියන්නේ සඤ්ඤාව මගේ නොවෙන්න, අත්ත සඤ්ඤාව නොවෙන්න තමයි අර දෙවෙනි විරිය. එතකොට ඒ දෙවෙනි විරියේ දී මම කල්පනා කළා අත්ත සඤ්ඤාව මගේ නොවෙන්න, ඒ කියන්නේ රූපය මගේ නොවෙන්න පළවෙනි විරියක් තියෙනවා, දෙවෙනි විරියක් සඤ්ඤාව මගේ නොවෙන්න.
ඉතින් මේ සඤ්ඤාව මගේ නොවෙන්නයි කියලා අත්තා කියන කතාවේදි මම ගත්තේ අර ඉස්සෙල්ලා වගේ ම අපි ජරාවට පත් වෙන රූපය, දැන් මෙතෙන්දි කතා කරන්නේ ජරාවට පත් වෙන්නා වූ වේදනාව. අර වේදනාව නේ මෙතෙන්ට ඇතුල් වෙන්නේ. එතකොට ජරාවට පත් වෙන්නා වූ වේදනාව මගේ නොවෙන්න තමයි මේ දෙවනි විරිය කියන එක තියෙන්නේ.
ඉතින් ඕක සම්බන්ධ වෙනවා අර, සමහර අය අහලා ඇති අර, මේ 4.3 කියලා කියන්නේ අපේ අර ව්‍යාධිය නේ. වේදනාවේ ජරාව අපි ව්‍යාධිය හැටියට පෙන්නනවා. දැන් මේක නොවෙන්නයි මේ උත්සාහය මේ කරන්නේ කියන එක තියෙනවා.
ඒ කලින් භාවනාවෙම ආපහු තිබුණා තව කොටසක් මං ඒ වගේ ම සම්බන්ධතාවයක් බැලුවා සංස්කාරවලත් ඕක තියෙන්න ඕනෙ කියන එක. එතකොට ඒකෙදි දැන් අපි දන්නවා ඒ සංස්කාර ධාරාව කොහොම ද එතනින් ගැලිලා එන්නේ, මුලින් ම අර උඩින් සංස්කාර cross එකෙන් ඇතුල් වෙනවා ඉදංසච්චයට. ඒ ඉදංසච්චයට ආපු අගය ඉදංසච්චයේ ඉඳන් දැන් එනවා අර පරිදේව වූ සංස්කාර කියන කොටුවට, එතෙන්දි එනවා. මේක maintain කරන්නේ, අර මෝහයේ ඉඳන් අපි එනවා ඒ පරිදේව කියන තැනට. එතෙන්ට එන්න උද්ධච්චය මගින් තමයි ඒක maintain කරන්නේ support කරන්නේ කියන එක තියෙනවා.
එතකොට ඊළඟට ඔය value එක පල්ලෙහා භය අගතිය දක්වා push කරන්නේ අර පෙර පරාමාස වෙච්ච ධර්මයන්. දැන් සුඛය නේ පරාමාස වෙලා තියෙන්නේ. මොනවා ද මේ ජරාවට පත් වෙච්ච සුඛයක් තමයි පරාමාස වෙලා තියෙන්නේ. ඒක තමයි එවන්නෙ දැන් මෙතන මේ පල්ලෙහාට. ඒක push වෙනවා නම් තමයි ඔන්න අපි භය අගතිය දක්වා ඒ ගමන් කරනවා කියන එක තියෙන්නේ. එතකොට දැන් ඒ කලින් භාවනාවේ දී පෙන්නුවා නේ ඉතින් ඕක එකොළොස් වෙනි රවුමෙන් පස්සේ ඕක සිද්ධ වෙන්නේ, හැබැයි ඉතින් එතන සංස්කාර නිසා අත්තා වීම කියන එක සිද්ධ වෙන්නේ මේ විදිහයි කියන එක.
