ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට නමස්කාර කළා, ඒ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම මේ භාවනාව කළේ කලින් කරපු භාවනාවක් තියෙනවා මේ දුක්ඛ නිරෝධ භාවනාව කියලා. අගෝස්තු මාසේ 10 වෙනිදා කරලා තියෙන්නේ. ඒකෙදි මම සිහි කළා මේ මුළු පටිච්චසමුප්පාදය ම කියන එක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැති වෙනවා නම් ඔය පටිච්චසමුප්පාදය නැතෙයි කියන එක.
එතෙන්දි එනවා නේ අපිට අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ අර රෝගී සඤ්ඤාව මගේ යැයි කියලා අරගෙන තමයි මේක ඇති වෙන්නේ. එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් අපි එනවා කාම ආශ්‍රවයට. එතකොට ඒකට යන්න support කරන්නේ අපේ විචිකිච්ඡාව. ඉතින් මේ අවස්ථාවේ දී මං බැලුවා මේ විචිකිච්ඡාවේ සමුදය කියන එක මොකද්ද කියන එක. ඉතින් ඒකේ සමුදය තමයි ථීනමිද්ධයයි කුක්කුච්චයයි කියන එක. එතකොට, ඒ ථීනමිද්ධය නිසා මෙතන මේ සැකයට එන්නේ.
දැන් මෙතෙන්දි මම කල්පනා කළා මේ කලින් කරපු භාවනාවක තියෙනවා ඔය ථීනමිද්ධ අවස්ථාවේ දී, ඔය bell shaped curve එකක නේ ඔය විඤ්ඤාණය කියන එක හටගන්නකොට මෙහෙම bell shaped curve එකක points දෙකක් හැටියට එන්නේ ඔතන. මුලින් A කියලා එනවා bell shaped curve එකේ වම් අත පැත්තේ, ඒක අර දකිනකොට ම ඇති වෙන්නා වූ එක. එතකොට මේ ධාරාව ගැලීමක් කියන එක සිද්ධ වෙනවා අර උඩ peak point එකට යනවා නම් තමන්ගේ කාරණාවත් එක්ක ගළපලා බලනවා. Dust එකත් එක්ක.
එතකොට මේක, ථීනමිද්ධ අවස්ථාවේ දී ඔය A යි B යි කියන points දෙක හරි ම ළඟයි. තමන්ට තීරණයක් ගන්න බැරි අවස්ථාවක්. උදාහරණයක් තමයි අපි හිතමු අපි shirt එකක් ගන්න යනවා, ඒ shirt එක තමන්ට ගැළපෙනවා ද කියලා sure එකක් නෑ. ඉතින් අර ඒ වෙලාවෙදි අර තමන් දන්නෙත් නැති අර එතන වැඩ කරන මනුස්සයා shop assistant ඒ මනුස්සයා කියනවා මහත්තයාට ඕක ගැළපෙනවා කියලා.
එතකොට මේ මනුස්සයා ගැන trust එකකුත් නෑ. නමුත් අපි අරක අරයාගේ වචනයෙන් හරි push කරලා ගන්නවා 2nd opinion එකක් count කරලා හරි ගන්නවා කියන එක තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ දී එහෙම නම් අපේ විඤ්ඤාණ ධාරාව ගලනවා.
අනිත් අතට ගත්තහම දැන් මේ මනුස්සයා ගැන අපේ trust එකක් නෑ නේ. දැන් ගෙදර යන ගමන් කල්පනා කරනවා මේක මේ wife මොනවා කියයි ද දන්නෙ නෑ, ළමයි මොනවා කියයි ද දන්නේ නෑ මේකෙ, ආදී වශයෙන් මේක මේ මට ගැළපෙනවා ද කියලා මේ sure එකකුත් නෑ ඒක නිසා කුක්කුච්චයකුත් තියෙනවා ගත්ත දේ ගැන.
දැන් එතකොට ඔතන එහෙම නම් අපිට එනවා ඒ සැකයේ අවස්ථා දෙකක්. ඒ එක සැකයක් මේ diagram එකේ පෙන්නන්නේ මිච්ඡා දිට්ඨියෙන් අපි එනවා මේ ඉදංසච්චයට, ඒ ඉදංසච්චයේ ඉඳන් විචිකිච්ඡාවට ආවා එතන අවිද්‍යා ආශ්‍රවය කියලා අපිට ලියන්න පුළුවන්.
