Date: 05/01/2015 Name: Anasava Vimutti bhawana 3

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් මේ විදිහට දාහතර නම ම සිහි කරලා, වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ආපහු පාරක් කළා. ඊයේ භාවනාවේ ගිද්ධිලෝභ භාවනාව කොටස අර ආශ්චර්ය, අද්භූත ධර්මයේ කෙළවරයි කියලා කිව්වේ, ඒ කොටස බැලුවා.

ඊළඟට එහා පැත්තෙන් අර හතර වන ආශ්චර්ය අද්භූත ධර්මය කෙළවර, සංස්කාර ඒ පැත්තෙන් එන්නේ නැහැයි කියන එක, ඒක බැලුවා. ඒ බැලුවම මට තේරුණා මේ සුඛයක් පවතිනවා. මේ මනසේ සුඛයක් කියන එක පවතිනවා කියන එක තේරෙනවා. ඉතින් මම පොඩ්ඩක් පරිස්සමින් මේක කරන්නත් ඕන නේ. එතකොට මට තේරුණා, හැබැයි මේ සුඛය කියන එක පවතිනවා, නමුත් අර ඒ සිතේ නතර වීමක් කියන එක, එතැන නැහැයි කියන එක. ඒ පාර මම බැලුවා, මේ ඇයි එහෙම වෙන්න හේතුව. එහෙම වෙන්න හේතුව තමයි, අර ඒ කියන්නේ අර සුඛය නිසා අර අශ්‍රද්ධාව, ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවක් නැහැ. ඇයි ප්‍රඥාවක් නැත්තේ? අර දිට්ඨිය කියන එක බලන්නේ නැහැ. දැන් සබ්බාසව සූත්‍රය බලනකොට අපි අර දිට්ඨියෙන් පටන්ගෙන දිට්ඨිය කපාගෙන තමයි එන්නේ. අන්න ඒ කියන්නේ, ඵල චිත්තය කියන එක නැංවෙනවා. ඵල චිත්තය කියන එක නැංවෙන්නේ නැත්නම් මේකේ මොකක්වත් වෙන්නේ නැහැ, කියන එක තියෙනවා.

දැන් ඔන්න ඒ පාර මනස බොහොම හොඳයි. ඒ ඵල චිත්තයක් නැංවිලා ඒ පවතිනා වූ ස්වභාවය තියෙනවා. ඒ පාර ටිකක් ඔහොම ඉන්නකොට මට තේරෙනවා මේ ඔය ආසන්න වූ, දැන් මේකේ යම් වූ ආකාරයකට කරකැවීමක් තියෙනවා. ඒ යම් වූ ආකාරයකට කරකැවීමක් තියෙනවා කියලා කියන්නේ දැන් මේ 40% පාර නේ අපි දැන් ඔය කපා ගත්තේ. අර ඉස්සර වෙලා තිබුණා 10% පාරයි, 50% පාරයි, කප්ප පාරයි තමයි කැපිලා තිබුණේ. ඊට පස්සේ දිට්ඨි කතාවත් එක්ක 40% කතාව ඔන්න කැපීම කියන එක තියෙනවා. නමුත් මේක ඉඳලා, හිටලා ආපහු පොඩ්ඩක් කරකැවීමක් සිද්ධ වෙනවා.

මොනවයින් ද, මේ යම් ආකාරයක වූ දෙයකට අවධානය යොමු වුණා නම්, අපි හිතමු ඊයේ දවස තුළ වෙච්චා වූ සිදුවීමකට, මොකකට හරි යම්කිසි දේවල්වලට සිත යොමු වුණා නම්, අන්න කරකැවීමක් කියන එක තියෙනවා, ඒ කියන්නේ පෙර පරාමාස වූ ධර්මයෝ කියන ඒවා නිසා කරකැවීම තියෙන එක තියෙනවා. දැන් මේ උඩින් කැරකෙන්නේ නැති වුණාට මේ hub එක ඇතුළෙන් තමයි මේ කරකැවීම තියෙන්නේ කියන එක පේනවා. එතකොට එහෙම නොවෙන්න නම්, ඉතින් කෙනෙක් සම්මා ආජීවය කියන එක භාවිතා කරන්න ඕනේ. සම්මා ආජීවය නැති පුද්ගලයෙකුට, දැන් රස්සාවකට යන මනුස්සයෙකුට නම් ඒ රස්සාව නිසා ඇති වුණා වූ දේවල් තියෙනවා නේ. ආන්න ඒ වගේ දේවල් නිසා කරකැවීමක් සිද්ධ වෙනවා කියන එක තියෙනවා.

ඉතින් ඒක තමයි, ඒක රහතන් වහන්සේලාත් ඒක අනුමත කළා. ඵල චිත්තය කියන එක නැංවෙන්නට ඕනේ. අර විදිහට තමන් පවත්වන්න ඕනේ. සම්මා ආජීවය සහිතව ජීවත් වෙන්න ඕනේ කියන එක. නැත්නම් අරකෙ ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ, ඒ දිගින් දිගට ම. ඒක තමයි කරපු භාවනාව.