ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම භාවනාව පටන් ගත්තේ ඒ සම්මා දිට්ඨියෙන්. එතකොට ඒ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තහම අපි දන්නවා සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට එනවා කියලා. සම්මා සංකප්පයේ තියෙනවා නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. එතකොට අපි දන්නවා මේක මේ අලෝභ, අදෝස, අමෝහ කියන ඒ පාරවල්වල යන්නේ.
එතකොට සම්මා දිට්ඨියේ ගත්තහම සම්මා දිට්ඨිය තියෙනවා නම් අපි දන්නවා අර මණ්ඩලාධිපති බුදුපියා මේ New Zealand වලදිම පෙන්නුවා සම්මා දිට්ඨිය තියෙනවා නම් ප්‍රඥාව, ප්‍රඥාවෙන් අපි ශ්රද්ධාවට එනවා. එතකොට එහෙම එනවා නම් ඒ පාර දිගේ අර ආයතන භාවනාව 2 දි අපි කරලා තියෙනවා ඕක අභිජ්ඣා කියන එක වෙන්නේ නැහැයි කියලා.
එතකොට ඒ අභිජ්ඣා වෙන්නේ නැතුව ඔය පාර අපිට එතන ඒ ඡන්ද සමාධිය කියන එක එතන පවතිනවා කියන එක තියෙනවා. එතකොට ඉන්ද්රිය සංවරයන් අපි ඇති කරගන්නවා. ඉන්ද්රිය සංවරය තියෙනවා නම් අර රූපය අල්ලගෙන අපි ඉන්නේ නැහැයි කියන එක තියෙනවා.
එතකොට ඔය තත්වෙට පත් වුණා නම් ඉතින් ඒ ඡන්ද සමාධිය, ඉන්ද්රිය සංවරය, ඒ පාර අපිට එනවා මෙත්තාවෙන් අප්‍රමාණය කියන එක. එතකොට මෙත්තාව කියන එක අපි පැවතීම කියන එක තියෙනවා.
මෙත්තාව කියන එක තියෙනවා නම් දැන් එහෙනම් ආපහු ඉතින් අපි අර, දැන් සම්මා දිට්ඨියෙන් සම්මා සමාධිය දක්වා යම්කිසි කෙනෙක් ගමන් කරා නම් ඒක නිසා එයාට ආපහු මේ සම්මා දිට්ඨියට නැවතත් එනවා. එතකොට ඒ විදිහට ගිහිල්ලා අපිට පේනවා මේ විමංසාව දක්වා අපි ගමන් කරනවා කියන එක. ඉතින් එතන සම්බන්ධතාවය ඕගොල්ලන්ට පේනවා අර ඉද්ධි diagram එකේ පෙන්නනවා නේ මෙත්තාව තියෙනවා නම් අපිට තියෙනවා මේ, දෙවනි පාර දිගේ යන්නෑ, ද්වේෂ වෙන්නෙ නෑ, චිත්ත සමාධිය පවතිනවා, චිත්ත සමාධිය එහෙම පැවතිලා ඒකෙන් විමංසාවට එනවා, විමංසාවෙන් අපි එනවා ආපහු මේ විරිය සමාධියට.
එතකොට විරිය ඉද්ධිපාදය කියන එකට ආවායින් පස්සේ අන්න එතෙන්දි අපි අර තුන් ආකාර වූ විරිය භාවිතා කරනවා. රූපය ස්පර්ශ නොවෙන්න විරියක්, ඊළඟට ඒ භාවනාව අපි ගැඹුරට කළා ඊයේ, එහෙම බැලුවහම ඒකේ පෙන්නන්නේ රූපය ස්පර්ශ වෙනවා විතරක් නෙවේ, දැන් එතෙන්දි විරිය ඉද්ධිපාදයට ආවොතින් අපි, අපි අර මෙත්තාව එහෙම පැවැත්තුවේ රූපය නිසා වෙන්නා වූ හානිය කියන එක නැති කරගන්න.
එතකොට ඒ රූපය ස්පර්ශ නොවෙන්න විරියක් භාවිතා කරනවා. ඒ රූපය ස්පර්ශ නොවෙන්න විරිය භාවිතා කරන්න උදව් උපකාර වෙන්නේ අර අත්තා කියලා ගන්නේ නැති එක. අත්තා කියලා අර 5 එකේදි අත්තා කියලා ගත්තොතින් ඒ අත්ත සඤ්ඤාව නිසා අපිට පෙන්නනවා අපිට රූපය ආපහු ඕනෙයි කියන එක අර්ථයට ඇවිල්ලා තියෙනවා.
එතකොට රූපය ස්පර්ශ නොවෙන්න නම් අර අත්ත සඤ්ඤාව කියන එක නොවෙන්න ඕනෙ. අර area 1 නිසා area 4 ඇති වෙලා ඒක ඕගොල්ලෝ පස්සෙ අහන්න. ඒකේ පෙන්නනවා මේ අත්ත සඤ්ඤාව නිසායි මේ කතාව ඇති වෙන්නේ.