අනිත් අතට ගන්න පුළුවන් මිච්ඡා දිට්ඨියෙන් පරාමාසය, එතන විචිකිච්ඡාව. ඒ විචිකිච්ඡාව, දැන් විචිකිච්ඡා දෙකක් ලිව්වා. මේ විචිකිච්ඡාව ඇවිල්ලා කාම ආශ්‍රවය නිසා ඇති වෙන්නා වූ විචිකිච්ඡාව. මේ කාම ආශ්‍රවය වෙන්නේ කොහොම ද?
අර ඉදංසච්චයට ගියා වූ value එක මේ කුක්කුච්චය හරහා, දැන් shirt එක අරගෙන ඉවරයි නේ. කුක්කුච්චය හරහා පරාමාසයට ඇවිල්ලා තියෙනවා. මෙයාගේ තියෙනවා යම් ආකාර වූ, මේ දේ මට සුඛයක් තියෙනවා කියලා මේ shirt එකේ. දැන් අර මනුස්සයාත් කිව්වා නේ ගැළපෙනවා කියලා.
එතකොට එතනින් ආපු value එක තමයි මේ තියෙන්නේ. මේ විචිකිච්ඡාව රහතන් වහන්සේ කියනවා මේ කාම ආශ්‍රව නිසා ඇති වුණා වූ විචිකිච්ඡාව හැටියට බලන්නෙයි කියලා. එතකොට දැන් ඔය භාවනාව මම කරලා තිබුණේ.
ඉතින් මෙතන මේ කාම ආශ්‍රව කියලා කියන්නේ මොකද්ද මේ? පසු සඤ්ඤාවක් නේ. ඒ කියන්නේ සුඛයි කියලා ගත්තාට පස්සේ ඇති වෙන්නා වූ පසු සඤ්ඤාව. එහෙනම් මෙතෙන්දි කාම ආශ්‍රව ලිව්වාහම ඕගොල්ලෝ බලන්න, දැන් කාම ආශ්‍රව ඉස්සෙල්ලත් ලියලා තියෙනවා අපි සුඛයි කියලා ගත්තහම දෙවනි පාරෙ, පසු සඤ්ඤාව, කාම ආශ්‍රවය කියලා කියන්නේ.
ආපහු පේනවා, මෙතෙන්දි කාම ආශ්‍රවය කියලා කියන්නේ මේ සුඛයි කියලා ගත්තහම පසු සඤ්ඤාව, හැබැයි මේක ඇවිල්ලා තියෙන්නේ අර, ඒ කියන්නේ පරාමාස වුණාට පස්සේ. අන්න ඒ වෙනස තමයි තියෙන්නේ. හැබැයි මේකත් කාම ආශ්‍රවය තමයි. පරාමාස වුණාට පස්සේ, සුඛය පරාමාස වෙලා.
දැන් එතකොට ඕකේ අපි දන්නවා නේ තවත් අවස්ථාවක්. අට වෙනි රවුමෙන් පස්සේ අපිට තියෙනවා දිට්ඨි ආශ්‍රවය. අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයත් ඇති වෙනවා. ඒකත් එන්නේ මෙතැනට නේ. මේක පල්ලෙහාට ම තමයි මෙතන්ට එන්නේ. දැන් මං ඔන්න ඔය දෙක සසඳලා බැලුවා මෙතන දැන්. දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රවය අවස්ථාවේ දී අපි දන්නවා ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා වුණත් එයත් වැඩ කරන්නේ එතනින් දිට්ඨි සල්ලයට ගියා, සඤ්ඤාව අල්ල ගත්තා. එයා ඒක කරකවනවා.
