Date: 23/12/2014 Name: Sabbasava bhavana

අද ඒ පූජාවෙන් පස්සේ මම කලින් කරපු භාවනාව ම තමයි මෙනෙහි කරන්න පටන් ගත්තේ. ඒ ඊයේ පෙරේදා කරපු භාවනාව ඒ පංචඉන්ද්‍රියන් වඩන භාවනාවක කළා මේ අපිට විරියක්, විරියවල් තුනක් තියෙනවා නේ. ඒ කියන්නේ රූපය ස්පර්ශ නොවෙන්න, ඒ වගේ ම සඤ්ඤාව මගේ නොවෙන්න, ඊළඟට සංස්කාරය මගේ නොවෙන්න කියන එක.

ඉතින් අර ලෝභය නැති කරමි කියලා කල්පනා කරනකොට ඔය ලෝභ කොටසට දැන් ඕගොල්ලෝ දන්නවා කබලිංකාර ආහාරය, ජාතිය, චේතනාව කියන area එක තමයි අපි කතා කරන්නේ. එතකොට මේ area එක ඇතුළේ තියෙනවා අර කාමච්ඡන්දය තිබෙන්නා වූ කොටස කියන එක. දැන් එහෙම නම් මේ කාමච්ඡන්දය කියන්නේ මොකද්ද මේ රවුම් දෙකක් කරකවලා අපිට ඇති වෙනවා අර දෝමනස්ස සහගත ස්වභාවයක් ඇති වෙන්නේ.

ඉතින් අපි ඕක තේරුම් ගත්තා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ මේ ජරාවට පත් වෙන දේකට තිබෙන්නා වූ කැමැත්තක් කියලා. එහෙම නම් පළවෙනියෙන් ම පේනවා මේ ජරාවට පත් වෙන දේකට තියෙන කැමැත්තක් ඇති වෙලා තමයි ඔය අපිට ඕකෙන් අපි මේක ගන්නවා, රූපයක් ගන්නේ. අරගෙන අපි මෝහය කියන එක අපිට ඇති වෙනවා ඕක නිසා. ඉතින් ජරාවට පත් වෙන දේකට කැමති වුණා ම අපිට මෝහය ඇති වෙනවා කියන එක තියෙනවා නේ.

එතකොට දැන් මේ, අපි එහෙනම් පළවෙනි විරිය භාවිතා කරන්නේ අර රූපය ස්පර්ශ නොවෙන්න. ජරාවට පත් වෙන රූපය.

ඊළඟට දෙවනි විරිය අපි භාවිතා කරනවා, ඔය area 1 කියන එක ඕගොල්ලෝ දන්නවා නේ කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය කියන එක. ඒක නිසා area 4 කියන එක ඇති වෙනවා. එතන තියෙන්නේ මොකද්ද, වේදනාව, පරාමාසකායගන්ථය, භය අගතියට යනවා කියන කොටස. එතකොට area 1 නිසා area 4 ඇති වෙනවා. 4 එකේදි අපි දන්නවා අපි මේ පරාමාසයේ ඉඳන් පල්ලෙහාට යනවා අත්තා කියලා ගැනීම කියන එක කරනවා. මේ අත්තා කියලා කියන ගැනීම නිසා තමයි අර රූපය මගේ කියලා ගන්න ඒ උදව් උපකාර කරන ධර්මය. අර ජරාවට පත් වෙන රූපය මගේ කියලා ගන්න යන්නේ මේ අත්තා කියන කතාව නිසා. එතකොට ඔය අත්තා කියන කතාව ටිකක් පරිස්සමෙන් බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේ අත්තා කියලා ගන්න යන්නේ මොකද්ද මේ අපි මේ සුඛයි කියලා අර වේදනාව පරාමාසයට ඇදීමක්.

ඔය අවස්ථාව වෙනකොට අපි දන්නවා ඔය වේදනාව කියන එක අපි දැන් බලලා තියෙනවා ටිකක් ධර්මය ඉහළට ඔය 4.3 කියනකොට ඒ වේදනාව ජරාවට පත් වෙලා. ඒක නිසා අපිට ඇත්තට ම කියනවා නම් ව්‍යාධියකුයි ඇති වෙලා තියෙන්නේ. 4.2 වෙනකොට විඤ්ඤාණය මැරෙනවා. 4.3 වෙනකොට වේදනාව කියන එක අපි ජරාවට පත් වෙලා තියෙන්නේ. ඒක ලකුණු කරන්නේ රහතන් වහන්සේ ඔය ව්‍යාධිය කියන තැන ම යි.

