Date: 24/12/2014 Name: Uddacca bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරනවා, නමස්කාරය වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට ඒ හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම අර ඊයේ භාවනාව ම යි නැවතත් කරගෙන ගියේ. ඒ ඊයේ භාවනාව ඉතාමත් ම කෙටියෙන් කියනවා නම් අර රූපය මගේ නොවෙන්න අපි විරියක් භාවිතා කරනවා. ඒ කියන්නේ අපි දැනගන්නවා මේ කාමච්ඡන්දය කියලා කියන්නේ අර ජරා වෙන රූපයකට තිබෙන්නා වූ කැමැත්තක් කියලා තේරුම් අරගෙන රූපය මගේ නොවෙන්න විරියක් භාවිතා කරනවා. එතකොට මේක මගේ කියලා ගන්න උදව් උපකාර කරන්නා වූ ධර්මය තමයි අර අත්ත සඤ්ඤාව. එතකොට එහෙම නම් area 4 එකේ කියන අත්තා කියලා ගන්නා වූ එක ඒක නොවෙන්න, ඒ අත්ත සඤ්ඤාව නොවෙන්න අපි ඒ විරියක් භාවිතා කළා.

ඊළඟට ඒ අත්ත සඤ්ඤාව ඇති වෙන්න උදව් උපකාර වෙන්නා වූ ධර්මය තමයි අර area 6 එකේ සංස්කාරයන් මගේ කියලා ගැනීම. එතකොට ඒ සංස්කාරයන් නිසා අත්තා වෙනවා, අන්න ඒක නොවෙන්න අපි සංස්කාර මගේ නොවෙන්න විරියක් භාවිතා කරනවා.

එතකොට සංස්කාර මගේ වෙන්නේ කොහොම ද කියන එක, ඒ වෙන්නේ අර විඤ්ඤාණ ධාරාව අර පරිදේව තියෙන ඒ කොටුවේ ඒක ගමන් කිරීමෙන් පල්ලෙහාට භය අගතිය දක්වා ඒමෙන් කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඒක සිද්ධ වෙන්න නම්, කාරණා තුනකින් එතන සිද්ධ වෙනවා.

එතකොට එක පැත්තකින් ගත්තහම අර, මේ විඤ්ඤාණ ධාරාව, අපිට අර උද්ධච්චය නිසා, ඒ කියන්නේ උද්ධච්චයෙන් තමයි maintain කරන්නේ. ඉදංසච්චයේ ඉඳන් පරිදේව වූ කොටසට අර ධාරාව යන්තන් ගලාගෙන ආවාට මේක පවත්වන්න, උද්ධච්චය නිසා ඇති වෙන්නා වූ එකෙන් තමයි support කරන්නේ කියන එක අපි ඉගෙන ගත්තා.

එතකොට ඔය අනිත් කාරණාව තමයි අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට දුවන එක. එහෙම නැත්තන් අර තුන් වෙනි කාරණයට පෙන්නනවා භය අගතියේ ඉඳන් අපි දිට්ඨි අනුසය පාරේ ගිහිල්ලා යන්නා වූ කියන එක. ඒක අපි ඊයේ බලලා තියෙනවා.

දැන් අද මං බැලුවේ ඔය පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ කියලා කියන්නේ උද්ධච්චය මගින් මේක maintain කරනවා කියන එක. ඇයි උද්ධච්චය මගින් මේක maintain කරන්නේ කියන එක. එතකොට මේක පල්ලෙහා සංස්කාරය වෙන්න නම් උඩ සංස්කාරය වෙන්න ඕනෙ. ඒක තියෙන්න ඕනෙ.

එහෙම නම් දැන් මේ උඩ සංස්කාරය මගේ කියලා ගැනීම නිසා තමයි මේ පල්ලෙහා මේ කතාව ඇති වෙන්නේ. අර අවූපසන්තචිත්තය එහෙම ඇති වෙන්නේ උඩ සංස්කාරය මගේ කියලා ගැනීම, එතෙන්දි මට එතන ප්‍රීතියයි ඒ ඔක්කොම ඒක දැනුණා, ඒකත් එක්ක. එතකොට ඒ උඩ සංස්කාරය මගේ කියලා ගන්නේ, මම ඒ කියන්නේ මම ඉස්සර කළා කියලා දැන් කරනවා. අන්න ඒ ආකාරයට තමයි මෙතන මේ පස්සෙ එක එන්නේ.

එතකොට සංස්කාරය මගේ කියලා ගත්තා නම් ඒ කියන්නේ සංස්කාරය ලාභයි කියලා ගත්තා. සංස්කාරය ලාභ නම් සාඨෙය්‍ය. එතකොට අපි දන්නවා අර අපි ඊයේ කරපු භාවනාව අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නා දීපු දේ, ලාභයි කියලා ගත්තා නම් අශ්‍රද්ධාවට යනවා. අශ්‍රද්ධාවට ගියා නම් උද්ධච්චයට යනවා. එතකොට උද්ධච්චයට ගියායින් පස්සේ අපි දන්නවා දෝමනස්සයට එනවා කියන එක. එහෙම නම් අර maintenance එකේ ම තියෙනවා පරිදේවයේ ඉඳන් සෝකය මෙතෙන්ට යන්න. හැබැයි අර දැන් එතන උද්ධච්චය ලකුණු කරපු තැන තියෙනවා නේ. ඒ උද්ධච්චය ලකුණු කරපු තැනට එනකල් ම දැන් ඒ කතාව කියන එක එනවා.

එතකොට අපි දන්නවා නේ මේ උද්ධච්චයෙන් තමයි maintain කරන්නේ කියලා අපි කලිනුත් ඕක අහලා තියෙනවා. අපි අර ඊයේ භාවනාවේදිත් ඕක පෙන්නුවා මේ විදිහට අර මෙත්තාව පවත්වන අවස්ථාවේ දී කියන එකෙන්. එතකොට මේ විදිහට මේ මේකෙන් මේ පැත්තට එනවා, අර steps එක හරහා තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක තමයි ඒ බැලුවේ. අර පෙර සංස්කාරයන් කියන එක නිසායි මේ කතාව, ඒක ඇති වෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් අද ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ නමකුත් හඳුන්වා දීමක් තියෙනවා. ඒ විශ්වාජිත් කියලා තමයි ඒ කියන්නේ විශ්වය ජය ගත්තා කියන එක නේ, ඒ කියන්නේ බුදුවරු 120 නමකින් බණ අහලා තියෙනවා ඒ බුදුපියාණන් වහන්සේ.