Date: 22/12/2014 Name: Avijja Asava

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට මම, රහතන් වහන්සේ මට කලින් ම කිව්වා අර කලින් භාවනාවක් කරලා තියෙනවා නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයට යනවා මේක column 2 sandwich එක වාගේ ඇකිලෙන භාවනාව. ඒක පොඩ්ඩක් බලන්න කියලා.

එතකොට මම, ඒකේ ඒ භාවනාවේ තියෙන්නේ ලෝභය කියන එක භාවිතා කරා. ඔය ලෝභය කියන එක, අපි හිතමු ඒ මුළු triangle එක ම 1 කියලා. එතකොට, ඒ කියන්නේ කබලිංකාර ආහාරය ජාතිය චේතනාව. එතකොට මේක නිසා එහා පැත්තෙන් අපිට 3 කියලා area එකක් ඇති වෙනවා. ඒක තමයි අර මෝහය කියන එක. එතන තියෙන්නේ චේතනාවයි, ඊළඟට ගත්තහම එහා පැත්තෙන් විඤ්ඤාණය, අර මෝහයෙන් අගතිය දක්වා එන 3 එක.

දැන් බලන්න කාම ආශ්‍රවයේ ඉඳන් අපි අවිද්‍යා ආශ්‍රවයට යනවා කියන්නේ, දැන් කාමච්ඡන්දය කියන එක කල්පනා කරන්න. ජරාවට තිබෙන්නා වූ කැමැත්ත. එතකොට ජරාවට තිබෙන්නා වූ කැමැත්තකට අපි ඇති වෙලා අපිට මෝහය ඇති වෙනවා කියන්නේ මෝහය කියන්නෙත් මොකද්ද එහෙනම්? ජරාවට තිබෙන්නා වූ කැමැත්ත. ඇයි ජරාවකට නේ කැමති වුණේ. ඒ කියන්නේ අනිත්‍ය වෙච්ච දෙයකට අපි කැමති වෙලා තමයි අපිට එතෙන්ට ආවේ කියන එක තියෙනවා. ඒක ම තමයි මෝහය.

මෙතන්ට ආවාට පස්සේ මං කල්පනා කළා දැන්, දැන් මෝහයට ආපු මනුස්සයා, දැන් ඔයා එනවා ආපහු ඔය ද්වේෂය හරහායි යන්නේ. දැන් පල්ලෙහායින් යන එක මේ බලන්නේ. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන්, දැන් මම නිත්‍යයි කියලා අරගෙන තියෙනවා ජරාවට ගත්ත එක. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දැන් මං කාම ආශ්‍රවයට යනවා. ඔය යන්න වෙන්නේ අර මැද්දේ number 2 කියන column එක, ඔයා දැන් 1 and 3 අයින් කරා නම් මැද්දේ තියෙන්නේ 2. ඕක හරහා තමයි අපි යන්නේ.

එතකොට මෙතනින්, මෙතන්ට යනවා කියනකොට මම කල්පනා කළේ දැන් මෙතන මේ වේදනාව නේ මෙයා දැන් ද්වේෂයයි ඇති වෙන්නේ. වේදනාවක් ජරාවට පත් වෙන්නා වූ වේදනාවක් අල්ලගෙන තමයි මේ යන්නේ.

දැන් අතන රූපය ජරාවට පත් වෙන එක අල්ල ගත්තා නිත්‍යයි කියලා මෝහය වුණා. දැන් මෙතන මේ වේදනාව ජරාවට පත් වෙනවා. වේදනාවේ ජරාව තමයි ව්‍යාධිය කියලා මේක හරහායි යන්නේ.

දැන් ඊට පස්සේ දැන්, දැන් මේ මනුස්සයාට ද්වේෂය කියන එක ඇති වෙනවා. මෙතනින් මං ආවා කාම ආශ්‍රවය කියන එකට. ඒ කියන්නේ දැන් 4.3 වෙලා තියෙන්නේ. 4.3 නේ ව්‍යාධිය කියන්නේ. වේදනාවේ ජරාව. දැන් යන්නේ 4.4 ආපහු උපද්දවන්න. බලන්න රහතන් වහන්සේ කිව්වා නේ 4.4න් පස්සේ කාම ආශ්‍රවය කියලා. එක රවුමක්, මේක විඤ්ඤාණය ආපහු සකස් කළාට පස්සේයි මේකේ කාම ආශ්‍රවය කියන එක තියෙන්නේ.

දැන් මං මෙතෙන්ට ආවහම බොහොම හොඳයි හිත ආපහු වැඩිය හිතන්න යන්න, හිතන්න පුළුවන්, යන්න මේකක් නෑ. මේ දෙක තමන්ට මේ හොඳට පවතිනවා.

දැන් ඊට පස්සේ ආපහු එනවා, දැන් ඔය විදිහට දැන් අපි දන්නවා කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවය අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය මැද්දේ sandwich එක වාගේ ද්වේෂය කියන එක එන්න එන්න වැඩි වෙනවා කියන එකයි සිද්ධ වෙන්නේ.

