Date: 09/01/2015 Name: Sannasalla -Flow of consciousness

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදු පියාණන්ගෙන් පටන් අරගෙන සහම්පති බුදුපියා දක්වා.

ලෝභය නැති කරමි කියලා කල්පනා කරනකොට අර කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරා වෙන දේකට කැමති වීම නිසා මෝහය ඇති වෙලා තියෙනවා. 5.3 කියන එක. 5.3 ජරා ධර්මය සඤ්ඤාවේ ජරාව කියන එක මම සිහි කළා.

එතකොට ඒක සිහි කරනකොට දැන් අපිට මේ picture එකක් වශයෙන් පේනවා අර පල්ලෙහා අප්‍රියේහි සම්පයොගය උඩ 5.3 ජරා ධර්මය. උඩ 4.3 ව්‍යාධිය යට 4.7 ප්‍රියේහි විප්පයොගය. එතනින් කොටුව තියෙනවා නේ, එතකොට ඒ cross එකට සෝකයෙන් කියන එකෙන් තියෙන එක හැටියට ගන්නත් පුළුවන්. ඒ තමයි ඔය feed වෙන්නේ එතෙන්ට.

එතකොට මම මෙතනින් දැක්කා හරියට මේ waves දෙකක් එනවා වගේ. ඒ කියන්නේ අර මෝහ අගතියේ ඉඳන් උඩට ගිහිල්ලා එනවා වගේ, මෙතන යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛය ඉඳන් ව්‍යාධිය, ව්‍යාධියෙන් ඉඳන් ප්‍රියේහි විප්පයොගය අනිත් පැත්තට. ඒ වගේ ම අනිත් පැත්තටත් ඔය වගේ ම wave එකක් එනවා.

එතකොට මම බැලුවා දැන් ඔය රූපය කියන එක ජරාවට පත් වෙලා තියෙන්නේ. වේදනාව ද ජරාවට පත් වෙලා තියෙන්නේ. නමුත් අපිට මානය තියෙනවා නේ. එහෙම ජරා වුණයි කියලා ඒක හරියන්නේ නෑ, මානය තියෙනවා. මේක පැවැත්වීමට කරන්නා වූ ඒ 6 වෙනි line එක නිසා වෙන 6 වෙනි line එක අපි දන්නව නේ. ඒ කියන්නේ භය අගතියට එන කොටස නිසා ව්‍යාධිය හරහා සෝක cross එකට මෙතන පැමිණෙනවා කියන එක. ඒක අර wave ඒකේ එන එකක්. ඒක තමයි මේ line 9 කියලා කියනවා දැන් අර ව්‍යාධියේ ඉඳන් සෝකයට එන්නා වූ කොටසට.

ඊළඟට ආපහු තියෙනවා ජරා වූ රූපය නිසා ඇති වූ සඤ්ඤා අගය තමයි අර 5 වෙනි line එක දිගේ එන්නේ. ඉදංසච්චයට ආවා. ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එනවා. ඉතින් ඒක තමයි ඔය අප්‍රියේහි සම්පයොගය කියන එක හැටියට අපි සලකන්න තියෙන්නේ. භය අගතියට ආවා කියන එක. ඒක හරහා දැන් අප්‍රියේහි සම්පයොගයෙන් සෝකය දක්වා පැමිණීම වෙනවා. ඒක තමයි මේ line 10 එක කියලා කියනවා ඒකට.

ඊට පස්සේ දැන් මේ අගයන් දෙක ප්‍රියේහි විප්පයොගය ඒ කියන්නේ 4.7 දක්වා යාම සිදුවීම කියන එක සිද්ධ වෙනවා. එහෙම වෙනවා නම් අපි කියනවා ඒකට 11 කියලා. Line එක 11 කියලා. එතකොට දැන් මේ 5.3 ජරා දක්වා යන්නේ කොහොම ද? දැන් මේක දකුණු අත පැත්තෙ ඉඳන් වම් අත පැත්තටයි ගලාගෙන යන්නේ. දැන් එකක් ගියා ප්‍රියේහි විප්පයොගයට දැන් අනිත් එක යන්න තියෙන්නේ මේ ජරාවට යන එක. ඒක කොහොම ද කියන එක බැලුවා.

දැන් 4.3 ඇවිල්ලා ව්‍යාධිය. 4.4 ජාතිය කියලා අපි දන්නවා. එතකොට ඒ වගේ ම අපිට හිතන්න පුළුවන් එහෙනම් 4.4 කියන එක සෝකය වශයෙන්. ඇයි 4.4 සෝකය වශයෙන් කියලා ගන්නේ. අපි කලින් කරපු භාවනාවක් තියෙනවා නන්දි භාවනාව. ඒ කියන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදා 2014. ඒකෙදි අපි ඉගෙන ගත්තා අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එහෙම යනවා. ඒ වගේ ම මරණයේ ඉඳන් එනවා කියලා අර A, B, C, D, E කියලා order එකක් ඉගෙන ගත්තේ. ඒකේ අපි දන්නවා පරිදේවයේ ඉඳන් සෝකයට වුණා ම අනතුරුව කබලිංකාර ආහාරයේ ඉඳන් සඤ්ඤාවට යනවා කියලා. ඒ කියන්නේ අපි සෝකයට පැමිණියාට පස්සේ අපි කබලිංකාර ආහාරය ස්පර්ශ කරලා ජාතිය ඇති කරගන්නවා. අන්න ඒක නිසයි මේ 4.4 කියන එක ඇති වෙන්නේ.

