ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් සහම්පති බුදුපියාණන් වහන්සේ දක්වා.
ලෝභය නැති කරමි කියලා කල්පනා කරනකොට, ලෝභය කියන්නේ අර කාමච්ඡන්දය, අර ජරාවට තියෙන කැමැත්ත. එතකොට මේ ජරා වෙන රූපයක් අරගෙන මෝහ වෙනවා කියන එක, ඒ පාර මෝහය කියන එකට ආවා. ද්වේෂය නැති කරමි, මෝහය නැති කරමි කියලා. ද්වේෂයෙ දී කල්පනා කළේ මේකෙන් ඉතින් ඉන්න බැහැ නේ කියන එක. ඒ පාර ඊයේ භාවනාවේ අර 5.3 කියන එක තියෙනවා නේ round 5.3, සඤ්ඤාවේ ජරාව කියන එක. ඒ භාවනාව මම නැවතත් සිහි කළා.
ඒක සිහි කරනකොට අපි ඊයේ ඉගෙන ගත්තා දැන් අපි දන්නවා අර line 5 කියලා, 5 කියලා, කියන්නේ ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ එක. ඒකට මේ රහතන් වහන්සේ කිව්ව නේ ඇවිල්ලා මේ ඒකෙන් එන්නේ අර ජරා වෙන රූපය නිසා ඇති වුණ සඤ්ඤා අගය කියලා අපි හොයා ගත්ත නේ. එතකොට ඒ ජරා වුණ නිසා ඇති වුණ රූපය නිසා ඇති වුණ සඤ්ඤා අගය, ඒක නිසා අපි ව්‍යාධියට ආවා නම් ඒ ව්‍යාධියට ආපු අගය අපි එනවා අප්‍රියේහි සම්පයොගයට. ඒ අප්‍රියේහි සම්පයොගයට ඇවිල්ලා එන අගය තමයි අපි කිව්වේ අර 10 කියලා ලකුණු කළේ එතනින් එන අගය.
එතකොට එහෙනම් ඔයාට පේනවා මේ 5 තමයි 10 වුණේ. ඒ කියන්නේ ජරාවට පත් වෙච්ච රූපය නිසා ඇති වුණ සඤ්ඤා අගය. එහෙනම් ඒ ගුණය අප්‍රියේහි සම්පයොගය තුළ තියෙනවා. ඊළඟට ආපහු අර line 6 එක තියෙනවා නේ. ඒ කියන්නේ මෝහයේ ඉඳන් අර පරිදේවය කොටසට එන්නා වූ කොටස. මේක එන්නේ මේ මිච්ඡා දිට්ඨිය නිසා. අර උද්ධච්චය මගින් ඇති වෙන ඒ අගය නේ එන්නේ. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වන උද්ධච්ච අගය. ඉතින් මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්ධච්ච මාන අගය කියන එක දැන් එනවා අර ව්‍යාධිය හරහා. ඒක line 9 වෙනවා. සෝක කියන කොටුවට එනවා.
එතකොට එහෙනම් දැන් බලන්න අර 5 කලින් නේ ආවේ. ඉතින් ඒ ඒක හරි, වතුර පාරක් කියන එක කලින් ආවා. කලින් ආපු වතුර පාර දැන් අප්‍රියේහි සම්පයොගය දක්වා දුවලා. අර පස්සේ එකතු වෙන මේක maintain කරන්න අපි hose එක අල්ලලා හරි අර උද්ධච්චය මගින් එන්නා වූ එක දැන් ඇවිල්ලා තියෙන්නේ ව්‍යාධිය තියෙන තැනට. දැන් ඒ පාර ඒ ව්‍යාධියෙන් එන ඒ value එක තමයි එහෙනම් යන්නේ line 9 එකෙන් එන එක තමයි මේ පියෙහි විප්පයොගයට යන්නේ.
ඒ පියෙහි විප්පයොගයට යනවා කියන එක එහෙනම් අපිට පේනවා එහෙනම් මිච්ඡාදිට්ඨික අගය කියන එක පියෙහි විප්පයොගය තුළ තියෙනවා. ඉතින් මට ආවා, හරි නේන්නම්, මිච්ඡා දිට්ඨිය කියලා කිව්වේ, ඉතින් මේ ගත්ත නේ ජරා වෙන රූපයක් අපි අර ගත්තා නේ. එතකොට මේක මගේ කියලා ගත්ත හින්ද නේ පියෙහි විප්පයොගය තියෙන්නේ. මගේ කියලා ගත්තේ නැත්නම් ඕක නැහැ. එහෙනම් පියෙහි විප්පයොගය තුළ මිච්ඡා දිට්ඨිය කියන එක තියෙනවා.