එතකොට දැන් මේක තමයි මේ දැන් මේ පල්ලෙහාට අත්තා කියලා අපි ගන්නේ. එහෙම නම් දැන් අපිට පේනවා දැන් දෙවනි පාර අපි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? වේදනාවේ ජරාවට කියන එකටයි කැමති වෙලා තියෙන්නේ. දැන් මුලින් රූපයේ ජරාවට කැමති වුණා කාමච්ඡන්දය, දැන් වේදනාවේ ජරාවට කැමති වෙලා තියෙනවා. ඒක තමයි මේ අත්තා කියලා අරගෙන තියෙන්නේ.

දැන් ඊට පස්සේ ඒක තමයි උදව් උපකාර කරන්නේ අර රූපය මගේ කියලා ගන්න. ඒක නිසා අපි දැන් දෙවනි විරිය භාවිතා කරනවා මේ සඤ්ඤාව මගේ නොවෙන්න. අර සුඛයි කියලා බොරුවට ඇති වෙච්ච සඤ්ඤාවක් නේ ඒකෙන් නේ ඔය වේදනාව සුඛයි කියලා ඇවිල්ලා තියෙන්නේ. සත්‍ය වශයෙන් ම තියෙන්නේ ජරාවට පත් වෙච්ච වේදනාව.

දැන් ඊළඟට ආපහු අපිට එනවා ඔය area 1 එක නිසා area 6 කියන එක ඇති වෙනවා. Area 6 කියන එකේ තියෙන්නේ පරාමාසකායගන්ථය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, එතනින් මෝහ අගතිය කියන area එක. එතකොට ඔය 6 කියන area එකේ ධර්මය කොහොම ද flow වෙන්නේ කියන එක. එතන සංස්කාර කොටුවක් තියෙනවා නේ අර පල්ලෙහා. ඒ සංස්කාර කොටුවේ කොහොම ද ධර්මය flow වෙන්නේ කියන එක අපි බලනවා.

පළමුවෙන් ම දැන් අපි දන්නවා මේ වටයක් ගිය ගමන් අපි දන්නවා ඔය කාමේසු තිබ්බසාරාගය හරහා ඉදංසච්චයට එනවා කියලා විඤ්ඤාණයේ ධාරාව එතන ඒ සඤ්ඤාවක් චේතනාවේ ඉඳන් එනවා කියන එක තියෙනවා.

ඊට පස්සේ දැන් ඒක ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහා භය අගතිය දක්වා ගමන් කරන එකයි සිද්ධ වෙන්නේ, ඒ ගමන් කරන්න ඉස්සෙල්ලා ඒ මැද්දේ දී එයා එන්නේ අර පරිදේව වූ ඒ තැනට තමයි මේක නිකන් ලාමක වූ සඤ්ඤාවක් එච්චර හයියක් නෑ.

මේ සඤ්ඤාව පවත්වන්න නම් අර උද්ධච්චය මගින්, මෝහය නිසා ඒ උද්ධච්චය මං මේක maintain කරනවා කියලා අර මෝහ අගතියේ ඉඳන් ඒ සංස්කාර තියෙන කොටුවට එන්න ඕනෙ. එතකොට එතෙන්දි දැන් යම් ආකාරයකට මේ ධාරාව පවත්වා ගන්න ඇති වෙච්ච තත්වයක් තියෙනවා. හැබැයි මේක push කරන්න ඕනෙ කවුරු හරි, අර භය අගතිය දක්වා. ඒ push කරන්නේ අර චේතනාවේ ඉඳන්, මේ පරාමාසකායගන්ථයේ ඉඳන් ඒ පරිදේවය කියන තැනට එන්නා වූ එකෙන් තමයි push කරන්නේ. එතෙන්ට එන්නේ කොහොම ද?

එතෙන්ට එන්නේ, අර දැන් අපි සුඛයි කියලා වේදනාව ආවා පරාමාසයට එතනින් පල්ලෙහාට ආවා අත්තා කියලා. නේ ද? එතකොට මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා හරියට නිකන් මේ ලොකු bicycle රෝදයක් අපි මෙහෙම කරකවනවා උඩින් අල්ලලා, ඊට පස්සේ උඩින් අල්ලලා කරකවන්නැතිව මෙතන මේ hub එක ළඟින් පොඩ්ඩක් කරකවනවා වාගේ. ඒ කියන්නේ සුඛයි කියලා පරාමාසයට ආවා පරාමාසයෙන් පල්ලෙහාට අත්තා කියලා ගත්තා. මේකේ spin එකක් තියෙනවා.