එතකොට එහෙම නම් දැන් අපි මුලින් කිව්වා ජරා වන රූපය ස්පර්ශ නොවෙන්න තමයි අපේ පළවෙනි විරිය. ජරා වන වේදනාව අපේ නොවෙන්න තමයි අර දෙවනි විරිය. දැන් එහෙනම් පරිදේව වෙච්ච සංස්කාරය මගේ නොවෙන්න තමයි මේ තුන් වෙනි විරිය කියන එක තියෙන්නේ. ඉතින් ඔය අතරේ මට ආපු දේ තමයි අර දෙවනි එක, ජරා වූ වේදනාව මගේ කියලා පල්ලෙහාට ගියා නම් නේ මට, ඒ කියන්නේ අරකට support කරනවා නේ පළවෙනි කතාව. දැන් ඕක දික් කළහම යන්නේ කෙළින් ම රූපයට. ඒ කියන්නේ මොකද්ද
මේ කියන්නේ. රූපය සුඛයි කියන එක නේ ඔය කියන්නේ, දිට්ඨි අනුසය පාරේ ගිහිල්ලා. ඒ කියන්නේ මේ අර රූපකායේ අධිවචන සම්ඵස්සය කියන එක. රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා ඒ point එක එනකොට. අධිවචන සම්ඵස්සය වෙන්න තමයි මේ අපි දඟලන්නේ කියන එක.
දැන් එතෙන්දි දැන් ආපහු කල්පනා වෙනවා දැන් මේ විදිහටත් ආවහම දැන් භයේ අගතියේ ඉඳන්, පරිදේව වූ සංස්කාරය භය අගතියට ආවා නම් එයා ආපහු ඇඟිල්ල දික් කරලා පෙන්නනවා රූපයට. අධිවචන සම්ඵස්සයට එයාත් යවනවා. ඒක විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් ගත්තහම අවිද්‍යා ආශ්‍රවය නිසා කාම ආශ්‍රවයට ඇවිල්ලා කාම ආශ්‍රවය අපි උඩට රූපය ස්පර්ශ කරන්න ආපහු යවනවා කියන එක තියෙනවා. දැන් ඔතන තවත් කතාවක් තියෙනවා. ඔය තුන තමයි main, භාවනාවේ main කොටස.
තවත් කතාවක් තියෙනවා කියලා කියන්නේ අර උද්ධච්චය කියන එක තියෙනවා නේ. උද්ධච්චයෙන් නේ අර maintenance මෝහයේ ඉඳන් මෙතන්ට එවන්නෙ. ඉතින් බලන්න දැන් උද්ධච්චය කියන එක අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු එකත් එක්ක සම්බන්ධ කරන්න.
අශ්රද්ධාව නිසා උද්ධච්චය ඇති වෙලා අර පේන්නේ අපි දුස්සීලභාවය ඔක්කොම මේවා වෙනවායි කියන එක නේ ද. එතකොට මේක නැතිකම නිසා නේ මේ ඔක්කොම දේවල් අපි සිද්ධ කරගෙන යන්නේ කියන එක තියෙනවා.
ඒක තියෙනවා නම්, ඒකේ පෙන්නුවා නේ අර ආයතන භාවනාව 2 දි පෙන්නුවා නේ අතන triangle එක හැදිලා, ඒ කියන්නේ අශ්රද්ධාව අර ප්‍රඥාව ඒ මේවා එක,. ඒකේ අනිත් පැත්තට යනවා නම් ඉන්ද්රිය සංවරය කියන එක අභිජ්ඣා නොවෙන්න අපි එනවා කියන එක.
ඉතින් එතන ටිකක් ගැඹුරුයි බැලුවහම අර, ඒ මුලින් බලන්න ඕනෙ අර පරිදේව වූ සංස්කාරයන් කියන ඒවා මගේ නොවෙන්න ගත්තොත් අත්තා වෙනවා. නැත්තන් අර රූපය ස්පර්ශ කරන්න ආපහු එයා support කරනවා නේ. දැන් දෙන්නෙක් support කරනවා නේ?
හැබැයි ඉතින් අර ලැජ්ජා හිතෙන වැඩේ තියෙන්නේ අර ජරා වූ රූපයයි ජරා වූ වේදනාවයි පරිදේව වූ සංස්කාරයයි. ඔන්න ඕක තමයි key point එක හැටියට තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්