ඊළඟට දැන් අප්‍රියේහි සම්පයොගය තුළ තියෙනවා අර සඤ්ඤාවේ ජරා අගය කියන එක. එහෙනම් මේ සඤ්ඤාවේ ජරා අගය තමයි round 5.3 ජරාවට යන්නේ. එතකොට අර ආපු දෙක දෙපැත්තට ලස්සනට යනවා. මේ පැත්තෙන් ආවේ සඤ්ඤාවේ ජරා අගය ඒක එනවා සඤ්ඤාවේ 5.3 කියන ජරාව තියෙන තැනට ඒක එනවා. උඩින් ආව එක මිච්ඡා දිට්ඨි කතාව පියෙහි විප්පයොගය තුළ තියෙනවා. ඉතින් අප්‍රියේහි සම්ප්‍රයෝගය තුළ, මම කල්පනා කළා මේක විතරක් නෙමෙයි නේ, දැන් සඤ්ඤාවේ ජරාව විතරක් නෙමෙයි මෙතන අර වේදනාවේ ජරාව තියෙනවා ව්‍යාධිය තියෙන තැන. ඒකත් පහු කරගෙන නේ ආවේ. දැන් මෙතෙන්ට එනකොට වේදනාවේ ව්‍යාධියත් තියෙනවා.
ඉතින් මේකේ තනිකර ම අප්‍රියේහි සම්පයොගයක් ම තමයි මෙතන තියෙන්නේ. ඒ වෙලාවේ මට තේරුණා මනස විශාල වෙනවා කියලා. මම කල්පනා කළා මේකයි අර උඩ තියෙන එකයි, උඩ තියෙන එක ම නේ මෙතන replicate වෙලා තියෙන්නේ. උඩ සඤ්ඤා, චේතනා කියලා ඒ පැත්තෙන් ආවා, මිච්ඡා දිට්ඨිය හරහට ආවා පරාමාසකායගන්ථයට. ඒක නිසා ගිහිල්ලා අන්න විඤ්ඤාණයක් අපි සකස් කරගත්තා.
එතකොට දැන් ඒක ම නේ ද මෙතන තියෙන්නේ කියලා හිතෙනකොට මනස විශාල වේගෙන, විශාල වේගෙන යනවා. විශාල වේගෙන ගිහිල්ලා දැන් මට ඕනකම තිබුණේ අර සෝක සල්ලය නිසා වෙන්නා වූ දේ හිතන්න. නමුත් ඒක හිතන්න බැහැ. මේ මනසේ විශාලත්වය නිසා මේක හිතන්න බැරි තත්වයේ තියෙන්නේ. ඒ පාර මම රහතන් වහන්සේගෙන් ඇහුවා, රහතන් වහන්සේගෙන් උත්තරයක් නැහැ.
මම ඒ වෙලාවේ මම check කරලා බැලුවා මගේ ඔළුවේ තත්වය. මම බැලුවම මට පේනවා මගේ ඉන්ද්‍රියයන් ඔක්කොම ටික තියෙනවා. ඒ කියන්නේ නළලේ වම් අත පැත්තේ, සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවා. ඉන්ද්‍රිය හතර ම හොඳට තියෙනවා කියන එක කල්පනා කළා ම අර විරිය ඉන්ද්‍රියට මනස යොමු වුණාට ම ඔන්න එතන ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගත්තම, ඒ ප්‍රීතියත් එක්ක මට තේරුණා මට දැන් ආයේ ඕනෙ නම් හිතන්න පුළුවන්, මට ability එකක් තියෙනවා කියලා.
එතකොට දැන් මේ විදිහට මම භාවනාව කරගෙන ගියා. ගිහිල්ලා ඔහොම ඉඳලා රහතන් වහන්සේ “ඇතියි” කිව්වම නැවැත්තුවා. ඒක යාන්තමින් ඇහෙන්නේ. ඒක එහෙම නවත්තලා සද්ද එහෙම ඇහුණා, ඒවට මගෙන් මොකුත් reaction එකක් නැහැ. මම සද්ද දන්නවා, ඇහුණා කියන එක දන්නවා. ඒ පාර මම ගිහිල්ලා රහතන් වහන්සේගෙන් ඇහුවා, මේක මොකක් දැ යි කියන එක. මේ ඇති වෙච්ච තත්වය. ඉතින් රහතන් වහන්සේ කිව්වා, “ඒ ආශ්‍රව නසපු රහතන් වහන්සේ නමකගේ සිත පවතින්නේ ඔන්න ඔය විදිහයි” කියලා.
අර තමන්ට සිතන්න ඕනෙ නම් අර ඉන්ද්‍රිය බල ධර්මයන් තියෙනවා නේ, ඒවා භාවිතා කිරීමෙන් සිතන්න පුළුවන්කම කියන එක තියෙනවා. අර සිත සාමාන්‍යයෙන් පවතින්නේ අර විශාල වෙලා තියෙන්නා වූ ස්වභාවය තියෙන්නේ, අන්න ඒකෙයි තියෙන්නේ. ආශ්‍රව නසලා ඔන්න ඔය විදිහටයි ඉන්නේ. අවශ්‍ය නම් අර ඉන්ද්‍රියන් භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් තමයි අර ඒ සිතෙනවා කියන එක මොකක් හරි ධර්ම කාරණාවක් හිතන එක. අර සල්ලයේ කතාව මට හිතන්න බැරි වුණා. මට හිතන්න පුළුවන්කම ආවේ, රහතන් වහන්සේ ඒ වෙලාවෙ මට කිව්වා “හිතන්න එපා” කියලා, ඕනෙ නැහැ කියලා, ඒ අවස්ථාවට මාව පුරුදු කළා. ඒක තමයි භාවනාව.