Date: 07/01/2015 Name: Nibbana 2

ඒ උතුම් බුදුවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා.

ඊයේ භාවනාව මම ආපහු කළා. ඒ නිබ්බාන භාවනාව. ඒ භාවනාව කරගෙන යනකොට මම බැලුවේ අර සීල කොටස කියන එක හොඳට මම මෙනෙහි කළා. ඒ පාරිසුද්ධිපධානියඞ්ග ඒ ටික, ඒක තියෙන්න ඕනෙ කියන එක, මේවා තියෙනවා නම් කොච්චර වටිනවා ද කියන එක. ඒක මෙනෙහි කරනකොට ම මගේ මේ කූඤ්ඤය දැනෙන්න ගත්තා මට. අඩියට ම වදිනවා. එතකොට ඒක සීලය ගැන කතා කරන්නේ, අර ඒක පවත්තන්න නම් ඒ චිත්ත පාරිශුද්ධය තියෙන්න ඕනේ කියන එක. එතකොට ඒක ඊළඟට ඒ දිට්ඨි පාරිශුද්ධය අර ඊයේ බලපු භාවනාව ඒ උද්ධච්චය කියන එක ඇති වෙන එක අර කාරණා දෙක මිච්ඡාදිට්ඨික සඤ්ඤාව, ඒ මගින් විඤ්ඤාණය හටගැනීම, අභිජ්ඣා වෙනවා කියලා ඒක නවතින එක. චේතනාවේ ඉඳන් ඉදංසච්චයට අර කාමේසු තිබ්බසාරාගය හරහා එනවා කියන එක, ඒකත් ඇතුව.

එතකොට එහෙම නම් දැන් මෙතෙන දී මම බැලුවේ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියන එක තියෙන්න ඕනේ අර අනුසය ධර්මයේ කතාව. ඒක නොවෙන්න නම් එහෙනම් දෙයාකාරයකින් මේක සිද්ධ වෙන්න ඕනෙ. භය අගතියට එන්නා වූ පාරවල් දෙකක් තියෙනවා. උඩින් අර අත්තා කියලා අරගෙන අර දෙවෙනි විරියේ දී අපි නැති කරන්නේ, එතනින් එන්නා වූ එක කතාවක්. ඊළඟට සංස්කාර අත්තා කියලා අරගෙන එන්නා වූ දේ. එතකොට මේ දෙක ම නැති වෙන්න ඕනේ.

ඉතින් මේ දෙක ම නැති වෙන්න නම් ඉතින් එහෙනම් අර මිච්ඡා දිට්ඨිය කියන එක නැති වෙන්න ඕනේ. ඒක නැති වෙනවා නම් තමයි, මේක නැති වෙන්නේ. ඔය අවස්ථාව වෙනකොට ඉතින් මනස බොහෝ ම හොඳයි. ඉතින් අර චෙතෙති පකප්පෙති අනුසති කියන එකත් මට මතක් වුණා, ඒක ගැන.

එතකොට මෙතෙන්දි ආපහු දෙවන කොටස බැලුවා. දෙවෙනි කොටසයි කියලා කියන්නේ දෙවෙනි කාරණය හැටියට පෙන්නුවා නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට දුවනවා කියන එක.

ඉතින් මේක නැති වෙන්න නම්, අර සැකය මගින් සැකයේ සමුදය ථීනමිද්ධයයි, කුක්කුච්චයයි කියන එක, ඉතින් කාමච්ඡන්දය කිසිම ආකාරයකින් නොවෙන්න ඕනේ කියන එක ඒ විදිහට ආවා. නැත්නම් අපි මිච්ඡා ආජීවයටත් යනවා, මේ ප්‍රශ්නයත් ආපහු ඇති වෙනවා කියන එක. එතකොට දැන් කාරණා තුන ම බලලා තියෙන්නේ. මේ ඔක්කොම නැති වෙන්නට නම් මේ විදිහට, එහෙනම් නිර්වාණයට මනස යොමු වෙන්න ඕනේ. ඉතින් නිබ්බානං රතනංති ආශ්චර්යභාවේන අතුලං තත්ථ කුසලස්ස උපසම්පදා ජානෙන පස්සනා කියන ඒ වචනයත් ආවා. ඒ මනස නිවනට යොමු වුණා. ඒ නිවනට යොමු වෙලා ඒ පුදුමාකාරයි ඒ වෙනස. ඒ වෙනස සහිතව මම හිටියා ඒ විදිහට ඒ මේවා එකේදි. ඒක තමයි කරපු භාවනාව.

භාවනාවේ තව තිබිච්ච දෙයක් තමයි, අර මේ වටේට ම කැරකෙන්නේ නැත්නම් මම කල්පනා කළා අර hub එකේ තියෙන momentum එකට මොකද වෙන්නේ? hub එකෙන් එකතු කරනවා නේ. පරාමාසේ ඉඳන් එකතු කරනවා. ඒ momentum එකත් එක්ක ඒක නැති වෙන්න ඕනේ. ඉතින් මම කල්පනා කළේ මට ආවා ඒ momentum කියන එක තියෙන්නේ කැරකෙනවා නම් විතරයි. නතර වෙච්ච එකකට ඒ momentum එකක් නෑ. එතකොට අපි කොයි වෙලාවක හරි කරකවනව ද, අර momentum එකක් හැදිලා ඒක එකතු වෙනවා කියන එක සිද්ධ වෙනවා. උඩින් කරකවන්නේ නැත්නම් අර කාමේසු තිබ්‌බසාරාගො ඉඳන් එතෙන්ට එන්නේ නැත්නම් ඉදංසච්චයට, එහෙනම් මේ කතාවක් ඇත්තේ නෑ.

මේ momentum එක බැහැලා යනවා කියන එක නැති වෙලා යනවා කියන එක. එතන තමයි අර රහතන් වහන්සේ “Excellent” කියපු අර ඒ දෙවෙනි පාර ද කොහෙද ඒ අවස්ථාව.