Date: 08/01/2015 Name: මාන භාවනා

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා.

මේක මේ කලින් මම කරපු භාවනාවක් තියෙනවා අගෝස්තු මාසේ. 2014 අගෝස්තු මාසේ 7 වෙනිදා. ඒ අර curve එකක් මෙහෙම flat වේගෙන flat වේගෙන යන්නේ. ආන්න ඒක. ඒක නැවතත් බලන්න කියලා කිව්වා. එතකොට ඒකෙ පෙන්නන්නේ මේ විඤ්ඤාණයේ හටගැනීම ඒ මානය විසින් අපි අර B කියලා point එකක් අපි හදනවා, peak එක. ඒක ඒ හොඳ ම ස්පර්ශය නිසා ඇති වෙන වේදනා අගය කියන එක. දැන් විඤ්ඤාණය මැරීගෙන යන අවස්ථාවක අර නැවතත් සෑදීමට අපේ නන්දිය කියන එක තියෙනවා.

ජරාවට ම පත් වුණ රූපයක්, අසුභ වෙච්ච රූපයක්, කසල ගොඩක්. එය නැවතත් ස්පර්ශ කිරීමෙන් පලක් නැහැ කියන එක ඒ භාවනාවේ දී එතන ආවා. ඒ පළවන point එකේ අගය අඩු වෙනවා. මේක ජරාවට පත් වෙන රූපයයි කියලා බැලුවහම අපි හිතුවා හම රැලි වැටිලා ජරාවට පත්වෙලා තියෙන ස්වභාවය. දෙවන වර ස්පර්ශ කිරීමේ දී මගේ ඇහැ තවත් වයසට ගිහිල්ලා. එහෙනම් මාන අගය තවත් අඩු වෙන්නට ඕනේ. එතකොට මෙහි දී රූපයත්, රූපය නිසා ඇති වෙන මාන අගයක් යන දෙක ම අඩු වෙන්න ඕනේ.

ඊට පස්සේ මතක ඇති අර සඤ්ඤාවෙන් චේතනාවට ගිහිල්ලා අර මරණයේ ඉඳන් ව්‍යාධියට යනවා අපි බලලා තියෙනවා නේ. එතකොට ඒකට අපි සම්බන්ධ කරනවා ඔය ඒක වෙන්නේ කොහොම ද කියන එක. පරාමාස ඉදංසච්චය මෝහ භය අගතිය කියන ඒ සංස්කාර කොටුව. අපි දැන් ඔය 5, 6, 7, 8 කියලා lines වලින් ලකුණු කළේ. මේ සබ්බාසව සූත්‍රයේ එහෙම දැන්. එතකොට එහෙම නම් ඔය 5 වෙනි line එක දිගේ පැමිණෙන්නේ මොකක් ද? මෙම ජරා වෙන රූපය නිසා ඇති වෙන සඤ්ඤා අගය නොවේ ද? ඒක දිගේ එන්නේ අර ජරා වෙන රූපය නිසා ඇති වෙන සඤ්ඤා අගය. ඒක එහෙම ම යි.

6 වෙනි line එක දිගේ පැමිණෙන්නේ මොකක් ද? මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණ උද්ධච්චය මාන අගය නොවේ ද? ඒක තමයි අර 6 වෙනි එක මෝහ අගතියේ ඉඳන් එතනින් එනවා කියන එක. ඒක එහෙමයි කියන එක තේරෙනවා. මේ දෙක තල්ලු කරන 7 වෙනි line එක දිගේ පැමිණීම අර රෝදය කැරකීම නිසා වන පෙර පරාමාස වූ තණ්හා අගය. 7 වෙනි line එකේ එන්නේ අන්න ඒ තණ්හා අගය. දැන් ව්‍යාධියට ඇවිල්ලා තියෙනවා. වේදනාව ජරාවට පත්වෙලා තියෙනවා.

එහෙම නම් මේ විදිහට මේ ජරා වෙච්ච, ව්‍යාධි වෙන වේදනාවට අගයක් දිය යුතු ද? මෙම වේදනාව ජරා වෙන රූපය නිසා සඤ්ඤා මාත්‍රයකින් ඇති වූවක් ලෙස සැළකිය යුතුයි කියන එක කළා. ඉතින් මේ භාවනාවෙදි මම අර සඤ්ඤාව 5.3 කියන එකට එනකල් මම ගියා. ඒ භාවනාව ලියන්න කියලා රහතන් වහන්සේ කිව්වේ නැති නිසා මම ඒක ලිව්වේ නැහැ. ඒත් මාව නැවැත්තුවා ඊට පස්සේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams2/S_SabbasavaSuttadiagrams2-10.jpg