Date: 04/01/2015 Name: Anasava Vimutti 2

ඒ උතුම් බුදුපියවරු දාහතර නම ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාගෙන් පටන්ගෙන සහම්පති බුදුපියා දක්වා. ඒ සබ්බාසව සූත්‍ර භාවනාව සිහි කළා. ලෝභය නැති කරමි. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, ගිද්ධිලෝභය, ආශ්චර්ය අද්භූත ධර්ම, තුන් වන ධර්මයේ කෙළවර. ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කිව්වා ම හතර වන ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවර සංස්කාර භය අගතියට එනවා කියන එක වටහා ගන්න එක.

සබ්බාසව සූත්‍ර භාවනාවට ආවා. දෙවනි වර අපි කැමති වෙලා තියෙන්නෙ ජරාවට පත් වෙන වේදනාවට කියලා අපි ඉගෙන ගත්තා. තුන් වෙනි වර අපි කැමති වෙන්නේ අත්තා කියලා ගන්නේ මොකකට ද? එතනදි මට සිහි වුණා අර දෙවෙනි ධර්මය. එතන පෙන්නනවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියලා කාරණා තුනකින් දෙවෙනි ධර්මයට ගත්තා. ඒක නිසා අපි මරණය 4.2 ඉඳන් 4.4 ජාතිය දක්වා යනවා. අන්න ඒ පථය තුළ 5.3 ඒ කියන්නේ මරණයේ ඉඳන් මේ පැත්තට එනකොට 5.3 කියන්නේ සඤ්ඤාවේ ජරාව. එහෙනම් අපි රූප, වේදනා, සඤ්ඤා කියන දේවල්වල ජරාවට සහ ඒ වගේ ම 4.6 වේදනාවේ ව්‍යාධිය, ඒකට අපි කැමති වෙලා තියෙනවා. මෙහෙම තමයි නන්දිය වුණා කියන එක කියන්නේ. එතකොට සාදු, සාදු කියලා ඇහුණා.

එහෙම නම් තුන් වෙනි පාර අපි දුක්ඛයට ම කැමති වෙලා තියෙනවා, මුළු දුක්ඛයට ම. ඒ පාර ම ආකාසානඤ්චායතනය ඇති වුණා. ඒ පාර මට එකපාරට ම කල්පනා වුණා ආකාසානඤ්චායතනයට ම කැමති වෙනවා නම්, එහෙනම් මරණයට ම තමයි ආපහු කැමති වෙන්නේ. ඒ නිසා ධ්‍යානයට කැමති නොවිය යුතුයි. ඒ පාර මට කල්පනා වුණා චිත්තපාරිසුද්ධිපධානියඞ්ග. නමුත් අපි ඒ ධ්‍යානය භාවිතා කරන්න ඕනේ. ඒ නිසා අපි ධ්‍යානයට කැමති නොවිය යුතුයි කියලා ආවට, නමුත් සිත ඉස්සවීම සඳහා පමණක් ම අපි කැමති වෙන්න ඕනේ කියන එකට ආවා. අර ධ්‍යානයට කැමති වුණොත් මරණයට නේ කැමති වෙන්නෙ.

කොයි ආකාරයට ද අපි ඒකට කැමති වෙන්න ඕනේ. ආහාර නැතුව කවුරු හරි හෙම්බත් වෙලා වැටිලා ඉන්නවා නම් ඒ මනුස්සයට ආහාර දීලා ඒකෙන් නැගිටවනවා. අන්න එහෙම වැ‍ටුණම සිත ධ්‍යානයෙන් නැගිට්ටවන්න තමයි මේක භාවිතා කරන්නේ. “සාදු, සාදු” කියා ආයිත් ඇහුණා. එතකොට විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගේ දක්වා යන තෙක් මේක භාවිතා කරන්න ඕනේ. ආයිත් “සාදු, සාදු” කියලා ඇහුණා.

සම්මා විමුක්තියෙන් මිදීම කියන එක සිද්ධ වෙනවා. උපනිස්සිය සූත්‍රය. ආශ්‍රව නැසෙනවා. මේ වෙලාවේ සතිය බොහොම අග්‍රයි. මෙහෙම ඉන්න එක මට හොඳ නැතෙයි කියලා මට සිහි වුණා. “කොපමණ කාලයක් මෙහෙම හිටියොත් ආශ්‍රව නසාවි ද?” කියලා රහතන් වහන්සේ මගෙන් ඇහුවා. මම පැය හතක් කියලා පැවසුවා. මට මතක් වුණේ සතිපට්ඨාන සූත්‍රය. බුදුහාමුදුරුවෝ කියන එකයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා හතක්. එකක් කියලත් කියනවා. රහතන් වහන්සේ කිව්වා “පැයක් හිටියොතින් මෙතනින් නසනවා” කියලා. ඒ විදිහට හිටපු විදිහට. ඒක තමයි භාවනාව.