ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට හත් නම, දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම, අපි ඊයෙත් පෙන්නුවා මේ භාවනාව. අපි දන්නවා දැන් ලෝභය කියන එක ඇති වෙන එක ඒ කාමච්ඡන්ද කොටස, කාමච්ඡන්දය කියලා කියන්නේ මේ ජරාවට පත් වෙන්නා වූ දේකට තිබෙන්නා වූ කැමැත්ත. ඉතින් මේක නිසා මේ area 1 කියන එකේ ඕක තියෙන්නේ. එතකොට අර රූපය මගේ නොවෙන්න අපි විරියක් භාවිතා කරන්න ඕනෙ.
ඊට පස්සේ දෙවනි විරියකට අපි එනවා, ඒ මගේ කියලා ගන්න උදව් උපකාර වෙන්නේ ඒ අත්තා කියන සඤ්ඤාව. එතකොට ඔය අත්තා කියන සඤ්ඤාව area 4 එකේ, ඒ කියන්නේ වේදනා, පරාමාස, භය අගති කියන කොටසට area 4 කියනවා එතන අපි පල්ලෙහා අත්තා කියලා ගැනීමක් කියන එක සිද්ධ වෙනවා.
එතකොට ඒ අත්ත සඤ්ඤාව මගේ නොවෙන්න අපිට විරියක් තියෙන්න ඕනෙ. ඊළඟට ඔය සංස්කාර, දැන් ඔය area 1 එක නිසා area 6 කියලා ඇති වෙනවා. ඒ කියන්නේ පරාමාස, ඉදංසච්ච ඒ වගේ ම මෝහ අගති කියන area එක. එතකොට එතන සංස්කාර කියන එක මෙහෙම පල්ලෙහා පරිදේව වෙච්ච කොටුවක් නේ තියෙන්නේ. ඒකෙන් උඩින් එන්න ඕනෙ ඉදංසච්චයේ ඉඳන් මේ පරිදේවය කියන තැනට.
ඊට පස්සේ ඒ අගය පවත්වන්න දැන් මෝහයෙන් එන්නා වූ අගය, ඒක වතුර පාරක් වගේ හිතන්න මේක, දුර්වල වෙච්ච වතුර පාරක්. මේක පවත්වන්න නම් අර මෝහයෙන් එන්නා වූ අගයත් එන්න ඕනෙ. ඉතින් ඒක කරන්නේ උද්ධච්චය මගින්. එතකොට ඊට පස්සේ මේක තාම weak. මේක පල්ලෙහාට තල්ලු කරන්න පරාමාසයේ ඉඳන් පරිදේවයට එන්නා වූ ඒ අගය එන්න ඕනෙ. ඒක අර රෝදය කැරකවීම නිසා එන්නා වූ අගය.
එතකොට මේක එනවා නම් තමයි සංස්කාරය ඔන්න භය අගතිය කියන කොටසට එන්නේ. එතකොට ඔතෙන්ට ආවොතින් කාරණා තුනකින් තමයි ඔතන flow වෙනවා කියන එක පේන්නේ, සංස්කාරය අර භය අගතිය දක්වා යන එක. ඒකෙ පළවෙනි කාරණාව තමයි මිච්ඡා දිට්ඨිය කියන එක. ඒක උද්ධච්චය නිසායි ඒ මිච්ඡා දිට්ඨිය.
ඊළඟට දෙවනි කාරණේට තියෙනවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යෑම කියන එක. තුන් වෙනි පාරට තියෙනවා භය අගතිය දක්වා ආවා නම් දැන් දිට්ඨි අනුසය පාර දිගේ ගමන් කරනවා කියන එක.