මේ තත්වෙට ආවහම දැන් ආපහු බැලුවා දැන් මේ මනුස්සයා කල්පනා කරනවා මේ වගේ, දැන් රූපය upset නේ, ජරාවට පත් වෙන එක නේ. දැන් ඒක නිසා වේදනාවත් දිරලා ගිහින්. එහෙනම් මේ දෙකෙන් තොරව හරි මම කල්පනා කරනවා පවත්වන්නෙයි කියලා.

එතකොට සඤ්ඤාවෙන් එන කතාව. දැන් යන්නේ අර අවිද්‍යා ආශ්‍රවය නිසා දිට්ඨි ආශ්‍රවයට එන එකයි දැන් මේක සිද්ධ වෙන්නේ. ඒ අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට එනකොට ඒකත් අපි කළා නේ භාවනාව.

ඒ කියන්නේ එතන තියෙන්නේ වේදනාවේ ඉඳන් ධම්මමච්ඡරිය line එකෙන් චේතනාවට ආවා, චේතනාවෙන් ඉදංසච්චය, ඉදංසච්චයෙන් අපි පල්ලෙහා අර අවිද්‍යා ආශ්‍රවය, අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවය, පල්ලෙහාට ගියා දිට්ඨි සල්ලය, සඤ්ඤාව අල්ල ගත්තා.

ඕක නේ අර ධම්මෙසු උපගමනලක්ඛණා කියලා කියන්නේ. අත්ත සඤ්ඤාවක් ඇති වුණාට පස්සේ ධර්මය අල්ලගෙන නේ එතනින්, ධර්මය කියලා කියන්නේ සඤ්ඤා චේතනා.

එතකොට දැන් එහෙනම් අපි මෙතන අභිනන්දනා කරනවා කියන එක තියෙනවා. ඒකත් කලින් කරපු භාවනාවක තියෙනවා ඒක. දැන් අපිට තේරෙනවා රූපය ජරාවට පත් වෙලා ඒක අල්ලගෙන ඉඳලා මෝහ කතාව වුණා.

ඊට පස්සේ ඒක නිසා අර වේදනාවේ වෙනස් වීම නිසා මේ ද්වේෂ කතාවට ඇවිල්ලා තියෙනවා. වේදනාවේ ජරාවත් එක්ක. මේ දෙක ආවාට පස්සේ දැන් මේ උඩ කෙළවරයි මේ කතා කරන්නේ දැන්.

දැන් මං එහෙනම් දැන් සඤ්ඤාව අල්ලගෙන ඉන්නේ. මට මේ කසි කබල් රූපය එපා. මේක ජරාවට පත් වෙනවා, හැබැයි මේ සඤ්ඤාව හොඳයි කියලා. බලන්න දැන් ඔය වෙනකොට සඤ්ඤාව ජරාවට පත් වෙලා ඉවරයි. ඇයි 5.3. 4.6 වුණා වේදනාවේ ව්‍යාධිය කියන එකට ආවා. දැන් සඤ්ඤාව කියන එක 5.3 වෙනකොට ජරාවට පත් වෙලා තියෙන්නේ. අර නිත්‍යයි කියලා ගත්ත එකක් අපේ කතාවක් තියෙන්නේ. 5.3 තියෙන්නේ අර නිත්‍යයි කියලා ගත්තා අරගෙන ඒක ඇතුල් වෙන එක නේ.

ඉතින් මේක වෙන්න බෑ නේ, මොකද අපේ පටන් ගැනීමේ ඉඳන් ම රූපය ජරාව වේදනා ජරාව වෙලා තියෙන්නෙ. එතකොට දැන් එහෙම නම් දැන් මට තේරෙනවා දැන් දිට්ඨි ආශ්‍රවය රහතන් වහන්සේ කිව්වේ අට වෙනි රවුමෙන් පස්සේ. දැන් අට වෙනකොට මොකද වෙලා තියෙන්නේ?

සඤ්ඤාව ජරා වෙලා නෙවේ සඤ්ඤාව දැන් රෝගීයි. මිද්ධයි. රවුම් අටක් යනකොට. එතකොට ඒකේ ඒ රෝගීභාවය වුණායින් ම ඒක තමයි චේතනාවට feed වෙන්නේ.

දැන් එහෙනම් චේතනාවත් රෝගීයි. සඤ්ඤාවන් චේතනාවන් කියන ඒවා මිද්ධ ස්වභාවය කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට මේකට තමයි දැන් කැමති වෙලා තියෙන්නේ. තේරුණා ද අර රූපයේ කතාවයි වේදනාවේ කතාවයි දැන් ගන්න සඤ්ඤාවේ කතාව. දැන් මේ පාර කැමති වෙලා තියෙන්නේ මේක මේ රෝගී වෙන්නා වූ දේකට තමයි කැමති වෙලා තියෙන්නේ.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. ඔයිට වඩා දිගයි ඉතින් ඇතුළෙන් ගත්තහම කෑලි කෑලි වශයෙන්, ඕක තමයි අර්ථය.