ඊළඟට ආපහු පේනවා ඔය අත්ත සඤ්ඤාව කියන එක නිකන් නෙමෙයි අපිට ඇති වෙන්නේ. අත්ත සඤ්ඤාව ඇති වෙන්නේ, ඒ කියන්නේ අර සුඛය පරාමාසයට ගිහිල්ලා පල්ලෙහාට යනවා අපි 5A කියලා එහෙම කියන්නේ අත්ත සඤ්ඤාව.
මේක ඇති වෙන්නේ මේ සංස්කාරයන් මගේ කියලා ගැනීම නිසා. ඒක, මොකද ඔය අත්ත සඤ්ඤාව ඇති වුණායින් පස්සේ ඔතනදි ඔය, ඒක හරියට නිකන් මේ රෝදයක් උඩින් අල්ලලා කරකවනවා, එතකොට මේ රෝදේ කැරකෙනකොට මැද්දේ hub එක කැරකෙනවා නේ. ඒ hub එක තැන තියෙන කැරකෙන එකේ වගේ කතාව තමයි සුඛයි කියලා මේ පැත්තට ආවා පල්ලෙහාට ආවා. ඔන්න hub එක ළඟින් කැරකීමක් තියෙනවා. ඕක නිකන් නෙමේ සිද්ධ වෙන්නේ අර උඩිනුත් කරකවනවා රූපය අල්ලගෙන, යටින් කරකවනවා සංස්කාරත් එක්ක. ඒක අපි ගැඹුරට බැලුවා මේ සංස්කාර මේ පල්ලෙහා පරිදේව වූ කොටුවට, පල්ලෙහා තියෙන සංස්කාරයට අර මුලින් එන්නා වූ ධාරාව එනවා. ඊට පස්සේ ඒක ඉදංසච්චයේ ඉඳන් එනවා ඒ පරිදේව වූ සංස්කාරයට.
මේක පවත්වනවා අපේ උද්ධච්චය මගින්. මෝහය මගින් මෝහයේ ඉඳන් පරිදේවයට එනවා. ඒක උද්ධච්චය විසින් පවත්වන්නේ. එතකොට ඊළඟට මේ value එක තාම weak මේක push වෙන්නේ, අර hub එක ළඟින් කරකවලා එන්නා වූ ඒ කතාව තියෙනවා නේ. එතනින් එනවා නේ පරාමාසයට ඇතුල් වෙලා පරාමාසයේ ඉඳන් එන්නා වූ එකෙන් තමයි මේ value එක push කරන්නේ භය අගතිය දක්වා ගමන් කරනවා.
එතකොට මේ වෙලාවේදි රහතන් වහන්සේ කිව්වා “මෙන්න මේ විදිහට තමයි මේ සංස්කාර නිසා අත්තා වෙන්නේ” කියලා. එතකොට දැන් මේ සංස්කාර නිසා අත්තා වුණායින් පස්සේ ඒක උදව් උපකාර වෙනවා අර අපි ඉස්සෙල්ලා ගත්ත අත්තා. ඒ කියන්නේ අර මේ උඩින් bicycle ring එකේ කැරකෙව්වා, උඩින් ඇල්ලුවා. ඊට පස්සේ මේ යටින් අල්ලලා මේ පැත්තට ආපහු ඒ පැත්තට ම යන්න ළමයි කරනවා නේ උඩින් එකයි යටින් එකයි නේ ද?
එතකොට මේකේ මැද්දේ එක කැරකෙනවා කියන එක තියෙනවා. දැන් එතකොට මෙතන මේ විරිය ඉද්ධිපාදය එහෙම නම් අපිට පේනවා මෙතනදි මේ භාවිතා කරන්නේ ඔය තුන් වෙනි පටිපදාවේ තියෙන විරිය ඉද්ධිපාදය, අර මෙහෙන් භය අගතියට එන්නා වූ සංස්කාරය අල්ලාගෙන නොහිටීම කියන එකට. එතකොට එහෙම නම් විරිය 3, රූපය ස්පර්ශ නොවෙන්න විරියයි, ඊට පස්සේ අර අත්තා කියලා අරගෙන ඒ කියන්නේ සඤ්ඤාව මගේ නොවෙන්න විරියක්, අර සංස්කාරය මේ පැත්තෙන් එන්නා වූ එක නොවෙන්න විරියක් කියන එක තමයි මේකේ භාවිතා කරන්නේ.
එතකොට මේ විදිහට තමයි ඒ ධර්මය බොහොම ලස්සනට දැන් පැහැදිලි වෙනවා සම්මා දිට්ඨියේ ඉඳන් දෙපැත්තට ගිහිල්ලා අපි එන හැටි, පථ දෙකක ගිහිල්ලයි එන්නේ එතන. එතකොට complete වෙනවා එතකොට ඒ සම්පූර්ණ එක. ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්