මෙන්න මේකෙන් තමයි අරක පල්ලෙහාට, ඒ කියන්නේ අර පරිදේව කියන කොටුවට තල්ලු කරනවා කියන එක තියෙන්නේ. එතෙන්ට ආවා නම් තමයි මේ පල්ලෙහාට එන්නේ. එහෙම නම් දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ අවස්ථාව වෙනකොට ඒ භය අගතිය කියන තැනට අපේ විඤ්ඤාණය එතන ගලාගෙන ආවා නම්, මේක flow එක වුණා නම් අන්න ඒ වෙලාවේදි රහතන් වහන්සේ පෙන්නුවා මේක වෙන්නේ මේ එකොළහෙන් පස්සෙයි කියලා. එතෙන්දි පෙන්නුවා රහතන් වහන්සේ මේ සංස්කාර නිසා අත්තා වීමක් මේ අවස්ථාවේ දී සිද්ධ වෙනවා කියලා.

දැන් ඉස්සෙල්ලා අපි කිව්වා නේ ද රූපය මගෙයි කියලා ගන්න උදව් උපකාර වුණේ අර අත්තා කියන කතාව. වේදනාවත් එක්ක පල්ලෙහාට ගිහිල්ලා අත්තා කියන කතාව. දැන් වේදනාවත් එක්ක අත්තා කියලා පල්ලෙහාට ගන්න උදව් උපකාර වෙන්නේ මොකද්ද?

මේ සංස්කාරය නිසා අත්තා වීම. සංස්කාරය නිසා මේක අත්තා වීම. ඒ කියන්නේ අර bicycle රෝදය උඩින් කැරකෙව්වා අල්ලලා මේ පැත්තට. සංස්කාර කොටුවෙන් පල්ලෙහායින් කරන්නේ මොකද්ද? පල්ලෙහායින් ඒ පැත්තට තල්ලු කරනවා. මෙන්න මේ දෙක කිරීම නිසා තමයි අර මැද්දෙන් අත්තා කියන කතාව තියෙන්නේ. ඒක හරි fundamental එතන ඒ සිද්ධ වෙන ධර්මය තේරුම් ගන්නවා කියන එක. උඩින් එකයි, යටින් එකයි. මැද්දේ hub එක ළඟ කැරකෙනවා. අන්න ඒක නිසා තමයි මේ අත්තා වෙන්නේ.

එහෙම නම් අර දෙවනියට කිව්ව අත්තා කියන කතාව ඇති වුණේ, දැන් මුලින් අපි කතා කරේ රූපයක් ගැන, ඊට පස්සේ වේදනාව නිසා අත්තා වෙනවා, අර දෙවනි විරිය අපි භාවිතා කළේ අත්තා නොවෙන්න කියලා. ඒ අත්තා කියන කතාව ඇති වුණේ මොකක් නිසා ද? අර සංස්කාර අත්තා කියලා ගැනීම නිසා. දැන් හරි ලස්සනයි ඒ ධර්මය. එතකොට දැන් එහෙම නම් ඊළඟට පේනවා මේකේ මේ order එක කොහොම ද හැදෙන්නේ? ඔය සංස්කාරයෙන් අත්තා කියන එක ගන්නෙ?

එහෙම නම් අරගන්න ඕනෙ පල්ලෙහා තියෙන පරිදේවය ඇති වෙච්ච සංස්කාර කොටුවට. ඒකේ දැන් ඕගොල්ලන්ට පේනවා අර රූපය නිසා ඇති වුණ ධාරාව නේ ඉදංසච්චයේ ඉඳන් පල්ලෙහාට ආවේ පරිදේවය කියන තැනට. දැන් ඒකට support කරන දෙවනි කාරණය හැටියට ආවේ උද්ධච්චය, මේක maintain කරන්නේ නේ ද? ඉතින් අපි පහුගිය කාලේ ඉගෙන ගත්තා නේ මේ උද්ධච්චය නිසා මොකද්ද ඇති වෙන්නේ කියලා.

එතෙන්දි අපි ක්‍රම දෙකකට ඕක ඉගෙන ගත්තා නේ? ඕක අපි ඉගෙන ගත්තා එකක් තමයි අර කාම ආශ්‍රව නිසා, ඉද්ධිපාද එකේ අපි කරා නේ, කාම ආශ්‍රව, කාමය නිසා අපි ඇති වෙනවා කියලා කාමච්ඡන්දය නිසා දුස්සීලභාවය, දුස්සීලභාවයෙන් අර තපස්සි බුදුසීයා පෙන්නුවේ එතනින් අපි එනවා කියලා මේ ප්‍රඥාව, අනිත් පැත්තට අපි එනවා මේ අශ්‍රද්ධාව කියන එකට. එතන එහෙනම් අපිට තියෙනවා මිච්ඡා දිට්ඨිය කියන එක.