එතකොට 4.4 සෝකය කියන එක හැටියටත් හිතන්න පුළුවන් එහෙනම්. එතකොට සෝකය සල්ලයක් කියලා අපි දන්නවා. එතකොට සෝකය සල්ලයක් නම් දැන් මේ භාවනාව අපි කරලා තියෙනවා. මේ ඒක 2014 මැයි මාසේ 8 වෙනිදා ඒක කරලා තියෙන්නේ. ඒකෙදි අපි බලලා තියෙනවා මේ 4.4, ඒ කියන්නේ දැන් අපි බැලුවොත් 4.4 සෝකය කියලා එහෙනම් සල්ලය හරහා නැවතත් 5.4 සෝකය කියන එකට එනවා. ඒ කියන්නේ 4.4ත් සෝකය, 5.4ත් සෝකය. සල්ලය කියන්නේ ආපහු ගිහිල්ලා එනවා නේ එතෙන්ට.

එතකොට අපි දන්නවා මේක සිද්ධ වෙන්නේ හැබැයි අට වෙනි රවුමෙන් පස්සේ කියලා අපි ඒක ඉගෙන ගත්තා. එතකොට ඇති වුණ ක්‍රියාවලියක බලපෑමක් වශයෙන් තමයි මේක බලන්න ඕනේ. ඒ ක්‍රියාවලියේ බලපෑමක් හැටියට. දැන් මොකද වට අට කරකවලා අපි කලින් තියෙන්නේ. ඒකේ බලපෑම තමයි මේකේ දැන් මෙතනදි අපි කතා කරන්නේ. දැන් මේ වෙලාවෙදි වෙන්නේ මොකද, දැන් අර 9 යි 10 යි කියලා අගයන් දෙකක් අපි එනවා කිව්ව නේ. 9 කියලා කිව්වේ අපි අර උඩ ව්‍යාධියේ ඉඳන් එන එක. 10යි කිව්වේ අප්‍රියේහි සම්ප්‍රයෝගයේ ඉඳන් සෝක කරන කොටුවට, තැනට එන එක, cross එකට. එතකොට දැන් සෝක අගයත් මේකට එකතු වෙනවා.

සෝක අගයේ බලපෑම මගින් තමයි 5.3 ජරාව දක්වා ම මේක දුවවන්නේ. ඒ කියන්නේ එක ම cycle එකේ නෙමෙයි. 4.7 ඒ 4 cycle එකේදි නෙමෙයි අර 4 ඉඳන් පටන් අරගෙන ආපහු 5.4ට යනකොට තමයි මේ ජරාව කියන එක මේ දක්වා තියෙන්නේ. ඔතෙන්දි මට “Excellent” කියලා ඇහුණා. එතකොට මේ විදිහට මේ අප්‍රියේහි සම්පයොගයේ අගයන් පහු කරලා 5.3 ජරාව දක්වා යෑම ගමන් කරනවා.

මේ මොහොත වෙනකොට අපි මේ ආදීනවය කියන එක දන්නවා. සිතට වැටහීමක් තියෙනවා. නමුත් පෙර වූ තණ්හාවක් නිසා සඤ්ඤා චේතනා ගන්නවා. ඒක හරියට මට ආවේ මනුස්සයෙක් මත්පැන් බීලා කලින් ඒ මනුස්සයගේ ඔළුව කැක්කුමත් හැදිලා බොහොම අමාරුවෙන් ඇවිල්ලා ඉන්නවා. ඉන්නකොට අනිත් එක්කෙනා කියනවා බොමු කියලා. ඔහොම කියනවා ඕක බීලා මට මෙන්න මෙහෙම දේවල් වුණා කියලා. එහෙම කිව්වයි කියලා අර මනුස්සයා, දැන් ඒ මනුස්සයා දන්නව නේ දැන් මේ ආදීනවය වුණා කියලා. ඌ ඒක අතහරින්නේ නැහැ. ඌ අරුත් එක්ක එක්කහු වෙලා ආයිත් බොනවා. ආන්න ඒ වගේ මේ නැවතත් අර බීම පානය කිරීම කරන එක කරනවා කියන එක තියෙනවා.

අන්න ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. මෙතන ජරාව කියන කතාව යම් ආකාරයකට වැටහීමක් ඇවිල්ලා තියෙනවා මොකද අප්‍රියේහි සම්පයොගය වෙලා නේ තියෙන්නේ. ආයිත් මම මොකට ද මේක කරන්න යන්නේ. නමුත් කරනවා කියන එක තමයි ඒ භාවනාව.