එතකොට එයා මේ පැත්ත ගැන කතා කරන්නේ නැතුව. දැන් එහෙනම් මෙතන මේ දෙක අතර තමන්ට තේරෙනවා මේ වෙනසක් එහෙම තියෙනවා කියන එක. ඒ වෙනස තමයි, ඔයාට පේනවා මේ කාම ආශ්‍රව කතාවේදි අපි එක වෙලාවකට රූපය අල්ලගෙන ඉන්නවා. තව වෙලාවකට ගත්තහම මේ තත්වයට පත් වුණා ම ඒ පුද්ගලයා මේ වේදනාව අල්ලගෙන ඉන්නවා. එහෙම නම් එයාගේ range එකේ හැටියට තියෙන්නේ පළවෙනි ධ්‍යානයේ ඉඳන් හය වෙනි ධ්‍යානය දක්වා. ඇයි වේදනාවක්, වේදනාව පරාමාස වෙලා ඇති වුණා, එතන මේ කාම ආශ්‍රවය කිව්වා නම් ඒ විචිකිච්ඡාවට යටින් ලියන කාම ආශ්‍රවය, හය වෙනි ධ්‍යානය දක්වා range එකක් තියෙනවා කියන එක තියෙනවා.
අනිත් අතට ගත්තහම දිට්ඨි ආශ්‍රව කතාවේදි ඒ එයාගේ තියෙන්නේ මොකද්ද? සඤ්ඤාව අල්ල ගෙනයි එයාගේ එතන තියෙන්නේ. එතකොට එයාගේ range එක වෙන්නේ හත් වෙනි ධ්‍යානයයි අට වෙනි ධ්‍යානයයි කියන එක.
අන්න එතෙන්දි රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා. මේ දෙක දෙපැත්තට ඒක දැකීම. අර රූපය අල්ලගෙන ඉඳීම එක කතාවක්. රූපය නිසා ඇති වුණා වූ යම්කිසි වේදනාවක්, ඒක අල්ලාගෙන ඉඳීම මේ මෙතන මේ කාම ආශ්‍රව කතාව දක්වා එනවා. දැන් ඒ කියන්නේ විචිකිච්ඡාවට යටින් ලියන කාම ආශ්‍රවය දක්වා තමන්ගේ එනවා. එතකොට හය වෙනි ධ්‍යානය දක්වා යනවා.
අනිත් අතට ගත්තහම අර දිට්ඨි ආශ්‍රවය දැන්, එයා රූපය ගැන කතා කරන්නේ නෑ. වේදනාව ගැන කතා කරන්නෑ හැබැයි වේදනාව නිසා ඇති වුණා වූ සඤ්ඤාව තියෙනවා නේ. තේරුණා ද? අර කෑලි දෙක නෑ. වේදනාව නිසා ඇති වෙච්ච සඤ්ඤාව ගැන අල්ලගෙන මෙයා කරකවනවා. ඉතින් ඕක නේ රහතන් වහන්සේ කියන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් රූපය ස්පර්ශ කරනවා. එයා ස්පර්ශ කරන්නේ සියුම්ව. ඒ සියුම්භාවයේ තියෙන්නේ මොකද්ද?
රූපය නෙමේ. දැන් ඕගොල්ලන්ට මං කිව්වේ, අඹ ගෙඩිය කනකොට ඔන්න වේදනාව ඇති වුණා. වේදනාව ඇති වෙලා, ඊට පස්සේ දැන් ඕකට පුරුදු වුණා. පුරුදු වෙලා දැන් වේදනාව පරාමාසයට එහෙම ගිහිල්ලා තියෙන්නේ. දැන් ඊට පස්සේ කියනවා මට මේ විදිහේ වේදනාවක්, මේ අඹ ගෙඩිය නැති වුණත් කමක් නෑ මේ විදිහේ වේදනාවක් තියෙනවා නම්.
එතකොට අර වේදනාව නිසා යම්කිසි සඤ්ඤාවක් තියෙනවා නේ, නේ ද? අන්න ඒ සඤ්ඤා කෑල්ල අල්ලගෙන එයා ඉන්නවා. එතකොට එයාගේ කතාවේ, සම්පූර්ණ නෑ. එයාගෙ කතාවේ මේ රූපයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වෙච්ච කතාවක් නෙමේ.
අරක නිසා ඇති වුණා වූ යම්කිසි හැඟීමක්, අන්න ඒක අල්ල ගෙනයි එයා ඉන්නේ. ඒක නේ අර “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” කියලා කිව්වහම, රූපයක් නැත්තන් මෙතන ස්පර්ශයක්වත් නැහැයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක ගැඹුරට පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.