අනිත් අතට අපි ඉගෙන ගත්තා පහුගිය කාලේ ටිකක් ගැඹුරට, අර අපි දුස්සීලභාවයෙන් අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නුවේ, උද්ධච්චය කියන එක විසින් කරන්නේ මොකද්ද අර purple triangle එකයි ඒ red triangle එකයි ඒකෙන් අර තියෙන දුස්සීලභාවයක් තියෙනවා ද ඒක අර මිච්ඡා දිට්ඨියට එකතු කරනවා. එහෙනම් පළවෙනි කාරණේ හැටියට අපිට පේනවා මිච්ඡා දිට්ඨිය මගින් මේක පවත්වනවා කියන එක.

දෙවනි කාරණයට ඕගොල්ලන්ට පේනවා අර පරිදේව වූ තැනට ආවා නම්, අපි ඒ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් ඒ කාම ආශ්‍රවය කියන එකට අපි යනවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් පකප්ප පාර නේ ද? අර කප්පං කියලා අපි ගන්නේ අතන. ඒ ජාතියේ ඉඳන්, මේ වේදනාව ඉඳන් ඇවිල්ලා ඉන්නා වූ එක. ඒක අභ්‍යන්තරයේ අපි අර 50%ක් විතර වැඩ කරන්නා වූ පාර. ආන්න ඒ පාර දිගේ මේක සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව පාර කියන එක.

ඊළඟට ගත්තහම, දැන් බලන්න ඔය ධාරාව දැන් අපි ආවා නේ ද මේ භය අගතිය කියන තැනට. දැන් සංස්කාරය නිසා අත්තා වෙන එක භය අගතිය කියන තැනට මෙතෙන්ට ආවා කියන එක තියෙනවා. දැන් මෙතෙන්ට ආවා නම්, භය අගතියට ආවා නම් යන්නේ කොහෙද දැන්? දිට්ඨි අනුසය පාර නේ ද? දිට්ඨි අනුසය අර 40%ක් යනවා අපි කියලා කියන්නේ. දිට්ඨි අනුසය පාර දිගේ දැන් රූපයට මේක හොඳයි කියාගෙන එකතු වෙන්නා වූ දේ කියන එක තියෙනවා. ඒක තමයි එතකොට තුන් වෙනි එකට සිද්ධ වෙන්නා වූ දේ කියන එක.

එතකොට ඒ ආකාර තුනෙන් ම මේ සංස්කාරය, ඔය විදිහට මේ විඤ්ඤාණ ධාරාව ගලන්න සංස්කාරය විසින් උදව් උපකාර කරනවා අත්තා කියන එක වෙනවා කියන එක තියෙනවා. දැන් මෙතන, මෙතෙන්ට ආවාට පස්සේ දැන් හරි ලස්සනයි.

දැන් මෙහෙම වෙලා මොකද්ද අපිට ඇති වෙන්නේ? මේක නිසා අපිට ඇති වෙනවා මුසාව. මේ විදිහට මේක දුවන්න ගත්තහම දැන් ඉතින් මේ ලෝකේ මේක සැපයි, සුඛයි, කියලා ඒ කතාවක්. අර අඹ ගෙඩිය කාලා මං කියන කතාව කියන්නේ. අන්න ඒ සුඛයි කියන කතාව තමයි මෙයාට ඇති වෙලා තියෙන්නේ. එහෙම නම් මුසාව කියන එක තමයි ඇති වෙන්නේ කියන එක.

ආන්න එතෙන්දි රහතන් වහන්සේ කිව්වා “සාධු සාධු” කියලා ඒ මුසාවයි කියන එක, අර චතුරාර්ය සත්‍යට විරුද්ධව මේකේ අර මුසාව කියන එක. ඉතින් අපි දන්නවා ඉතින් පහළොස් වෙනි රවුම විතර වෙලා තමයි ඒක වෙන්නේ. ඉතින් අර එකොළහ පැනලා මේක මේ විදිහට මේ සිද්ධ වීගෙන යනවා කියන එක. ඉතින් ධර්ම කාරණා ටික බොහොම ගැඹුරුයි හැබැයි බොහොම, මුළු picture එක ම තියෙනවා ඒක ඇතුළේ.

ඒක තමයි මං කරපු භාවනාව.