ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන්ගෙන සහම්පති බුදුපියාණන් දක්වා. ඒ පූජාව පැවැත්වූවාට පස්සේ, ඊයේ භාවනාව නැවතත් සිහි කළා.
අර පහළ 5.3 කියනකොට අපි දන්නවා අර සඤ්ඤාවේ ජරාව කියන ඒක. ඒ වෙනකොට මොකක් ද එකතු වෙන්නේ කියන එකයි මම බැලුවේ. අර මුලින් සඤ්ඤාවේ ජරාවක් තිබුණා. දැන් 5.3 වෙනකොට පල්ලෙහාට එනකොට තව මොනවා හරි ඕකට එකතු වෙලා තියෙන්නේ. අර මුලින් ජරාවට පත් වෙන්නා වූ රූපය නිසා සඤ්ඤා කොටසේ අගය තියෙනවා. මේක ඉදංසච්චය හරහා එනකොට එයා stamp කරනවා නේ. ඔය රූපයේ ස්වභාවය මම දන්නවා. නමුත් ඕකේ මෙන්න මේ කොටස හොඳයි කියලා කියන්න, මම දන්නවා ඕක මෙහෙමයි, හැබැයි මේ කෑල්ල හොඳයි.
අන්න ඒ වගේ අනුමත කිරීමක් මේකෙ සිදු කරනවා. එම කොටස සඤ්ඤාවට එකතු කරනවා කියන එක ආවා. මේ විදිහට මේ 5.3 වෙනකොට වෙනස් අර්ථයෝ එකතු කර ඇත. ඊළඟට ඒ වගේ ම line 6 එක හරහා එනකොට කුමක් මිච්ඡා දිට්ඨියට එකතු කරයි ද කියන එක බැලුවා. එතකොට එතෙන්දි මම බැලුවා යම් මාන අගයක් මෝහය මගින් එකතු කරනවා. මොන ආකාරයකට ද ඒක එකතු කරන්නේ. මානය ඇති වීමට පෙර උද්ධච්චය ඇති විය. අශ්‍රද්ධාව මගින් උද්ධච්චය විය. අශ්‍රද්ධාව ඇති වීම අනාදරය මගින් සිදු වුණා. අනාදරය අහිරිය මගින් සිදු වුණා. අනාදරය ඇත්නම්, මෙත්තා, කරුණා කතාවක් නෑ. අහිරිය ඇත්නම් තථාගත වචනය නොඅසයි.
එතකොට බුදුපියාණන් වහන්සේ පැවසුවට, ඔය කිව්වට ටිකක් පාණාතිපාතය කළාට කමක් නැහැ කියලා අර මිනිස්සුන්ගේ අදහස් තියෙන්නෙ. අන්න ඒ වගේ අර්ථ මිනිස්සු තුළ කිඳා බැස ඇත. දැන් “මෙත්තාව, රූපය නිසා වන හානිය නැති කිරීමටයි” කියා සහම්පති බුදුපියා පැවසූ වචනය මට සිහි වුණා එතෙන්දි. කරුණාව පෝතලිය සූත්‍රයේ මෙන් “වේදනාවේ ජරාව නිසා ඇති වෙන ප්‍රතිඵලයේ ආදීනවය වැළැක්වීමට අවශ්‍ය වන්නේ ය” කියන එක පැහැදිලි වුණා.
එතකොට මේ විදිහේ සතියක් තියෙනවා. මෙපමණකින් මේක නවතිනව ද කියන එක මම ඇහුවා. “නැතෙයි” කියන එක බුදුපියා පැවසුවා. විනොදනා පහාතබ්බා කියන එක අවශ්‍යයි. එතකොට අර area 1 නිසා area 4 වෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය area 1 ඉඳන් area 6 එකට. සංස්කාර අත්තා නොවීමට. එතකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒවා නැති වෙන්න ඕනේ.
අර විතක්කය තුළ, ඒ කියන්නේ අර සංකප්පය නේ. සංකප්පයට ඇති රාගය කියන එක නේ, එතකොට අර රූපයේ ජරාව කතාව තිබුණට මෙතන මේ සංකප්පයන්ගේ තිබෙන්නා වූ දේවල් මෙතන තියෙනවා. අන්න ඒ ටිකත් අපි අයින් වෙන්න ඕනේ. අර plan වලට ඇති වන රාගයන් කියන ඒවා අයින් වෙන්න ඕනේ කියන එක. ඒක තමයි ඒ භාවනාව, ඒකෙ නම, විනොදනා පහාතබ්බා කියන එක.