එතකොට ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ, පළවෙනි, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හත් නම, දාහතර නම සිහි කරලා වැන්දා.
එතකොට අපි කලින් කරලා තියෙනවා මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන භාවනාවක්. ඒක මේ ජූලි 8, 2014. ඒක නැවතත් කරන්නයි කියලා රහතන් වහන්සේ මට භාවනාවට පෙර ම දැනුම් දුන්නා. ඒකේ පෙන්නන්නේ මේ මනවඩනා රූපයෝ තියෙනවා, මනවඩනා මේ ධර්මයෝ අභිනන්දනා කරනවා නම් පරිහානිය යැයි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා.
ධර්මය අභිනන්දනා කිරීම කියන එක අට වෙනි රවුමෙන් පසුව තමයි ඒක වෙන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් එතෙන්දි අපි දන්නවා ඔය අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට එහෙම යනවා කියන එක. ඉතින් ඒකේ අපි දන්නවා මේක ඇති වෙන්නේ කොහොම ද මේ වේදනාවෙන් චේතනාවට, චේතනාවෙන් අවිද්‍යා ආශ්‍රවයට, අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි සල්ලයට ආවා, දිට්ඨි සල්ලයෙන් සඤ්ඤාව. ඒ විදිහට තමයි යන්නේ.
එතකොට දැන් ඔය අවිද්‍යා ආශ්‍රව වෙන්න පෙර කාම ආශ්‍රව එහෙම කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ 4.4න් පස්සේ අපිට ඒක සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අපිට භව ආශ්‍රවය ඇති වෙලා තියෙන්නේ. මේකට අනතුරුව තමයි දිට්ඨි ආශ්‍රව. ඊට පස්සේ අවිද්‍යා ආශ්‍රව සිද්ධ වුණා.
දැන් මේ ධාරාව ගලනවා. එතකොට මේ රෝදය කියන එක කැරකෙනවා. එතකොට, කැරකෙන්නා වූ රෝදය අපි තණ්හාව ලෙස සලකන්න ඕනෙ. අවිද්‍යා ආශ්‍රව වීම, කාම ආශ්‍රවවලින් තමයි සිද්ධ වුණේ. 4.4ට වෙලා ඒක අවිද්‍යා ආශ්‍රවයට කියන එකට අපි ආවා. එතකොට දැන් අවිද්‍යා ආශ්‍රව නිසා දැන් කැරකෙන්නා වූ රෝදය තියෙනවා නේ. ඒ කැරකෙන්නා වූ රෝදය ගලන්නා වූ ධාරාව පැවැත්වීම කියන එක කාම ආශ්‍රව සහ අනෙකුත් ආශ්‍රවවලින් සිද්ධ කරනවා.
එතකොට මේකේ චලනය, motion, වායෝ ධාතුව ලෙස සලකනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවය ඇති වුණා. ඊට පස්සේ අවිද්‍යා ආශ්‍රව නිසා මේක දැන් කැරකෙනවා. මේ කැරකෙන රෝදෙට දැන් තවත් කරකවන්න කාම ආශ්‍රවය දැන් ඔන්න අවිද්‍යා ආශ්‍රවයට ආපහු එකතු වෙනවා. පේනවා ද මේ රැල්ල තියෙන එක උඩට තවත් වෙනවා කියන එක තියෙනවා.
ඉතින් මේක නිකන් කෙනෙකුට හිතාගන්න පුළුවන් අපි හිතමු මේ රෝදයක් තියෙනවා. ඒ රෝදයට උඩින් මෙහෙම ජලය වැටෙනවා. ඒ ජලය වැටුණහම, ඒ ජලය වැටිලා අපි හිතමු මේ පැත්තේ, රෝදය දකුණු අත පැත්ත මෙහෙම block කරලා නම් තියෙන්නේ, එතකොට අර වතුර ටික එක්කහු වුණහම ඒ වතුර ටික නිසා මේ පල්ලෙහායින් රෝදය ආපහු push කරනවා නේ, යන්නෙයි කියන එක.
එතකොට දෙපැත්තකින් මේක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ජලය වැටීම කියන එක කැරකවීමට හේතුව ප්‍රත්‍යය වෙනවා. එකතු වෙන ජල ධාරාව, ඒ කියන්නේ සංස්කාර නිසා එම කැරකීමට උදව් උපකාර කරනවා.
රෝදය කියන එක අපි පඨවි ධාතුව ලෙස ගන්න. ජලය කියන එක ආපෝ ධාතුව. අර උඩිනුත් අදිනවා නේ. අර cohesion කියලා කියනවා නේ attraction force එක නේ ද අර අතන වතුර ටික වැටුණා ඒක ඇදගෙන යන ඒවා නිසා නේ. නිකන් යකඩ කෑල්ලක් වැදුණාට ඕක ටාං ගාලා පැත්තකට යනවා, වතුර එකත් එක්ක ඒක අදිනවා කියන එක තියෙනවා.
එතකොට ජලය වැටීම නිසා කැරකීම සිද්ධ වෙනවා. මේකේ වේදනාවක් හටගැනීමක් ඇති වෙනවා ද, මේ රෝදය කැරකුණහම වේදනාවන් හටගැනෙනවා නේ.
අන්න ඒක තේජෝ ධාතුව කියලා ගන්න පුළුවන්. ඉතින් “සාධු” කියනවා ඇහුණා මට ඒ වෙලාවේ. මේ විදිහට ධාතු 4ම සම්බන්ධ වුණා.
ඒ කියන්නේ රෝදය කියන එක පඨවි ධාතුව, චලනය කියන එක වායෝ ධාතුව, අර ජලය තමයි ආපෝ ධාතුව, ඒ ජලය වැටීම නිසා කැරකිලා ඒක සිද්ධ වෙනවා, ඒ වේදනාව කියන එක තේජෝ ධාතුව කියලා ගත්තා.
දැන් රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා. එතකොට මේකේ ධාතු, ධාතු වශයෙන් දන්නවා නම් දක්නේ නම් ඒ සමතික්කම විභූතිය දක්වා යනවා කියලා මට එතනදි පෙනුණා. ඒකෙදි පළවෙනි වශයෙන් ධාතු වශයෙන් දැනගන්නවා.
ඒ ඥාත විභූතිය මගේ යැයි කියලා නොගැනීම කියන එක කරනවා, ධාතු වශයෙන් දැනගෙන. දෙවනි කාරණාවේදි මේක මේ කැරකවීම කියලා දැනගෙන, අනිත්‍ය ස්වභාවය මේක ලෝකෙට ම සාධාරණ කියලා දැනගන්නවා. කැරකවීමක් විතරයි මෙතන තියෙන්නේ.
එතකොට තීරණ විභූතියත් තියෙනවා. අනිත්‍යභාවය කියන එක ඒකෙන් එනවා. කැරකවීම පහ කිරීම, කැරකවීමට නොසතුටු වීම කියන එක ප්‍රහාණ විභූතිය.
ඊළඟට රූපය අල්ලාගෙන ඇති වුණු ක්‍රියාවලියක්, නාම කොටසක් බව කියන එක දැනගෙන පහ කිරීම කියන එක සමතික්කම විභූතිය කියන එකට එනවා.
ඉතින් ඒක තමයි ඒ කරපු භාවනාව.