එතකොට එහෙම නම් අපිට පේනවා මේ සංස්කාරය කියන එක ඔය විදිහට දුවන්න නම් ඔය කාරණා 3 උදව් වෙනවා කිව්වහම, අපි යට පැත්තෙන් දෙයාකාරයකින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දිට්ඨි අනුසයෙන් ආවා, දිට්ඨි අනුසයෙන් ආවා නම් ඒක wiper එක වාගේ අවිද්‍යා අනුසයට එකතු කිරීමකුත් තියෙනවා, ඊට පස්සේ මේ පකප්ප පාර කප්ප පාර, ඒ කියන්නේ ජාතියේ ඉඳන් වේදනාවට එනවා. භය අගතියේ ඉඳන් වේදනාව, දැන් values දෙකක් මෙතනින් එනවා. දැන් මොකද වෙන්නේ, දැන් උද්ධච්චය කියලා කියන්නේ මොකද්ද?
උද්ධච්චය කියලා කියන්නේ රෝගී සඤ්ඤාවක් මගේ කියලා ගැනීම තමයි උද්ධච්චය කියන්නේ. රෝගී සඤ්ඤාව මගේ කියලා ගත්තා කියලා කියන්නේ එහෙම නම් අපිට තියෙන්නේ මිච්ඡා දිට්ඨියක්. එතකොට මිච්ඡා දිට්ඨියක් තමයි මෙතන තියෙන්නේ. එහෙම නම් මේ මිච්ඡා දිට්ඨිය දැන් හැදෙන්නේ කොහොම ද? ඒ මිච්ඡා දිට්ඨිය හැදෙන්නේ දැන් මං කිව්වා පාරවල් දෙකකින් අර වේදනාවට ඇවිල්ලා ඒකේ ධම්මමච්ඡරිය හරහා චේතනාවට එනවා. එතකොට මෙන්න මේ flow එකට මං රහතන් වහන්සේගෙන් ඇහුවා ම, මේක විතරක් නෙමෙයි මේකට එකතු වෙන්න ඕනෙ සඤ්ඤාව.
එතකොට මේ සඤ්ඤාව එකතු වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේකේ ඇත්තෙන් ම කියනවා නම් මේ රෝගී සඤ්ඤාවක් තමයි මේකට එකතු වෙන්නේ. එතකොට අර මිද්ධ වෙච්ච සඤ්ඤාවක්. මිද්ධ වෙච්ච සඤ්ඤාව එකතු වීමෙන් තමයි මේක හැදෙන්නේ.
ඉතින් එතකොට අර පේනවා මතක ද අපි බැලුවා කඞ්ඛී විචිකිච්ඡති කියලා කිව්වේ. කඞ්ඛී කියලා කියන්නේ දැන් මෙතන මේ භය අගතියේ ඉඳන් අතන වේදනාවට එන එකේ තමයි ඒ කඞ්ඛී කියන එක තියෙන්නේ.
එතකොට මෙයාට ප්‍රශ්නේ තියෙන්නේ මේ පරිදේව වෙච්ච සංස්කාරයන් නැවත සෑදිය හැකි ද? සෝක නොවන්නේ ද? එතකොට සෝක නොවන්නේ දැන් මතක ද ඔය සීල සූත්‍රය එහෙම අපි ලියනවා නේ මේක මේ සෝක කරන සඤ්ඤාව කියලා නේ ද? ඒ සඤ්ඤාව තමයි දැන් රෝගී වෙලා තියෙන්නේ. මිද්ධ භාවයට පත් වෙලා එයයි අර කතාවයි. මේ ඒ කියන්නේ විඤ්ඤාණයේ ධාරාව, මේ සංස්කාර මේ විදිහට flow වීම මගින් පැවතෙන්නත් ඕනෙ, අතන රෝගී සඤ්ඤාව එකතු වෙන්නත් ඕනෙ.
ආන්න ඒකෙන් තමයි මිච්ඡා දිට්ඨිය. ඉතින් ඒක නේ අර මං කියන්නේ මිච්ඡා දිට්ඨිය කම්මැලියාගේ කතාව කියලා. කම්මැලියාගේ තමයි මෙතන මේක, ඒක තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.