ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන සහම්පති බුදුපියා දක්වා. ලෝභය නැති කරමි, ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියන අර areas එක්ක මෙනෙහි කළා. මෙතනදි මම කල්පනා කළා අර පරිදේවය වූ සංස්කාර කොටසට, ඒ කියන්නේ area 6 තියෙනවා නේ, අන්න ඒ කියන කොටසට තමයි මගේ අවධානය යොමු වුණේ, අර මෝහය කියන කතාවෙදි. උද්ධච්චය නිසා මිච්ඡා දිට්ඨිය මගින් ඇති වීම, විඤ්ඤාණ ධාරාව ගැලීම කියන එක. මම ඒක සිහි කළා. පළවෙනි කාරණාව නේ කාරණා තුනෙන්.
එතකොට මම බැලුවා මිච්ඡා දිට්ඨිය කියන එක තියෙනවා නම්, ඒ කියන්නේ ප්‍රඥාව නැතිකම. ඒක නිසා අශ්රද්ධාව, අශ්‍රද්ධාවෙන් උද්ධච්චය. එතකොට මිච්ඡා දිට්ඨියෙන් උද්ධච්චයට ඔය විදිහට අපි එනවා. එතකොට මේ අවස්ථාව වෙනකොට මේ විඤ්ඤාණඤ්චායතනය කියන එක හොඳට ඇවිල්ලා තිබුණා. ඒක, ඒ ධර්මය බලන්න බලන්න ඒක වැඩි වුණා. දෙපැත්තකින් මම මේක දැක්කා. මොකක් ද දැක්කේ, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව මගින් විඤ්ඤාණයේ හටගැනීම පැවැත්වීම අභිජ්ඣා. උඩින් හැදෙනවා. අර රෝදේ මතක ද? Diagram එකේ දාපු රෝදේ. උඩ පැත්ත ගැන මේ කතා කරන්නේ, ධාරාව කොහොම ද දුවන්නේ. එතකොට පළවෙනියට මිච්ඡාදිට්ඨික සඤ්ඤාව. ඒකෙන් එන්නා වූ කතාව කියන එක එනවා. අභිජ්ඣා කියන එක.
ඊළඟට එම අගයන් අර චේතනාවේ ඉඳන් ඉදංසච්චයේ දක්වා අපි ගෙනියනවා කාමේසු තිබ්බසාරාගා කියන එකෙන්. එහෙම ආවා නම් තමයි ඒ ධාරාව පවතින්න උදව් වෙන්නේ. මේක මගේ යැයි නොගන්නා නිසා තමයි ඒ හය වෙනි ධ්‍යාන ස්වභාවය මට තියෙන්නේ කියන එක මට එතන ආවා. ඒ පාර දැන් මේ කාරණා දෙකක් කිව්ව නේ. එකක් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව මගින් විඤ්ඤාණය හටගැනීම. ඒ වගේ ම එම අගයන් අර කාමේසු තිබ්බසාරාගා හරහා යන්නා වූ කියන දෙවෙනි කාරණය.
මේ එකයි, දෙකයි නොවන්නේ නම් මෙය නවතිනව ද කියන එක තමයි කල්පනා කළේ. නෑ, හේතුව තමයි පෙර වූ සංස්කාරයන් නිසා, පෙර කර්මය නිසා තවමත් අර push වීම කියන එක පල්ලෙහායින් සිද්ධ වෙනවා. එතකොට ඒ සීලපාරිසුද්ධිපධානියඞ්ගය මගින් මේක නවත්තන්න ඕනෙ කියන එක ආවා. එතකොට ඒකට ඉතින් සම්මා ආජීවය ම අවශ්‍ය ය වෙනවා.
ඊළඟට ආපහු මම බැලුවා මේ සම්මා ආජීවය පැවැත්වීමට චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය උදව් උපකාර වෙනවා. එහෙම නැත්නම් අපි කාමයට වැටෙනවා නේ. එතකොට දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් අර දැන් ඉස්සර වෙලා කාරණා දෙකක් කිව්ව නේ. අන්න ඒ කාරණා දෙක නැති වෙනවා කියන එක කියනවා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය හටගැනීම කියන ඒ කතාව. ඒ චේතනාවේ ඉඳන් ඉදංසච්චයට මේක push කරනවා කියන අගය.
දැන් මේ පධානියඞ්ග තුන ම අපි භාවිතා කරනවා නම් මේක නවතිනව ද කියන එක මම කල්පනා කළා. ඒත් නෑ. ඒ දිට්ඨි අනුසය පාර නිසා වන කොටස භය අගතියට ආවයින් පස්සේ, ඒ කොටස නිසා මේක තවමත් පවතිනවා. එහෙම නම් විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග භාවිතා කරන්න ඕනේ. කෙසේ නම් අනුසය නැති වෙන්නේ ද කියන එක තමයි මගේ ප්රශ්නය. ඒක සිද්ධ වෙන්නේ අනාශ්‍රව විමුක්තියෙන් ජීවිතය පැවැත්වීම මගින් කියන එක මට ආවා. රහතන් වහන්සේ “ඒක එහෙමයි” කියලා කිව්වා. ඒක තමයි කරපු භාවනාව.