Date: 01/01/2015 Name: Anasava Vimutti bhavana

ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියා යැයි කියලා සිහි කරලා වැඳ නමස්කාර කරා. මේ විදිහට ම හත් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා. දැන් ඔය 14 වෙනිදා, සැප්තැම්බර් මාසේ 2014, කරපු අනාශ්‍රව ප්‍රඥා භාවනාව නැවත කරන්න කියලා මට කලින් දැනුම් දුන්නා.

එතකොට ඒකේ තියෙන්නේ භාවනාවේදි ඔය පරාමාසය, ඉදංසච්චය, භය අගති. එතන තියෙනවා නේ පල්ලෙහා cross එක. එතනදි සඞ්‌ඛාර නිත්‍යයි කියලා අරගැනීමක් තියෙනවා නේ. අපි දන්නවා අර කලින් කරපු අගය ඉදංසච්චයට ඇවිල්ලා ඉදංසච්චයේ අගය පරිදේවය වූ තැනට එනවා. උද්ධච්චය නිසා අර මෝහයෙන් පැවැත්වීම කියන එක එනවා මෝහ අගතියේ ඉඳන්, ඊළඟට පරාමාසයේ අගය එනවා මැද්දට, ඇවිල්ලා අර 8 වෙනි තැනට. මේ 8 කියලා කියන්නේ පරිදේවයේ ඉඳන් භය අගතියට එන එක. ඒ සංස්කාර නිත්‍ය වශයෙන් බැලුවම අපිට සැකය කියන එක ඇති වෙනවා. එතකොට සැකයේ සමුදය ථීනමිද්ධය සහ කුක්කුච්චය. එතකොට මේ භාවනාවෙදි මේ සංස්කාර නිත්‍ය වශයෙන් ගත් පුද්ගලයා ජරාවට පත් වෙන බව දන්නේ නැහැ.

ඒ වෙලාවෙදි එයා ඔය ඡම්භී කියන එක දන්නව නේ. ඒක හරහා පහළට එන බව අපි ඒක ඉගෙන ගත්තා. ඡම්භී කියන එකේ කියනවා අහං සහ මමං එකට ඉඳී ද කියල නේ එයාගෙ ප්‍රශ්නය තියෙන්නේ. එතකොට මේ විදිහට මේ දිට්ඨි ආශ්‍රවය ඇති වෙනවා, දිට්ඨි අනුසය වෙන බවයි කියලා අපි ඒ භාවනාවේ දී ඉගෙන ගත්තා. දැන් මේ භාවනාවේදි පරාමාසයේ ඉඳන් පරිදේව කොටුවට එන line එක තමයි විශේෂයෙන් මම බැලුවේ. ඒ උඩින් එන අගයට, ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයටත්, මෝහ අගතියේ ඉඳන් පරිදේවය අගට කුමක් ද මේක එකතු කරන්නේ? මෙතෙන්දි ආවේ විශේෂයෙන් ම ආවේ මේ පෙර පරාමාස වූ ධර්මයෝ ම තමයි මේ එකතු කරන්නේ කියලා.

උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම, ඔය මිනිස්සු ශිෂ්‍යයින්ට එක කතාවක් කියලා මේ ඒ අය ඊට පස්සේ සාකච්ඡා කරනකොට ඔය Vice Chancellor ගෙන් එහෙම කියන්නේ, ඒගොල්ලො කැමති කැමති ඒවා කියන්නේ. ළමයිට කියන්නේ එක කතාවක්. ඒක අතෙන්ට ගිහිල්ලා කියනකොට කියන්නේ වෙන කතාවක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පරාමාස වෙලා තියෙන ඉල්ලීම් තමයි ඒගොල්ලො අතෙන්ට දෙන්නේ. මේ පැත්තේ වෙන කතාවක්. ඒ කියන්නේ මුල අගයට වඩා වෙනස් වූ අගයක් ඒකේ තියෙනවා. මුල අගයේ අදහසුත් තියෙනවා. අර ළමයි ඉල්ලන එකත් තියෙනවා. ඒකට වඩා වෙනස් වූ අගයක්.

තවත් උදාහරණයක් කියන්න පුළුවන්, දැන් ඔය ඥාති දරුවෙක් එහෙම visit කරනවා නම්, ඒ ගෙදරකට යනවා කියන්නකෝ. ඒ ගෙදර ඉන්න මාමට තියෙනවා, ඒ අයට තියෙනවා එම අය ලවා සිංදු කියවා ගැනීමට වගේ අදහස් තියෙනවා. එතකොට ඒ යමක් එකතු කරන්නේ ඒ අහංට හානි නොවෙන පරිදි තමයි ඒකත් කරන්නේ. එතකොට පෙර පරාමාස වූ දේ එකතු නොකරන්නේ නම්, කොහොම ද ඒක සිදු කරන්නේ කියන එකයි මම මේ කල්පනා කළේ.

දැන් පේනවා නේ ද පරාමාසයේ ඉඳන් එකතු වෙන කෑල්ල ගැන මේ කතා කරන්නේ. එකතු නොකරන්නේ කොහොම ද කියන එක. ඒ කිසිවක් එකතු නොකරන දැවැන්තයාට ඒක මුලින් ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට ඒ දැන් ගත්තා වූ knowledge instant එකක් පමණයි. එයාගේ මොකක්වත් ඒකට එකතු කිරිල්ලක් යන්නේ නැහැ.

ඒ වගේ ම තමයි මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා. එයා කිසිවක් එකතු කරන්නේ නැහැ. එයා ඉන්නේ අර remainder of volitional formations නෙ. ඒ පුද්ගලයාට තියෙන්නේ අර පාරවල් දෙකේ වෙනස අර උඩ තියෙන සංස්කාර කොටුව, එතන සංස්කාර ථීනමිද්ධ කියන තැන අපි A කියලා ඉස්සර අපි ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ පරාමාසේ හරහා පල්ලෙහා සංස්කාර කොටුවට එනවා. ඉදංසච්චයේ පැත්තෙන් තව පැත්තකින් එනවා. B කියන තැනට. එතකොට ඒ පරාමාසය තුළ අපි ඉගෙන ගත්තා පෙර ඇසූ විස්තරය තමයි පරාමාසය තුළ තියෙන්නේ. ඉදංසච්චයේ තුළ තියෙන්නේ තමන් වින්දා වූ, සත්‍ය වශයෙන් ම දැනගත්තා වූ එක තමයි මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා. එතකොට මේ ලාභියත් මේ කිසිවක් එකතු කරන්නේ නැහැ. මේක මේ දෙපැත්තෙන් ආවා, එච්චරයි.

ඉතින් මේ භාවනාව කළහම ඒ නළලේ, ඔළුවේ විශාල සුවයක් තිබුණා මගේ. ඒ නිසා දුක්ඛය ඉවසීම කළ හැකියි කියන එක මට තේරුණා. ඒ කියන්නේ නාසයේ හුස්ම ගැනීමේ අපහසුව, සෙම නිසා හිරවෙන අපහසුතාවය ආදී දේවල් ඔක්කොම පහසුවෙන් ඉවසන්න පුළුවන් කියන එක සිද්ධ වුණා. මේ භාවනාව අනාසව විමුක්ති භාවනාව.